part 19 💏🥀

1.2K 211 40
                                    

  - Flashback -
- Two days before -

තේහ්‍යුන් pov :

සෙමීට මොනවා වෙලාද මන්දා.. එයා කොහොමද අප්පට එහෙම කතා කරන්නෙවත්... මොකක්ද මේකේ තේරුම... ඇත්තටම අප්පා ඒ වගේ දෙයක් කරලද... ආශ්.... කරන්නේ මොනවද කියලවත් මට හිතා ගන්න බැරුව හිටියේ...  එයා හිතන්නේ මාත් බොරු කාරයෙක් කියලද... මෙච්චර පන වගේ ආදරේ කරලා කොහොමද මගේ ආදරෙත් බොරුවක් කියලා කිව්වේ....

මම හැමදේම බොරු කියද්දී එයාගේ ඇස්වලින් බේරුන කඳුලු... සමාවෙන්න මැනික.. ඒත් මට තරහා ගියා... මට ඔයාට බනින්න ඕන උනේ නෑ.. මම දන්නවා මගේ ආදරේ ඔයාට දැනෙනවා කියලා.. ආයෙමත් ගිහින් එයාව තුරුල් කරගන්න ඕන උනත් මම එහෙමම ආවේ ගෙදර.. මොකද මට මේ ගැන අප්පගෙන් අහන්න ඕන උනා... මේ දේවල්වල ඇත්ත..

මම ගෙදර එද්දිත් අප්පා හිටියේ නෑ.. මම එහෙමම මගේ room එකට ගියා...  සෙමීගේ වචන මට තවම ඇහෙනවා වගේ... පොඩි කාලෙ ඉදන්ම අප්පා තමා මගේ වීරයා.. ඔම්මටයි මටයි පුංචිම දුකක්වත් දුන්නේ නෑ.. එයාට මිනීමරුවෙක් කියලා කියද්දී... ආශ්.... මට විශ්වසයි.. අප්පා ඒ වගේ කෙනෙක් නෙවේ..

එහෙම හිත හිත ඉද්දිම මටත් නොදැනි මට නින්ද ගිහින්... ඇහැරෙද්දිත් ගොඩක් හවස් වෙලා නිසා වොශ් එකකුත් දාන් පහලට එද්දිත් අප්පා ඇවිත් හිටියා...

"අප්පා...."

"පුතා... "

"මට දෙයක් දැන ගන්න ඕනේ..."

"මොකක්ද කොල්ලෝ..."

අප්පා හිටියේ sofa එකට වෙලා magazine එකක් බල බල.. මමත් ගිහින් sofa එකේම අප්පට එහා පැත්තෙන් වාඩි උනා...

"හෝසොක්ගේ අප්පා ගැන..."

"😳😳😳මොකක්.."

"ඇයි.. අප්පා දන්නවනේ මන් අහන්නේ කා ගැනද කියලා..."

"හ්...හෝසොක් කිව්වේ...ජ්...ජන්ගේ පුතාද..."

"ඔව්.. එයා තමයි.... අප්පා චේබාල්..මට ඇත්තම කියන්න.. මොකක්ද එදා උනේ.. අප්පද එයාලව මැරුවේ....ඇත්ත කියන්න අප්පා..."

"ඒත්...පුතා කොහොමද ඒවා දැන ගත්තේ..."

"එදා මම hotel එකේ perfomence එක කරන්න එක්කන් ආවේ  ගෑනු ලමයා හෝසොක්ගේ නංගි... හෝසොක් තමා හැම දෙයක්ම සෙමීට කියලා තියෙන්නේ.. එදා දේගුවල උන accident එක ගැන.. මම සෙමීට ආදරේ කරනවා අප්පා..  මේක නිසා අද මම එයාට පලවෙනි වතාවට කෑ ගැහුවා... අප්පා ගැන වැරදි දේවල් කියද්දී මට අහන් ඉන්න බැරි උනා... චේබාල් අප්පා.. මට හැම දේම කියන්න.. මට සෙමීව නැති කර ගන්න බෑ.. මේ දේවල් නිසා මට එයාව ඈත් වෙනවා බලන්න බෑ.. ඒ වගේම අප්පට විරුද්ධව කතා කියනවා අහන් ඉන්නත් බෑ...."

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now