part 18 💏🥀

1.4K 224 98
                                    

  තේහ්‍යුන් pov:

මම ජිමිනා එක්ක බලාගෙන හිටියේ ඉක්මනට රෑ වෙන්නේ කීයටද කියලා... ආශ්... වෙනදට ඉක්මනට යන වෙලාව අද නිකන් නැවතිලා වගේනේ.. කටුව එකම තැනද මන්දා..😑  ඉක්මනට මගේ මැනික ගාවට යන්න ඕනේ.. මගේ පන... දවස් ගානක් මම නැතුව දුකින් ඉන්න ඇත්තේ.. Mm.... I miss you ...

අමාරුවෙන් අමාරුවෙන් ජිමිනා එක්ක කියෝ කියෝ මම බලන් හිටියේ සෙමීගේ ගේ දිහා.. රෑ 12.30ත් පහු වෙලා...ගෙදර lights එකින් එක නිවෙන්න ගත්තා... මුලු ගෙදරම lights නිවුනත් එක room එකක විතරක් තවම lights දාලා... ඒ මගේ මැනිකගේ room එක.. එයා නිදියන්නේ නැද්ද.. සමහරවිට අඬනවද දන්නෑ...

"ජිමිනා... දැන්නම් හැමෝම නිදි වගේ.. මම යනවා.."

"හරි හරි.. මාට්ටු නොවී පලයන්... මම ඉන්න ඕනෙද..."

"මම කෝල් කරන්නම්...උබ එතකොට වරෙන්...

"ම්ම්...හරි එහෙනම්..."

ජිමිනා යනවත් එක්කම මම ශේප් එකේ තාප්පෙන් පැනලා ඇතුලට ගියා... එතන තිබ්බ ලොකු මල් පෝච්චියට නැගලා ජම්පින් පාරක් දාලා කොහොමහරි බැල්කනි එකට නැගගන්න පුලුවන් උනා...  ආශ්...මේ කෙල්ලනම්...😑 ජනේලෙවත් වහගෙන නෑ... ඕන මිනිහෙක්ට එතනින්  room එකට  ඇතුල් වෙන්න උනත් පුලුවන්... මම කර්ටන්ස්  අයින් කරලා බැලුවම තමා දැක්කේ මැනික ඇඳේ headbord එකට හේත්තු වෙලා violin එකත් අල්ල අල්ල පැත්තක් බලාගෙන ඉන්නවා...  එයා දුකින්.. මට මැනිකව දැක්ක ගමන් තේරුනා... මම පොඩ්ඩක් උඟුර පෑදුවේ එයාට ඇහෙන්න.. මම දැක්කා මැනික ටිකක් ගැස්සෙනවා.. 

"ක්...කවුද.."

"මැනික...."

එයා ටිකක් වෙලා පුදුමෙන් වගේ බිත්තිය දිහාම බලාගෙන ඉන්නවා... මන් හිතන්නේ එයාට තාම හිතා ගන්න බැරුවැති... මොකද ඉතින් සෙමී උනත් හිතයිද මේ මහා රෑ මම එයාගේ room එකට එයි කියලා...

"ත්....තේහ්‍යුන්ශි..."



සෙමී pov:

මම ඇඳට හේත්තු වෙලා කල්පනා කලේ තේහ්‍යුන්ශි ගැන... කිසිම තොරතුරක් නෑ... මාව බලන්න ආවේ නෑ.. කතා කලේ නෑ...  එයා කොහොමද එහෙම ඉන්නේ.. මාව දකින්නෙවත් නැතුව... එයයි මුලින්ම මගේ පස්සෙන් ආවේ.. එයයි මුලින්ම මට ආදරෙයි කිව්වේ.. එයාමයි මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති කෙරෙව්වේ... මම එයාට ආදරේ කරන්න පටන් ගත්තටත් පස්සේ එයා මෙහෙම කරන එක හරිද..?

•• ᗷᒪIᑎᗪ Romance ••  || Kth ||  (21+)  👀👄🍑 ||COMPLETE||Where stories live. Discover now