•Chapter 02•

1.4K 184 11
                                    

"රෝස් "

ජන්කුක්ගෙන් බෝතලේ ගත්ත කෙල්ලගෙ නම රෝස්.ජන්කුක්ට මොනවත් කියන්න නොදීම ඒ කෙල්ල බෝතලේ හිස් කරලා පැත්තකින් තිබ්බෙ  ජන්කුක් ෆුල් හොල්මන් වෙලා කෙල්ල දිහා බලන් ඉද්දි.

" ඒ රෝස්.මොකද මේ ? "

ජන්කුක් කෙල්ලගෙන් එහෙම අහද්දි කෙල්ල තමන් ඇදන් හිටිය ජැකට් එක ගලවලා අතට අරන් ඒක ජන්කුක්ගෙ අතින් තියලා ඩාන්සින් ෆ්ලෝ එකට යන්න හැදුවත් ඊට කලින් ජන්කුක් කෙල්ලගෙ අතින් අල්ලලා ඇදලා ගත්තා.

ඒ වෙලාවෙ කෙල්ලගෙ මූණ ජන්කුක්ගෙ මූණ ගාවින්ම වගේ තිබ්බ ආව ස්මෙල් එකත් එක්ක ජන්කුක් තේරුම් ගත්තා කෙල්ල කොච්චර ඩ්‍රින්ක්ස් අරන්ද කියන එක

"මැට්ටි මොකද මේ ? "

"තමුසෙ කවුද ආ මාව අතාරිනවා."

"තමුසෙ "

"ඔව් ඇයි ආ ? තමුසෙ මාව අතෑරියෙ නැත්තන් මන් තමුසෙට හොද වැඩක් කරනවා.අතාරිනවා මාව."

රෝස් ජන්කුක්ගෙන් අයින්වෙන්න දැගලුවත් ජන්කුක් කෙල්ලගෙ උරහිසෙන් හෙල්ලුවා.

" කැන් රෝස් බලනවා මන් දිහා.මොන අමාරුවකට මෙච්චර බිව්වෙ පිස්සියේ.ඇස් ඇරල මන් දිහා බලනවා."

ජන්කුක් කෙල්ලට කෑගැහද්දි කෙල්ල මොකක්හරි හේතුවක් නිසා කොල්ලගෙ වචන වලට අවනත වුනා.ක්ලබ් එකේ තිබ්බ ලයිට් වල එළියත් එක්ක කෙල්ල හීනියට වගෙ කොල්ලගෙ මූණ දිහා බැලුවා.
ඊට පස්සෙ කෙල්ලා හිනා වෙලා කොල්ලගෙ බෙල්ල බදාගත්තෙ ජන්කුක්ව ගොඩක් කාලෙක ඉදන් දන්න කෙනෙක් වගේ.

" අනා මගෙ මැට්ටා. ඔයත් ආවද ? "

"අනා අනා නෙමේ ඇනා."

ජන්කුක්ගෙන් ඈත් වෙච්ච කෙල්ල ආයෙ කොල්ලගෙ මූණ දිහා බලාගෙන හිනා වුනා.

"අපි නටමුකෝ."

"ඒක තමා දැන් අඩු.එනවා යන්න මාත් එක්ක."

"කොහෙද ?"

" දහඅට සන්නිය නටන්න.මගෙන් කන්නෙ නැතුව එනවා යන්න ගෙදර ."

ජන්කුක් එහෙම කියලා කෙල්ලට සැරවෙද්දි කෙල්ල හරියට පොඩි එකෙක් වගේ ජන්කුක්ට අවනත වුනා.

ජන්කුක් කෙල්ලව තමන්ට වත්තන් කරගෙන කෙල්ලව එක්කන් ආවෙ තමන්ගෙ කාර් එක නවත්තලා තියෙන තැනට.කොල්ලා එක අතක් කෙල්ලගෙ ඉනවටේ දාන් අනිත් අතින් කාර් එකේ ඉස්සරහ ශීට් එකේ දොර ඇරලා කෙල්ලව කාර් එකේ ශීට් එකෙන් ඉන්දෙව්වා .

" මොන මගුලකටද බිව්වෙ ? දැන් මන් කොහොමද මැට්ටි මෙහෙම එක්කන් යන්නෙ ඔයාව ගෙදර .කැන් අන්කල් මාව එල්ලයි."

"බලනවා ඉතින් ඇදන් ඇවිත් තියෙන එක.කොල්ලො කවුරුවත් දැක්කෙ නැති නිසා හොදයි.අනේ අම්මපා ඇත්තමයි .මොලේ කියලා දෙයක් නෑ.මැට්ටි කියන්නෙ නිකන් නෙමේනේ."

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ ජැකට් එක ගලවලා කෙල්ලගෙ ඇගට දැම්මා.මොකද ඒ වෙලාවෙ කෙල්ල ඇදන් හිටිය ස්කිනි එක පටි වලට අමතරව කෙල්ලගෙ බ්‍රා එකෙත් පටිය පෙනුන නිසා

"ඔයාගෙ මැට්ටට ඔයාව හම්බවුන එක හොදයි.නැත්තන් වෙන්නෙ මට දරු සුරතල් බලන්න තමා."

ජන්කුක් එහෙම කියද්දි කෙල්ල බිව්ව බීම එකේ සැර වැඩි නිසාම කෙල්ලට හොදටම නින්ද ගිහින් තිබ්බෙ.

නිදාගෙන ඉන්න රෝස් දිහා බලපු ජන්කුක් කෙල්ලට ශීට් බෙල්ට් එකත් දාලා ඩ්‍රයිවින් සීට් එකට නැග්ගා .

To be continue .

ජන්කුක් රෝස්ව එක්කන් කොහෙ යයිද දන්නෙ නෑ.බලමුකෝ .

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now