• Chapter 05 •

1K 169 25
                                    

After six years

අවුරුදු හයක් කියන්නෙත් ලොකු කාලයක්.ඒ වගේ කාලයක් ඇතුලෙදි අපේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.හිතුවෙ නැති අයත් අපේ ජීවිතේ කොටසක් වෙන්න පුලුවන් .

"ජන්කුක් අවුරුදු හයක් තිස්සෙ රෝස්ව හොයලත් අපිට තාම බැරි වුනානේ රෝස්ව හොයාගන්න."

" ඇමරිකා , ඕස්ට්‍රේලියා , කැනඩා අපි කොච්චරනම් රටවල් වල හෙව්වද කියපන්.අඩුම රෝස් ඉන්නවා කියන්න පොඩි හරි සාක්ෂියක් අපිට ලැබුනෙ නෑ."

"එයාව හම්බවෙනකන් මන් නවතින්න නෑ.මට ආදරෙයි කියලා නොයෙන්නම ගියා.මොන ලොකේ හිටියත් මන් එයාව හොයාගන්නවා."

මීට අවුරුදු හයකට කලින් වෙච්ච දේ කිව්වොත් රෝස් ජන්කුක්ට ආදරෙයි කියලා කිව්වට පස්සෙ ජන්කුක් යුන්ගි නම්ජුන් දෙන්නත් එක්කම කෙල්ලව ගන්න එයාපෝට් එකට ගියත් ඒ වෙනකොටත් රෝස් රටින් පිට වෙලා ඉවරයි.

ගතවෙච්ච අවුරුදු හයට ජන්කුක් රෝස්ව හෙව්වෙ නැති දිහක් නෑ.කොල්ල මේ අවුරුදු හය පුරාම කරේ කෙල්ලව හොයන්න මහන්සි වෙච්ච එක.ඒ වගේම තමා ගතවෙච්ච අවුරුදු හය නිසා කොල්ල තේරුම් අරන් තිබ්බෙ තමන් රෝස්ට ආදරෙයි කියන එක.

" මන් මහ මෝඩයෙක් බන්.මන් මීට අවුරුදු හයකට කලින් මේ හැගීම මොකක්ද කියලා තේරුම් ගත්තනම් තාමත් එයා මාත් එක්ක ඉන්නවා."

ජන්කුක් එහෙම කියන ගමන් තමන් ඉදන් හිටිය පුටුවෙන් නැගිටලා තමන් හිටියෙ රූම් එකේ තිබ්බ වීදුරු වලින් පෙනින ලන්ඩන් සිටි එක දිහා බලන් හිටියෙ තමන් ගැනම ලොකු කලකිරීමකින් .කොල්ල දැන් ලන්ඩන් වලට ඇවිත් මාස දෙකක් වෙනව.මේ වෙනකොට ජන්කුක් තමයි තමන්ගෙ අප්පගෙ හැම බිසනස් එකක්ම බලාගන්න.

යුන්ගි නම්ජුන් දෙන්නත් ජන්කුක්ගෙ කම්පැනි එකේම බිසනස් පාට්නස්ලා නිසා තමන්ගෙ ෆැමිලි එකේ අයත් එක්ක ලන්ඩන් වලට ආවා.

" අප්පා "

ලන්ඩන් සිටි එක දිහා බලන් ඉන්න ජන්කුක්ගෙ කකුලක් පුංචි අත් දෙකකින් බදාගනිද්දි කොල්ල බිම බැලුවෙ හිනා වෙලා.

" අප්පා අද සෝහා මමී එක්ක සූ එක බලන්න ගියා

ඒ පොඩි කොල්ලා හුරතල් විදිහට එහෙම කියද්දි ජන්කුක් අවුරුදු පහක් වගේ වෙච්ච පොඩි කොල්ලව වඩාගත්තා .

" ඒ කියන්නෙ බබා අප්පව දාල සූ එකට ගියා නේ."

ජන්කුක් එහෙම කියන ගමන් සෝහාගෙ කම්මුලට පෙක් එකක් දුන්නා .

" එතකොට මගෙ සෝ බබා අප්පගෙ ඔෆිස් එකට ආවෙ කාත් එක්කද ? "

" මමී එක්ක."

" මමී එළියෙ ඉන්නවද ? "

"ඕ අප්පා."

"එහෙනම් පැටියෝ මමීව එක්කන් එන්නකො ඇතුලට .අප්පට ඔයාගෙ මමී එක්ක කතා කරන්න දෙයක් තියෙනවා ."

ජන්කුක් එහෙම කියලා සෝහාව බිමින් තියද්දි පුංචි කොල්ල තමන්ගෙ මමීව එක්කන් එන්න දුවගෙන ගියා.

ඒ වෙන දේ දිහා යුන්ගි නම්ජුන් දෙන්නම් බලන් හිටියෙ වෙන්නෙ මොනාද කියලා හිතාගන්න බැරුව.

To be continue

රෝස් කොහෙද දන්නෙ නෑනේ.

එතකොට ජන්කුක් මැරි කරලද මන්දා 😁😁😁

සරංහේ
Bunny Queen
💜️💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now