• Chapter 04•

1K 179 11
                                    

ජන්කුක් යන දිහා බලන් හිටියෙ රෝස් ජන්කුක් කාමරෙන් යන්න කලින් කොල්ලගෙ නම කියලා කතා කරා.

"කුකී.ඔයා මට ආදරේද ? "

රෝස් එකපාරටම ජන්කුක්ගෙන් එහෙම දෙයක් අහද්දි කොල්ල  හිටිය තැනම නැවතිලා කෙල්ල දිහා හැරිලා බැලුවා.

" මන් මැට්ටිට ආදරෙයි .හැබැයි යාලුවෙක් විදිහට ."

ජන්කුක් එහෙම කියන ගමන් හිනා වෙලා කිසිම ගාණක් නැතුව පල්ලෙහට යද්දි රෝස්

" ඒත් මන් ඔයාට ආදරේ කරන්නෙ එහෙම නෙමේ ජන්කුක් .ඔයා හැමවෙලේම මාව තේරුම් ගත්තා.හැබැයි ඇයි ආදරේදි විතරක් ඔයාට මාව තේරෙන්නෙ නැත්තෙ.මගෙ හිතේ ඔයා ඉද්දි වෙන කෙනෙක්ට ඒ තැන දෙන්න මට බෑ කුකී .

ඔයා මාව යාලුවෙක් විදිහට විතරක් සලකද්දි මට ඔයාට තවත් යාලුවෙක් වගේ සලකන්න බෑ.ඒ වගේම ඔයාට දෙන්න ඕන දේවල් මට වෙන කෙනෙකුට දෙන්නත් බෑ.ඒක නිසා මට සමාවෙන්න ."










































After one week.

" ඇයි රෝස් මගෙ කෝල් ආන්සර් කරන්නෙ නැත්තෙ ? "

ජන්කුක් එහෙම කිව්වෙ තාමත් රෝස්ට කෝල් එකක් ගන්න ට්‍රයි කරන තමන්ගෙ යාලුවො දෙන්න දිහා බලන ගමන්.

"හෙට වෙඩින් එකනෙ යකෝ ඒකිගෙ.මොන මගුලක ගිහින්ද ? ගෙදරත් නෑ.යුනිවර්සිටි ආවෙත් නෑ සතියකින්."

යුන්ගි එහෙම කිව්වෙ නම්ජුන් දිහා බලන ගමන්.

" ඒකි වෙඩින් එකට අකමැතිද කුකී."

"කලින් අකමැත්තෙන් හිටියෙ ඒත් කැමතියි කිව්වෙ.මේ කෙල්ල මාව බය කරනවා.ප්ලීස් පික අප්ද ෆෝන් රෝස්."

ජන්කුක් එහෙම කියන ගමන් ආයෙත් රෝස්ට කෝල් ගන්න ට්‍රයි කරා.ජන්කුක් රෝස් ගැන වදවෙන දිහා බලන් හිටියෙ යුන්ගි

"ජන්කුක් "

"හ්ම් "

"උබ රෝස්ට ආදරෙයි නේද ? "

"ඔව්.ඉතින් ඒ ඉන්නෙ මගෙ යාලුවනේ."

" නෑ ජන්කුක් .යුන්ගි කිව්ව කතාව හරි .උබ රෝස්ට ආදරේ කරනවා."

"විකාර කියවන්නෙ නැතුව ඉන්නවා .රෝසුයි මායි දෙන්න හොදම යාලුවො එච්චරයි .අපි අතර වෙන මොනවත් නෑ."

"එහෙනම් මොකටද හැම පොඩි දේකින්ම රෝස්ව උබ ආරක්ෂා කරේ.රෝස්ට පොඩි හරි සීරිමක් හරි වුනොත් කාටවත් වඩා රිදෙන්නෙ උබට.
උබ කවදාවත් උබේ කලින් girlfriend  ල ගැනවත් මෙච්චර වද වෙලා නෑ.හොයලත් නෑ.උබ දැන්වත් පිලිගන්න ඕනෙ උබ රෝස්ට ආදරේ කරනවා කියලා."

යුන්ගි ජන්කුක් දිහා බලාගෙන එහෙම කියද්දි ජන්කුක්ට යුන්ගිට කියන්න උත්තර කටට ආව නිසා.

" උබට ආදරේ කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති නිසායි රෝස් ගැන තියෙන හැගීම උබට තේරෙන්නෙ නැත්තෙ."

" උබලට පිස්සු එහෙම මොනවත් නෑ."

ජන්කුක් තව මොනාහරි කියන්න ගියත් ඒ වෙලාවෙ රෝස් ජන්කුක් ගත්ත කෝල් එක ආන්සර් කරා.

" කුකී "

"ආශ් මැට්ටි කොහෙද ඉන්නෙ කියනවා.කීයෙ ඉදන්ද කෝල් ගන්නෙ මම."

" එයාපෝට් එකේ ඉන්නෙ කුකී."

"එයාපෝට් ඒ මොන එකටද? "

" මට එයාව මැරි කරන්න බෑ කුකී.මට සමාවදෙන්න ඔයා."

"සමාවදෙන්න. ඒ මොකටද ? "

"මන් ගන්න තීරණේට.ඔයාලව දාලා යනවට.විශේෂයෙන්ම ඔයාව.මට ඒකට සමාවදෙන්න ."

"යන්න.කොහෙ යන්නද ? ඔහොම ඉන්නවා මන් එනකන්."

" ෆ්ලයිට් එකට වෙලාව හරි කුකී.මට යන්න වෙනවා දැන්.ඔයා මාව හොයන්න එපා.පරිස්සමෙන් ඉන්න."

" මැණික අහන්නකෝ.මැරේජ් එකට අකමැතිනම් මම අන්කල්ට කියන්න.හොද ළමයා වගේ මන් කියන දේ අහලා ඔහොමම ඉන්න.මන් ඉක්මනට එන්නම්"

" මට සමාවෙන්න කුකී.මාව හොයන්න එපා.මන් දැන් ඔයාට කියන්න යන දේ හින්දා මාත් එක්ක තරහ වෙන්න එපා.සමහරවිට මන් මේ ඔයා එක්ක කතාකරන අන්තිම පාර වෙන්න පුලුවන් ."

" තමුසෙ මගෙන් මැරුන් කනවා රෝස් කොරියාවෙන් එළියට ගියොත් .ඔහොම ඉන්නවා මන් එනකන්.විකාර කරන්නෙ නැතුව."

" I love you Jungkook."

රෝස් එහෙම කියන ගමන් කෝල් එක කට් කරේ ජන්කුක්ට මොකුත්ම කියන්න නොදී.

To be continue .

ඔන්න ඉතින් රෝස් ජන්කුක්ට එයාගෙ හැගීම කිව්වා.

සරංහේ
Bunny Queen
💜️💜️💜️

•My True Love ||JJK||(Complete)Where stories live. Discover now