𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 03

308 66 4
                                    

Just Imagine 🥀__________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Just Imagine 🥀
__________________________________

ජන්ග්කුක් කේක් ශොප් එකෙන් ඉක්මනින් පිටවෙලා ආවේ ශොප් එක ඉස්සරහම තිබුනු විලෝ ගහ ලගට . විලෝ ගහ ලග තිබුනු බෙන්ච් එකෙන් ඉදගත්ත ජන්ග්කුක් ඇස් දෙක වහගන ශීත ඍතුවෙ හමන සීතල හුලග වින්දා .

Jungkook pov

තාත්තේ.....

කොහෙද තාත්තෙ ඔයා මාව දාලා ගිහින් හැංගුනේ . කුකිට බයයි තාත්තෙ . කුකිට රිදෙනවා . කොහොමද මම ඉස්සරහට මගෙ මල්ලිව බලාගන්නෙ . මගෙ ලග සල්ලි නැ . ජොබ් එකක් නැ . මොකක්ද තාත්තා මම කරන්නෙ.
සීතල මාලිගාවක හැංගිලා ඉන්නෙ නැතුව එන්නකො තාත්තෙ ඔයා හැදුව පුංචි මාලිගාවට . කුකිට ශක්තියක් වෙයි ඒක ....

මං මෙහෙම හිතින් හිතුවත් මං දැනන් හිටියා මගෙ තාත්තා ආය කවමදාවක්වත් එන්නෙ නැ කියලා . වුන දේ වුනා . අඩලා වැඩක් නැ කියලා මං දන්නවා . මොකද ඇඩුවා කියලා ප්‍රශ්න විසදෙන්නෙ නැ නෙ . අනිත් එක මගෙ කදුලු කවුරු care කරන්නද ? කවුරු මේ කදුලු පිහදාන්නද ?

ටික වෙලාවක් විලෝ ගහ ලග බෙන්ච් හිටිය මං ඊලගට මොකක් ද කරන්නෙ කියලා හිතුවා . අවුරුදු 22 ක මාව මේ ශොප් එකේ අයිතිකාරයා තරු පහේ හෝටලයක් ඉස්සරහ බඩගින්නට කන්න දෙයක් ඉල්ලන බල්ලෙක්ව පන්නලා දානවා වගේ අයින් කරලා දැම්මෙ .

හිතට දුකක් දැනුනත් මං හෙමින් ශර්ට් එක ගලවන්න ගත්තා . අර සර් හලපු උණු කොෆී එක නිසා මගේ පපුව ටිකක් පිච්චිලා තිබුනෙ . ඒත් මොනවා කරන්නද .මං වගේ දුප්පත් කෙනෙක්ට මේ දේවල් වලට කතා කරන්න පුලුවන්ද ?

ශර්ට් එක ගලවලා සාක්කුවෙ තිබුනු ලේන්සුව අරන් මං පපුවෙ තිබුනු කොෆි ටික පිහදැම්මා .

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now