𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 05

467 85 45
                                    

Morning 🥀

ඉර එළිය තවමත් වෙනදා වගේ කාමරේ තිබුනු ජනෙල් තිර අතරින් අද ඇවිත් නැහැ . සීතල හුලං රැලි එලියෙ තියන චෙරි මල් ගහේ පාලනයක් නැතුවම ගමන් කරනවා කියලා මට හිතුනෙ මගෙ මෝචී තවත් එයාගෙ බූල් පිරුණු ශීට් එකට ගුලි වෙනවා දැනුනු නිසා .

හෙමින් හෙමින් ඇදෙන් බැස්ස මම මගෙ කොට්ටෙත් මෝචි ලගින් තියලා මම පොරවන් හිටිය පුංචි බෙඩ්ශීට් කෑල්ලත් මෝචිට පොරවව්වා.

ඉස්සර වගේමයි තාමත් එයා උණුහුමට ලෝභයි . බෙඩ් ශීට් දෙකට ගුලි වෙලා ඉද්දි ඇත්තමයි එයා මෝචීයක් වගේමයි .

ඊට පස්සෙ මං ඉක්මන්ට නාගන්න කියලා බාත්රූම් එකට රිංගුවා . උදේ පාන්දරම සීතල වතුර ඇගට වැටෙනකොට දැනෙන හැගීම විස්තර කරන්න ගොඩක් අමාරුයි .

ඒත් මං ඒ හැගීමට හරි ආසයි . මොකද එතකොට මට දැනෙනවා මේ තවත් අලුත් ආරම්භයක් කියලා ! මේ තවත් අලුත් බලාපොරොත්තුවක් කියලා ! මගෙ හිත කෑ ගහනවා වගේ දැනෙන මේ හැගීමට ඔව් ~ මම ආදරෙයි ඒ හැගීමට !

නාලා ඉවර වෙලා උදේට බොන්න කිරි එක හදලා ඊයේ හවස එද්දි ගෙනාව කුකිස් බොක්ස් එකත් අරන් මං ජිමින්ව ඇහැරවන්න ගියෙ මං ලෑස්ති වෙලා යන්නත් ඕනි නිසා .

මෝචී ! ගුඩ් මෝනිං පැටියෝ .මේ කිරි එක බොන්න නැගිටින්නකෝ !

හියුන්ගි උදේන්ම නැගිට්ටද?

ඇගමැලි කඩමින් ඇහැරුණ ජන්ග්කුක්ගෙ මෝචී බෝලේ කතා කලේ ආයමත් එයාගෙ බූල් පිරුණු බෙඩ්ශීට් එක අස්සට ගුලි වෙන ගමන් .

අද අලුත් රස්සාවකට යන්න එපැයි මෝචි ... ඉතිං හියුන්ගි ලෑස්ති වෙන්න එපැයි ....

ඔහ්හ්හ් හියුන්ගි මෝචිට අමතක වුනා . කෝ කෝ දෙන්න දෙන්න ඉක්මන්ට කිරි එක ... හියුන්ගි ට ලෑස්ති වෙන්න මෝචීත් උදව් කරන්නම් ...

ජිමින් එහෙම කියලා ජන්ග්කුක්ගෙ අතේ තිබුනු එයාගෙ කිරි එකයි චොක්ලට් කුකිස් දෙක්කුයි එක්ක ඉක්මන්ට කිරි එක බීලා ඇදෙන් බැස්සා නෙවෙයි ~ පැන්නා .

ROSE FRÍA💕||TAEKOOK Where stories live. Discover now