💕 << 03. >> 💕

318 73 25
                                    

ඒත් එක්කම ජිමිනාට කතා කලේ මේ නිනි ගැන හරියටම හොයාගන්න හිතාගෙන...

Nini pov.

එයා ආයෙම කොෆී ගේන්න එපා කියනකොට ඇත්තටම මට තරහ ගියා...මන් ඒත් මොකුත් නොකියා ආයෙම එයාට juice එකක් හදාන එන්න ගියෙ අර කොෆී එකත් අරන්...මන් ඇත්තටම මහන්සියෙන් ඉන්නෙ දැන්...මට මේ විදියට හැමදාම වැඩ කරන්න වෙයිද...එහෙම උනොත් මට අමාරු වෙයිනෙ...මම දිග හුස්මක් පිට කරලා ආයෙම juice එකක් හදන්න ගත්තෙ ටේහ්‍යොන් කොෆී බොන්න අකැමැති ඇයි කියලා හිතන ගමන්...ඒත් මේ ඉන්නෙ මගෙ ජන්හ්‍යොන් ...ඒත් ජන්හ්‍යොන් කොෆී බොන්න ආසායිනෙ...එයා මාව රිද්දන්න මෙහෙම මගෙ ඉස්සරහට ආවද කියන එක මට ප්‍රශ්නයක්..ඒත් මගෙ ජන්හ්‍යොන් එහෙම කරන්නෙ නෑ මන් දන්නවා...ඒත් එක්කම මගෙ මූනට හිනාවක් ආවෙ එයා මට ආදරෙයි කියපු මුල්ම දවස මතක් වෙලා....




Flashback.

අදත් එයා එන එකක් නැද්ද...මන් මෙහෙම පදුරු අස්සෙ හැංගිලා බලන් ඉන්න්වා එයා දැක්කොත් ලැජ්ජාවෙ බෑ...එයා එනවද කියලා මම මම වැඩ කරන කැෆේ එක එහාපැත්තෙ තියෙන ලොකු පදුර අස්සෙ ඉදන් බලන් හිටියෙ එතන ඉන්න චූටි චූටි සත්තුන්ටත් බැන බැන...ඒත් එක්කම මට හයියෙන් හැචින් එකක් ගියෙ මගෙ නහය උඩ චූටි සතෙක් වහද්දි...ඒත් එක්කම මගෙ ඇස් ගියෙ ඈතින් එන මගෙ ප්‍රින්ස් දිහාට...එයා අදත් එනවා...අදනම් මන් එයාට කියනවමයි...මන් එයා දිහා බලලා මගෙ අතේ තිබුන ලියුම දිහා බැලුවෙ හිනා වෙලා...ඒත් එක්ක එතනින් එලියට යන්න බැලුව මගෙ පිටෙන් එක පාරටම කවුද අතක් තිබ්බෙ මගෙ ඇස් ලොකු වෙද්දි...කවුද ඒ...මන් හිමින් පිටිපස්සහ හැරෙනකොටම මගෙ කොන්ඩෙ ඒ පදුරෙ ඇමිනිලා මගෙ කකුල ලිස්සද්දි...ඒත් මන් වැටෙන්න කලින් ඒ පිටිපස්සහින් හිටිය කෙනා මාව අල්ලගත්තෙ මගෙ ඇස් ලොකු වෙද්දි...ම්වෝ...එයා...



මගෙ ඇස් දෙක ලොකු වෙනවත් එක්කම එයා එයාගෙ බොක්ස් හිනාව දැම්මෙ මගෙ හදවත ගැහෙන වේගෙ වැඩි වෙනකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මගෙ ඇස් දෙක ලොකු වෙනවත් එක්කම එයා එයාගෙ බොක්ස් හිනාව දැම්මෙ මගෙ හදවත ගැහෙන වේගෙ වැඩි වෙනකොට...ඒත් එක්කම එයා මගෙ ඉනෙන් අල්ලලා එයාගෙ ලගට ඇදලා ගත්තෙ මගෙ හදවත එලියට පනින්න තරම් වේගෙන් ගැහෙද්දි...මන් එයාගෙ උරහිසින් අල්ලගන්නකොට එයා හිමින් මගෙ දිග කොන්ඩෙ අර අත්තෙන් ගලවන්න ගත්තෙ මගෙ බෙල්ල ලගින් ඔලුව දාලා...මගෙ ඇස් මම තද කරලා පියාගත්තෙ මගෙ හදවතේ සද්දෙ එයාට ඇහෙයි කියලා බයේ...

"ස්ස්...ආව්..."

"පොඩ්ඩක් ඉන්න...ඔයා ඇයි මේ පදුරු අස්සෙ අදත් රිංගුවෙ..."

මගෙ කොන්ඩෙ හිමින් හිමින් ගලවන ගමන් එයා ඇහුවෙ හිනා වෙවී...ඒ කියන්නෙ එයා කලින් ඉදන් දැනන් ඉදලා ...ඒත් කොහොමද ...

"මම දන්නෙ ඔයා මට කොෆී සේව් කරන්න එද්දි හැමදාම ඔය දිග කොන්ඩෙ මේ රොඩු තියෙනවා දකින නිසා..."

දෙයියනේ...මගෙ කොන්ඩෙ හිමින් ගලවලා ඉවර කරලා එයා මාව අල්ලන් හිමින් එතනින් එලියට ඇවිත් හිට ගත්තෙ මන් ලැජ්ජවෙන් පුපුරන්න ඔන්න මෙන්න ඉද්දි...ඒත් එක්කම එයා මගෙ ලගින් හිටගෙන මගෙ කොන්ඩෙ තිබුන රොඩු හිමින් අයින් කලේ මන් එයාගෙ ඇගිලු තුඩුවල සනීපෙට ඇස් පියාගනිද්දි....

'මට දෙන්නනෙ නේද මේක ගෙනාවෙ...මන් දැක්කා...කෝ දෙන්න බලන්න..."

මගෙ කොන්ඩෙ හදලා ඒ ගමන්ම මගෙ අත එයාගෙ අතින් අල්ලන් මගෙ අතේ ගුලි වෙලා තිබුන ලියුම බලෙන්ම ගත්තෙ මන් ලැජ්ජාවෙන් එයා දිහා බලන් ඉද්දි...

"මට මේක කියවන්න කලින් මගෙ චූටි බෝලෙට කියන්න දෙයක් තියෙනවා.."

එයා මගෙ ලියුම එයාගෙ සාක්කුවට දාගෙන මගෙ අත් දෙකෙන්ම අල්ලන් මගෙ මූනට එබුනෙ මන් ඇස් ලොකු කරන් එයා දිහා බලන් ඉද්දි...මට දැනුනා මගෙ කම්මුල්වලට ලේ පිරීගෙන එනවා වගේ...මන් එයාගෙ ඇස් මග ඇරලා වෙන දිහාකට මගෙ ඇස් හැරෙව්වෙ තිබුන ලැජ්ජාවටමයි...

"සරංහේ මගෙ චූටි බෝලේ..."


End of flashback .

ඒ අතීතය මතක් වෙලා මගෙ ඇස්වලින් ගලපු කදුලු පිහිදලා මන් හිනා වෙලා මගෙ බඩ අතගෑවෙ අර juice එක අරන් ටේහ්‍යොන් sir ගෙ office  එකට යන ගමන්...

.
.
.

හලී මට කියන්න ඔයාලට මේක පැටලෙනවා වගේද...🥲👉👈

හරි ලමයි අනිත් එක ඉක්මනටම අරන් එන්නම්

Vote and comment ඕනී...

#kimsoehyunbby❤️


HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now