💕 << 06. >> 💕

273 74 10
                                    

ගියපු ගමන් මන් වොශ් එකක් දාගෙන රාමෙන් එකක් කාලා කැලැන්ඩ එක ලගට ගියෙ clinic එකේ ඩේට් කවද්ද බලන්න...ඩේට් අනිද්දා...මම දිග හුස්මක් පිට කරලා ගිහින් ඇදෙන් ඉදගත්තෙ මගෙ අත ඒ ඇද පුරාම හිමින් අරන් යන ගමන්...

"පාලුයි මට ....ඔයා නැතුව පාලුයි රත්තරනේ ..."

අමාරු උනත් මම හිනා වෙලා කිව්වෙ එයාව මට හැම වෙලේම මතක් වෙන නිසා...හරි මහන්සියි මට ඔයා නැතුව ජීවත් වෙන එක...ඒකත් ඔයා මගෙ ඇස්පනා පිටම මෙහෙම හැසිරෙන එකෙන් මගෙ පපුව පැලිලා යන්න තරම් වේදනායි ජන්හ්‍යොන් ....මම හිමින් නැගිටලා ගිහින් මගෙ දිග කොන්ඩෙ පීරගත්තෙ නිදාගන්න යනකොට හැමදාම මගෙ කොන්ඩෙ ගොතන්න කියලා එයා කියපු එක මතක් වෙලා...


Flashback.

මන් ජන්හ්‍යොන් එක්ක වොශ් එකකුත් දාලා කාමරේට ආවෙ නිදාගන්න ඇදට පනින්න උනත් මන් ඇද ලගට යනකොටම ජන්හ්‍යොන් ඇවිත් මාව අල්ලගත්තෙ මන් ගැලවෙන්න දගලද්දි...මොකද ඒ වෙද්දිත් මන් හොදටම නිදි මතෙයි හිටියෙ...

"යාහ් කිම් ජන්හ්‍යොන් !!!! මට නිදිමතයි අනී...අතාරින්නකෝ..."

මම අන්තිම ටික හිමින් ඇදලා කියද්දි එයා හිනා උනේ මන් එහෙම්මම එයාගෙ උරහිසින් ඔලුව තියන් ඇස් පියාගන්නකොට...

"ම්...මේකයි මගෙ බෝලේ...ඔයා කොන්ඩෙ හරියට පිහගෙන නෑනෙ...අපි වේලන් එහෙම නිදාගමු හරිද..."

"ම්ම්..."

  මම එයා කියපු දේට මන් හ්ම් කියලා ඇස් අරින්නෙ නැතුව ඒ විදියටම හිටියෙ අද දවසම අපි දෙන්නම හුගක් මහන්සි උන නිසා...මට වෙලාවකට පුදුමයි ජන්හ්‍යොන් ඔයා ගැන...කොහොමද ඔහොම මහන්සි වෙන්නෙ මැණික ඔයා...එහෙම අහන්න හිතුනත් එයා අකමැති උනා එයගෙන් එහෙම අහනවට...අපි දෙන්නම මේ වෙනකොටත් ඩිග්‍රි එක සම්පූර්ණ කරලා තිබුන නිසා අපි දෙන්නටම ජොබ් කරන්න පුලුවන් උනත් මම කොෆී ශොප් එකේමයි වැඩ කලේ...ජන්හ්‍යොන් කවදාවත් මට එයා වැඩ කරන තැන ගැන කිව්වෙ නෑ...ඒ ඇයි කියලා මන් ඇහුවෙත් නැත්තෙ එයා ඒ ගැන අහනවට අකැමැති උන නිසා...මාව උස්සගෙනම කන්නාඩි මේසෙ ලගට ගියපු එයා මාව එතන පුටුවෙන් ඉන්දලා කොන්ඩෙ හිමින් පිහදන්න ගත්තෙ එයාගෙ ගැබුරු ලස්සන කටහඩින් සිංදුවක් මුමුනණ ගමන්...මමත් ඒ සිංදුවෙ ලස්සනටයි මගෙ කොන්ඩෙ පිහිදන විදියටයි දැනුන සනීපෙට ඇස් පියාගත්තෙ හින වෙලා...

"චූටි බෝලෙ...මට පොරොන්දු වෙන්න ඕනෙ ඔයා මොනම හේතුවක් උනත් කොන්ඩෙ හොදට පිහිදලා පීරගෙන නිදාගන්නවා කියලා...අරස්සෝ..?"

"ජන්හ්‍යොන්...ඇයි ඔයා මගෙන් මෙච්චර පොරොන්දු ගන්නෙ..."

මෙච්චර වෙලාවක් මගෙ කොන්ඩෙ පිහිදපු එයාගෙ අත් අල්ලන් මන් ඇහුවම එයාගෙ හිනාව නැති වෙලා ගියෙ මන් බලන් ඉද්දිමයි...ඒත් ආයෙම මගෙ නලලට එකක් ඇනලා හිනා වෙවී මගෙ කොන්ඩෙ පීරන්න ගත්තෙ මන් එයාගෙන් ඇයි අහන්න වගේ බලන් ඉද්දි...

"මේකනෙ මැණික ...ඔයා මට දෙන පොරොන්දු කඩන්නෙ නෑනෙ...ඒ නිසා අනේ..."

හිනා වෙවීම මමත් ඔලුව හෙල්ලුවේ මන් එයාට දෙන පොරොන්දු පණ වගේ රකින නිසා...

End of flashback .

කොන්ඩෙ පීරලා මන් නිදා ගත්තෙ එයා එක්ක ජීවත් උන අවුරුදු දෙක මන් කොච්චර සතුටින් ගෙව්වද කියලා හිතන ගමන්...පහුවදා උදේම මන් නැගිටලා ඔෆිස් එකට ගියේ ටේහ්‍යොන් sir කලින් එන්න කියපු නිසාමයි...මන් යද්දිත් වැඩ කරන අය කීපදෙනෙක් විතරක් ඇවිත් හිටිය නිසා මන් ටේහ්‍යොන් sir ගෙ කැබින් එක ටිකක් අස් පස් කරලා දැම්මෙ එතන නිකන් පිස්සන් කොටුව වගේ තිබුන නිසා...ඒත් එක්කම මන් දැක්කෙ පුංචි පිංතූර රාමුවක්...ඒක මට පෙනුනෙ නැත්තෙ ඒක අනිත් පැත්තට හරවලා තිබුන නිසා...මන් ඒකට අත තියද්දිම දොර හයියෙන් වැහුනෙ මගෙ අත ගැස්සිලා මන් එතනින් අත ගන්නකොට....

.
.
.

හීහී කෝමෙයි ඉතින් chapters 20යි වැඩිය නෑ....ඉක්මනට දීලා ඉවර කරනවා..😘

හිතෙන දෙයක් කියන් යන්න...

Vote and comment දාගෙන යන්න..

බායි..

#kimsoehyunbby.❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now