💕 << 11. >> 💕

278 68 16
                                    






ඒකටනම් මගෙ කම්මුල් රත් වෙලා ගියෙ එයා කට කොනෙන් හිනා වෙද්දි...මම ආයෙම එයාගෙ පපුවට තුරුල් උනේ කියාගන්න බැරිතරම් සතුටක් මගෙ හිත පුරා ගලන් යද්දි..



After few months.

මාස ගානක් ඔව්...දැන් හරියටම මගෙ ජන්හ්‍යොන් අහ් නෑ...මගෙ ටේහ්‍යොන් මට ආයෙම හම්බවෙලා මාස හතරක්...මෙ මාස හතරට එයා එකම එක මොහොතක්වත් මාව තනිනොකර බලාගත්තත් මාව එයා ඉන්න apartment එකට අරන් ගියෙ නෑ....ඒකට මට පොඩි දුකක් තිබුනත් ඒක නැති උනේ අද එයා මාව අපේ ගෙදරටකට එක්කන් යන නිසා....මගෙ පැටිය...එයා බෝයි කෙනෙක්...මගෙ ටේහ්‍යොන් තවම එක දන්නෙ නෑ...එයත් හැබැයි කියන්නෙ බෝයි කෙනෙක් කියලා...මන් ඒක අපේ 3years anniversary එක ඒ කිව්වෙ එයාගෙ birthday එක දවසට කියන්න හිතන් ඉන්නෙ...පුරුදු විදියටම මම ලෑස්ති වෙලා company එකට ගියෙ මගෙ ඉස්සරහට ඇවිත් තියෙන බඩෙනුත් අතක් තියාගෙන...කොහොම උනත් මට මගේ ජන්හ්‍යොන්ව මතක් වෙනවා...එයා ඉස්සර හිටිය විදියට නෙමෙයිනෙ දැන් ඉන්නෙ...

"නිනී....ඔ...ඔයා...මේ...එන්නකො මාත් එක්ක.."

මම හිමින් ඇවිදන් යනකොට ජිමින් ඔප්පා මාව දැකලා office එක දිහාත් බල බල එක්කන් යන්න හැදුවෙ මන් එයා දිහා බලන් ඉන්නකොට...ඒත් ඇයි ජිමින් ඔප්පා මෙහෙම මාව එක්කන් යන්නෙ...ඒ නිසාම මන් මගෙ අත එයාගෙ අතෙන් ගලවන්  හිටගත්තෙ එයා කලබලෙන් වටපිට බලනකොට...

"වේ ජිමින් ඔප්පා...?"

"අහ් අනී...නිනී අපි දෙන්නා කැන්ටින් එක පැත්තට යමුද...ටේහ්‍යොන්ට කෑම එකකුත් අරන් අනී කොෆී ..යාහ් නිනී!!"

ජිමින් ඔප්පා කියාන යන විදියට මට තේරුනා මොකක් හරිම දෙයක් මෙතන තියන බව...මන් ඒ නිසාම එයා කියන එක අහන්නෙ නැතුව ටිකක් ඉක්මනට ඇවිදන් ටේහ්‍යොන්ගෙ office එකට ගියෙ ජිමින් ඔප්පා මගෙ පස්සෙන්ම එද්දි...මන් දොර අරිනවත් එක්කම මන් දැක්කෙ මුලු රූම් එක පුරාම තියෙන බැලූන්...මම මගෙ එක අතකින් කටත් වහන් අනිත් අතෙන් බඩ අල්ලන් රූම් එක මැද්දෙ කේක් එකක් තිය හිටිය ටේහ්‍යොන් දිහාට හැරුනෙ ඇස්වලින් කදුලු කැට එක දෙක වැටෙනකොට....

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now