💕 << 07. >> 💕

282 70 13
                                    


"තමුසෙ මොනාද කරන්නෙ..!!අයින් වෙනවා ඔතනින්...!!"

"මියන්හේ sir..මම මේ...අස් කර--"

"තමුසෙට මන් කිව්වද මගෙ කැබින් එක අස් කරන්න කියලා නෑනෙ නෑනෙ නේ කියනවා !!!"

මම හිමින් කියද්දි එයා හයියෙන් කෑගහගෙන මන් ලගට ආවෙ මන් බයෙන් පස්සට වෙනකොට...ඒ ඇස් ගිනිගන්නවා වගේ...හරිම නපුරු පාටයි...මන් ජන්හ්‍යොනව මේ තරම් තරහින් කවදාවත් දැකලා නෑ...මම බයටම පස්සහට ගිහින් බිත්තියෙ වැදෙනකොට මට ඉබේම පස්සහ බැලුනෙ එයා දිහත් බලලා...

"කියපන් ඉතින්...!!"

"ආහ්...නෑ නෑ අනේ අනේ මට මෙහෙම කරන්න එපා ජන්හ්‍යොන් "

එයා ආයෙම කෑගහලා මගෙ කොන්ඩෙන් ඇදලා අරන් මූනට එබෙද්දි මන් තදට ඇස් පියන් හිමින් කිව්වෙ එයාට ඇහෙන තරමට...එයාගෙ අතින් මගෙ කොන්ඩෙ හිමින් අතෑරෙද්දි මන් එහෙමම බිත්තිය දිගේ රූටලා බිම ඉදගත්තෙ මගෙ බඩත් අල්ලන් අඩන ගමන්...මට රිද්දන්නෙ ඇයි මැණික ...මට විතරක් නෙමෙ ඔයා අපි දෙන්නගෙ පැටියටත් රිද්දනවා...මන් ඉකිගහ ගහ අඩනකොට එයා අඩියක් දෙකක් පිටිපස්සහට විසි වෙලා ගියෙ මන් අඩන ගමන් එයා දිහා බලද්දි...එයා කොන්ඩෙන් ඇදගෙන එතන තිබුන මේසෙට ගහලා බිම ඉදගත්තෙ මන් පුදුමෙන් එයා දිහා බලන් ඉද්දි...ඔයාට ඔච්චර තරහ යන්න තරම් ඔය පින්තූරෙ මොනවද මැණික තිබුනේ....මම කදුලු පිහිදන් එයා ලගට හිමින් නැගිටලා ගියෙ එයා බෙල්ල පිටිපස්සහට කඩාගෙන අත්දෙකෙන් මූන තදින් අතුල්ලනකොට...

"ඇයි මැණික මෙහෙම කරන්නෙ...මට මේවා ඉවසන්න බෑ තවත්...ඔයා ඊයෙ දැක්ක වෙලේ මට --"

"ම්..මොනවද ඔයා කියවන්නෙ...ජන්හ්‍යොන් ජන්හ්‍යොන් කොහොමද --"

"ආහ්..."

එයා පුදුමෙන් මගෙන් අහන්න ගියත් ඊට කලින් මගෙ ඔලුව කැරකෙන්වා වගේ දැනුන නිසා මම එයාගෙ උරහිසින් අල්ලන් හිටියත් ආයෙම අතෑරුනෙ වටේම කලුපාට වෙනකොට....



Taehyung pov.

එයා එයා කිව්වෙ ජන්හ්‍යොන් කියලා...ආශ් නෑ නෑ මට පිස්සු...ඒත් එක්කම එයාගෙන් මම අහන්න ගියත් එයා එක පාරටම මගෙ උරහිසින් අල්ලගත්තෙ තදට ඇස් දෙකත් පියාගෙන..එයා ඒ අල්ලපු වෙලේ මගෙ මුලු ඇගම පණ නැති වෙලා වගේ ගියෙ ඇයි කිය්න්න මට තේරුනෙ නෑ ඒත් ඊලග තත්පරේ එයා මගෙ ඇග උඩට කඩන් වැටුනෙ මගෙ ඇස් දෙක ලොකු වෙනකොට...මන් එයාව එහෙමම අල්ලන් සෝෆා එකට අරන් ගිහින් වතුර ඉස්සත් එයාට සිහිය ආවෙ නැති නිසා මන් ජිමිනා එක්ක නිනීව හොස්පිට්ල් අරන් ගියා....


"ටේහ්‍යොනා...මට උබ එක්ක කතා කරන්න ඕනෙ..."

නිනීව ඇතුලට ගන්නවත් එක්කම මායි ජිමිනයි ඉදගත්තෙ මන් කිසිදෙයක් තේරුම්ගන්න බැරුව ඉන්නකොට...ඒත් එක්කම ජිමිනාට මාත් එක්ක කතා කරන්න ඕනෙ කිව්වෙ ටිකක් බැරෑරුම් මූනක් හදාගෙන...

"දැන් ...?"

මන් ජිමිනා එක්ක කතා කරද්දි එතනට ඩොක්ට ආවෙ අපි දෙන්නම ඒ පැත්ත බලද්දි...


"අහ් මේ මිස් නිනීගෙ කවුද ඔයා..?"

ඩොක්ට අහනකොට මට ඒ වෙලෙ කරකියාගන්න දෙයක් නැති උනත් නිනීගෙ යාලුවෙක් කියලා අදුන්වලා දෙන්න තරම් මට හිත හදාගන්න බැරි උනා...

"අහ් මේ මන් නම්චින්.."

මන් එහෙම කියනවත් එක්කම ජිමිනා ඇහ් ගෑවෙ මන් ඌට දෙකක් හිමින් කියලා අහකට කරද්දි...

"ඇහ්..?"

"කටවහන් පලයන්...! ඩොක්ට එයාට දැන් කොහොමද ...?"


"අහ්...මිස්ට කිම් බයවෙන්න දෙයක්නම් නෑ...ඒත් මිස්ට කිම් congratulations ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නෙ...ඒත් ඔයාගෙ යොත්චිංගෙ හෙල්ත් එකනම් එච්චර හොද නෑ...එයාට මීට වඩානම් පෝශනය ඕනෙ...ඔයාට දැන් එයව බලන්න පුලුවන් ".


මොකක් මේ මගෙ නිනි...අනියා...


"කුමාවෝ ඩොක්ට..."

"මොකද්ද බන් ඒකෙ තේරුම මේ කෙල්ල අන්මැරීඩ් කියලනෙ කිව්වෙ...අඩුම රිලේශන්ශිප් එකක්වත් නෑ කියලානෙ තිබ්බෙ..."

"උබ කෙල්ලව බලන්න යන්න කලින් මට ඒකයි උබ එක්ක කතා කරන්න ඕනෙ.."

"ඒ කිව්වෙ...?"




.
.
.

මොනාහරි කියන්න...😪👉👈

බායි💕

#kimsoehyunbby.❤️

HIS TWIN | TH Centric | Sinhala ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️( Have To Edit)Where stories live. Discover now