03

343 117 14
                                    

"කන්ග් ටේයොන් මාෆියා අනිමිදා.(නෙවෙයි)"

සාමාන්‍ය පුරවැසියොන්ගෙන් මේ වෙද්දි තුන් දෙනෙක්ම මැරිලා ඉවරයි. මාෆියා හුඟක් කපටි වගේ.

"ඕහ් පොඩ්ඩක් ඉන්න කොල්ලනේ. අපි මොළෙන් හිතලා වැඩ කරමු. තව දෙන්නෙක් මැරුණොත් මාෆියා දිනයි."

ටේහ්‍යොන් අනිත් අයව නිශ්ශබ්ද කරවලා කතා කරන්න ගත්තා.

"ඔව් අපි එක එක්කෙනාව ඉන්වෙස්ටිගේට් කරමු. යාහ් මේ පොලිසියේ මිනිහා කොහෙට්ටද අතුරුදහන් වුණේ? මාෆියා හොයාගන්න අදහසක් නැද්ද ?"

හෝසොක් දැනටමත් මැරිලා ඉන්න පොලිස් නිලදාරියාට බනිද්දි යුන්ගි අමාරුවෙන් හිනාව හිර කරගත්තේ ලඟ හිටපු ජින්ගේ පිටට තට්ටු කරන ගමන්.

"මුලින්ම ජන්කුක් කියන්න මාෆියා කවුරු වෙන්න ඇතිද ?"

"ටේහ්‍යොන්, බොම්ග්‍යු, හොබී හ්‍යොන්ග් තුන් දෙනාගෙන් එක්කෙනෙක්."

ජන්කුක් අතේ ඇඟිලි නවාගන්න ගමන් කියද්දි ටේහ්‍යොන් කෑ ගැහුවත් වැඩක් වුණේ නෑ. ඒ විදිහට එයාලගේ හතරවෙනි වටයත් මාෆියාට ලේසි වෙන විදිහට ඉවර වෙන්න ඔන්න මෙන්න තිබ්බේ. මේ පාර ටේහ්‍යොන්ට හැමෝම වගේ ඇගිල්ල දික් කරා. මොකද මුලදි කට වහන් හිටියත් ඕනිවට වඩා එයා අදත් කතා කරා.

"ගායිස් මං මාෆියා නෙවෙයි. මේ අහන්න.. ඒ ජන්කුක් වෙන්න බැරිද?"

"ටේහ්‍යොනා මේ පාර මාව අහුකරලා බේරෙන්න හදන්නේ. අහු වෙන්න එපා ඕවට නම්. මං තුන් දෙනෙක්ගේ නම් කියද්දි ඔයා විතරයි කලබල වුණේ."

"ඔයා ආවේ අකමැත්තෙන්. එහෙනම් දැන් මොකද ඔයා ඔච්චර එක්සයිට් වෙලා?"
ටේහ්‍යොන් දක්ෂයි තර්ක හදන්න නම්.

"ඔයා මොකද ඔච්චර කැමැත්තකින් ඇවිත් දැන් කැමති නැත්තේ? හැමෝටම පේනවනේ ටේහ්‍යොන් තමයි මාෆියා. අපි එයාව මරමු."

එයාලගේ සද්දෙ දැන් ටිකකට කලින් මීටින් රූම් එකේ දොරෙන් ඇතුළට ආපු කෙනෙක් අහන් හිටියෙ හරිම අකමැත්තෙන්. ඔව් ඉතින්.. කැමති නැත්තන් මොකටද එයා ඇතුළට ආවේ? සමහරවිට අර වයසක ජෝ එයාව බලෙන් ඇදන් ආවා වෙන්නත් පුළුවන්.

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now