18

238 89 26
                                    

ජන්කුක් ජින් එක්ක කිචන් එකේ හිටියේ එයාලගේ රෑ කෑම හදන ගමන්. පැස්ටා එකට ගෙනාපු චීස් වලින් බාගයක්ම ජන්කුක්ගේ බඩේ තියෙන්නේ කියලා ජින් දන්නවා නම් ටිකකට කලින් ටේහ්‍යොන්ව එලවගත්ත විදිහටම ජන්කුක්වත් අනිවාරෙන්ම එලවගන්නවා.

ජන්කුක් චීස් පෙත්තක් ජින්ට හොරෙන් ගන්න යද්දිත් හැමදේම සාමකාමී විදිහට තිබුණා දැන් ටිකකට කලින් තරහ වෙලා එලියට බැහැපු ටේහ්‍යොන් කඩාගෙන බිඳගෙන කිචන් එකට එනකන්. වේගෙන් හුස්ම ගන්න ගමන් එයා දෙයක් කියන්න හැදුවත් කාටවත් ටේහ්‍යොන්ව තේරුම් ගන්න බැරි වෙද්දි ජන්කුක් දීපු වතුර වීදුරුව එක හුස්මට බීලා 'ඩග්' ගාලා මේසෙන් තිබ්බා.

"වොච්මන් ඊයේ හවස හදිසියේම අස් වෙලා ගිහින්. ජීමින් එයාගේ ගාඩ් එක්ක කතා කර කර හිටියා ඒ ගැන. ජීමින්ගෙන්මයි මං ඒක දැනගත්තේ."

"ජීමින් ??"

ටේහ්‍යොන් වොච්මන්ගේ කතාව ඉවර කරද්දිම ජන්කුක් ඇහුවේ පුදුමෙකින් වගේ.

"ඔව්.. ඒ විතරක් නෙවෙයි. ජොබ් එකෙන් අයින් වුණාට වොච්මන් කාරයාට සෝල් වලින් යන්න තහනම්. එයා අර එදා රෑ ගබඩාවේ සිද්දියේ සාක්ෂිකාරයෙක්නේ."

ජීමින් කියපු දේවල් ටේහ්‍යොන් කියනකනුත් අනිත් අය ඒ දිහා බලන් හිටියේ එයාලා හිතපු එක දෙයක් තහවුරු කරගෙන.

"වොච්මන් තුන් වෙනියා තමයි. ආශ්... ඒ මිනිහා කිලර්ගෙන් පැනලා යනවද?"  ජින් කෑ ගැහුවා.

"එයා කොහෙද දැන් ඉන්නේ?"
ජන්කුක් ටේහ්‍යොන්ගෙන් ඇහුවේ හැමදේම හොයන් ආපු එකේ ඒකත් අනිවාරෙන්ම දන්නවා ඇති කියලා හිතපු නිසා.

"මට ඒක නම් ජීමින්ගෙන් අහන්න බැරි වුණා. ඒත් ජීමින් නම් දන්නවා ඇති."

"ජීමින් ඒ ගැන කොහොමද දන්නේ?"

නම්ජුන් අහද්දි ජන්කුක්ට ඇරෙන්න අනිත් අයටත් ඒ ප්‍රශ්නෙමයි තිබුණෙ. ඒත් ජන්කුක් කල්පනා කරේ වොච්මන් දැන් කොහෙ ඉන්නවා ඇතිද කියන එක. අපාර්ට්මන්ට් එකෙන් පිට වුණත් වොච්මන්ට කිලර්ගෙන් බේරුමක් නැති වෙයි කියලා කාට වුණත් තේරුණානේ. එයා හිතාගත්තා ජීමින්ව හම්බෙලා ඒ ගැන දැනගන්න.

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now