12

249 96 16
                                    

ජන්කුක් එලියට එනකන් ජීමින් දහවෙනි ෆ්ලෝර් එකේ මඟ බලන් හිටියේ දවස් දෙකකින් ජන්කුක් එයාගේ ගෙදරින් එළියට බැස්සෙ නැති නිසා. ජීමින් හැමදවසකම කොයි විදිහකින් හරි ජන්කුක් ගැන විමසිල්ලෙන් හිටියත් එයාට දවස් දෙකක් ජන්කුක්ව මඟ ඇරුණා. ජන්කුක්ගේ ගෙදර ඉස්සරහා දෙතුන් පාරක් කැරකෙන ජීමින් දිහා එතනින් ගියපු අය අමුතු විදිහට බැලුව එකවත් එයාට ගාණක් වුණේ නෑ.

අන්තිමේදී හිත හදාගෙන බෙල් එකෙන් අත තියපු ජීමින් බලන් හිටියේ දොර ඇරෙද්දිම එයාගේ මාෆියා බනී මතු වෙනකන් වුණත් පෙට්ටියක් වගේ හිනාවක් මූණේ පුරවගෙන දොර ඇරපු ටේහ්‍යොන් දැක්කම එයාගේ බලාපොරොත්තු නැති වෙලා ගියා.

"අන්‍යොන්ග් ජීමින් ශී.. මං ටේහ්‍යොන්. ඔයාගේ වයසමයි. ඔයාට පුළුවන් මට ටේටේ කියලා කතා කරන්න. නැත්තන් ටේහ්‍යොන් කියන්න. අපිට පුළුවන් හොඳ යාළුවො වෙන්න. ආහ්.... ඒක නෙවෙයි. ඉතින් ඔයා ජන්කුක්ව බලන්නද ආවේ ?"

ජීමින්ගේ කට රවුම් වෙලා ඇහි බැමක් ඉබේම ඉස්සුණේ ටේහ්‍යොන් පිස්සෙක් වගේ කියවන් යද්දි. ඒකත් තමන්ට හායි කියන්නවත් ඉඩ නොදී ටේහ්‍යොන් කතා කරේ.

"ඕ ඕහ්.. හායි. මං ආවේ ජන්කුක්ව හම්බෙන්න තමයි. ඒත් ඔයත් මෙහෙද ඉන්නේ?"

ජීමින් හිතේ පිරුණ මොකක්ද දෙයක් නිසා මූණත් නරක් කරගෙන එහෙම ඇහුවා. ඒක ඊරිසියාව නම් නෙවෙයිලු හොදේ.

"අහ් ? ජන්කුක්ට උණ කියලා නොදැනද ජීමින් ආවේ?"

"මොකාක් ? ජන්කුක්ට අසනීපයිද?"

ජීමින් ආරාධනාවකින් තොරවම ජන්කුක්ගේ නිවසට ඇතුල් වෙද්දි තාමත් බාගෙට ඇරපු දොර අතකින් අල්ලගෙන ටේහ්‍යොන් ජීමින් දිහා බැලුවා.

"මට කියන්න ඕනි වුණා ඔයාට ඇතුළට එන්න කියලා. ඒත් ඔයා ඊට කලින් ආවා."

ටේහ්‍යොන් තමන්ටම මුමුණ ගෙන ජීමින් පස්සෙන් ආවා.

"මං එයාව බලන්නද?"

ජීමින් මූණත් රතු කරන් ඇහුවා. එයා කවදාවත් නොකරපු විදිහෙ දේවල් කරද්දි ඒ මූණ රතු වෙනවා කියලා ජීමින්ගේ ඔම්මා දවසක් කියලා තිබුණා.

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now