20

241 85 23
                                    

ජීමින් හිටියේ ලීක්ස් ගහක් රවුමට කපන ගමන්. ඊට කලින් එයා කපපු ලොකු සුදු පාට ලූණු ගෙඩියත් කටින් බෝඩ් එකේ පැත්තක තිබුණා. ඒ දෙකේම සැරට ඒ වෙද්දිත් ජීමින්ගේ ඇස් රතු වෙලා කඳුළු ගලන ගමන් තිබුණේ.

"මං මේ අඩනවා නෙවෙයි ඇත්තමයි."

නහය උඩ ඇදපු ජීමින් දිහා අමුතු තාලෙකට බලපු ජන්කුක්ට එයා පැහැදිලි කරා.

"ලූණු කපද්දි එහෙම වෙනවා ජීමින්ශී. අනික ඔයා ලූණු ඕනිවටත් වැඩිය චොප් කරලා. මට බයයි මගේ ගෙදර තිබුණ අන්තිම ලීක්ස් ගහ වැඩක් නොගෙනම අයින් කරන්න වෙයි කියලා."

ජන්කුක් තරහෙන් කිව්වේ පිටි මෝලිය අනන ගමන්. එයාලා හෝම්මේඩ් පීසා එකක් ට්‍රයි කරන්න හිතුවේ ජීමින්ගේ ඉල්ලීමට නිසා ජන්කුක්ට සිද්ධ වුණා සීමිත බඩු ප්‍රමාණයකින් ඒක කරන්න.

"ඔයා කැමති නෑනේ බේබි වූයොන්ග්ට කියලා ගෙන්න ගන්න. නැතත් මේ තියන ඒවා වැඩිත් එක්ක. බීෆ්, හැම්, චීස්, සොසේජ් අඩුවක් නැතුව තියෙනවනේ. ජන්කුකී ඇන්ඩ් ජීමිනී හෝම්මේඩ් පීසා එක අමුතු වුණත් රහට තියෙයි."

ජීමින් කියපු විදිහට ජන්කුක් අද දවසෙ පලවෙනි වතාවට හිනා වුණා. ජීමින් කැමතිම හා දත් දෙක පේන හිනාව කාලෙකින් එයා දැක්කේ. ජීමින් ජන්කුක් දීපු හැමදේම රවුමට කැපුවේ වැඩේ කරන හැමවෙලාවකම ජන්කුක්ට විහිලුවක් කරන්න අමතක නොකර.

"ජීමින්ශී.. ඔයා ඇයි අපාර්ට්මන්ට් එකක් ගත්තේ? මං අහන්නේ ඔයාගේ ගෙදර..."

"අප්පා මාව එලෙව්වා. ඕහ්... හැබැයි දැන් නම් ඒ ප්‍රශ්නේ ඉවරයි. එයා කැමති වුණේ නෑ මං කරන දේවල් වලට. කම්පැණි එක භාර ගද්දි ඒ හැමදේම හරි ගියා."

ජන්කුක් අහන්නත් කලින්ම ජීමින් හැමදේම කියලා දැම්මා.

"මේ දවස් වල බිස්නස් නිව්ස් හැම එකකම ජීමින්ශීගේ රූපේ. ඒක නම් ඇත්තටම එපා වෙනවා. මීඩියා වලින් අපාර්ට්මන්ට් එකටත් ආවා කියලා අප්පා කිව්වා."

ජන්කුක් කලකිරුණ හඩකින් කිව්වා.

"ඒක වාතයක් බේබි. මං කවදාවත් බිස්නස් ඉගෙන ගෙන නෑ."

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now