08

285 97 13
                                    

පාන්දර පහට විනාඩි දහයක් තියලා ජොගින් කිට් එකකින් සැරසුණ ජීමින් පහළට ආවේ එක්සර්සයිස් කරන එක ශරීරයට හිතකර නිසා.
පාන්දර කියලා වෙනසක් තිබ්බෙ නෑ ඒ ඇදුමට ජීමින් ඕනිවටත් වඩා කඩවසම් විදිහට පෙනුණා.

වෝකින් ඒරියා එකක් අපාර්ට්මන්ට් එකේම තිබුණත් ජීමින් එයාගේ වාහනේ ටිකක් ඈතට අරන් ගියා. ඉර පායන්න පැය එක හමාරක් තියෙද්දි එළිය වැටිලා නැති නිසා තාමත් පාරවල් රෑක ස්වභාවයක් ගත්තේ. හන්ගන් රෝඩ් එකට වාහනේ හරවද්දි ජීමින් දැක්කා දම්පාට එළි වලින් හැඩ වෙලා තිබුණ පාලම. හන්ගග වටේට ජොගින් කරන එක ලස්සන වැඩක්. ඒකත් මේ එළි ටිකත් එක්ක ජීමින්ට ඒ ගැන මාර උනන්දුවක් තිබ්බේ.

වාහනේ පාක් එකෙන් නතර කරද්දි හරියටම පහ පහු වෙලා විනාඩි පහක් ගියා. ඒත් එක්කම ජීමින්ගේ ඇස් හොයපු රූපේ වෝම් අප් වෙන ගමන් වගේ හිටියේ. ජීමින් හිමින් සැරේ ඒ දිහාවට ඇදගෙන ගියේ තමන්ගේ තොල් රවුම් කරලා විසිල් එකක් ගහගෙනමයි.

"මිසිස් ලුසිෆර්.. හුඟ කාලෙකට පස්සේ ?"

.
.

ජන්කුක් අලුතෙන් පදිංචියට ආපු අයගෙ විස්තර ප්‍රෝගෑම් කරලා ඉවර වෙද්දි පාන්දර දෙකත් පහු වෙලා නිසා එයාට උදේ ටිකක් වැඩියෙන් නින්ද ගියා. වෙනදට කීයට ඇහැරුණත් තමන්ගේ වැඩ තනියම කරගන්න ජන්කුක්ට ඇස් අරින්නත් කලින් වෙනසක් දැණුනා. කෑම සුවදක් එක්ක තමන් තනියම ඉන්න ගෙදර සද්ද බද්ද ඇහෙද්දි ඒ කවුද කියලා දන්න ජන්කුක් ඔලුවත් කස කසම ගිහින් කිචන් එකේ ලොකු වැඩක හිටපු කෙනාව පිටිපස්සෙන් තුරුලු කරන් උරහිසෙන් බෙල්ල තියාගත්තේ හුරතල් පෙනුමකින්.

"ගුඩ් මෝනින් කුකී."

"ගුඩ් මෝනින් ඔම්මා. මොනාද මේ හදන්නේ?"

ජන්කුක් එයාගේ ඔම්මගේ උරහිස ලගට කොට කොණ්ඩෙ අස්සෙ මූණ ඔබාගෙන ඇහුවේ.

"ඔයාගේ බ්‍රෙක්ෆස්ට් එක. ගිහින් වොෂ් දාලා එන්න. ඔම්මාට අද ගමනක් යන්න තියෙනවා කියන්නයි ආවේ."

"හයියෝ මොකක්ද ඔම්මා ?? කාලෙකින් එන්නේ. ඒකත් කොහෙ හරි යන්න තමයි."

"මං දැන් සති දෙකකට කලිනුත් ආවා කුකී. කෝ ගිහින් වොෂ් එකක් දාලා එන්න. ඔයා ලඟ ගදයි."

ජන්කුක් අකමැත්තෙන් වුණත් ඉක්මණින් වොෂ් කරන් ඇවිත් ඔම්මත් එක්කම කන්න පටන් ගත්තේ එයා හිටියේ කොච්චර ලොකු බඩගින්නකින්ද, මේ විදිහට ඇවිත් කෑම හදපු එක තමන්ට කොච්චර දෙයක්ද කියන එක සැරෙන් සැරේට මතක් කරන ගමන්.

"මං අද බුසාන් යනවා කුකී. බිස්නස් ට්‍රිප් එකක්. ඔයාගේ ලොකු නැන්දාව බලන්නත් මට පුලුවන් වෙයි."

ජන්කුක් ඒක හොදයි කියන්න වගේ ඔලුව වැනුවේ කට ඇරගන්න බැරි තරම් කෑම ගොඩක් පුරවන් හිටපු නිසා.

"ආ ජන්කුකී.. ඔයා පරිස්සමෙන් ඉන්න ඕනි හොඳද? අපාර්ට්මන්ට් එකට මේක හොඳ කාලයක් වෙන්න බෑ කොහොමත්. අර මිසිස් ලුසිෆර් ඉන්නේ.. අර ඩොකටර්, අන්න එයාගේ බොඩි එක හන්ගගේ තිබිලා හම්බෙලා. දෙවියනේ මිනීමැරුම් කීයක්ද මේ මාසෙට."

ලුසිෆර් කියන්නේ ජන්කුක්ගේ නේබර්. දෙවියනේ එයා උදේ කෑම එක පවා ජන්කුක්ට ගෙනත් දුන්නා. ජන්කුක් මේ ගමන හොඳටම බය වුණා. තුන්වෙනි මරණය ඩොක්ටර් ලුසිෆර්ගේ.

"ඒ විතරක් නෙවෙයි කුකී. මිස්ටර් වන්ග් ගේ වැරදි වහන්න එයා රෝස්ගේ මරණ සහතිකේ වෙනස් කරලා හොස්පිටල් රෙකෝඩ්ස් පවා අයින් කරලා."

ලුසිෆර් ගෑණු කෙනෙක් වෙලත් එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියලමයි ජන්කුක්ට හිතුණේ. මිනීමරුවා එයාලගෙන් පලිගන්නවා වෙන්න ඇති කියලත් ජන්කුක්ට නොහිතුණාම නෙවෙයි. ඒත් කිසි දෙයක් නොදන්න පුන්චි මල් කැකුළක් එයාලා නිසා මේ ලෝකේ අත ඇරලා. ඒක සමාව දෙන්න පුලුවන් වැරැද්දක් නෙවෙයි.








___________________________
Blacklove.

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now