11

247 94 12
                                    

"මිස්ටර් වන්ග්ගේ මරණෙ පළපුරුදු මිනීමරුවෙක් අතින් වුණ එකක් නෙවෙයි. පිහි ඇනුම් දාසයක් උදරයේ යට කොටසෙ තිබුණේ. සෙන්ටිමීටර් හතරයි දශම අටක් ගැඹුරට කැපිලා තියෙන එකෙන් කියන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් ගෙදරක එලවලු කපන්න ගන්න පිහියක් කියලා."

මිස්ටර් වන්ග් ගේ වගේම ලුසිෆර් ගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න හිටපු එක ඔෆිසර් කෙනෙක් තමන් ඉස්සරහා හිටපු ඉහළ නිලධාරියාට කිව්වා. එයාලා හිටියේ කැෆේ එකක අයිස් කොෆී එකක් බොන ගමන්.

"එතකොට මිසිස් ලුසිෆර්ගේ හිසට යඩකයක් වගේ දරුණු දෙයකින් තදින් එල්ල කරපු පහරකින් එයාව සිහි නැති කරවලා. ඊට පස්සේ මිසිස් ලුසිෆර්ව වතුරට දාලා. ඒ අතරෙ පරතරය විනාඩි තිහකට ආසන්නයි."

ඔෆිසර් තවත් පැහැදිලි කරා.

"ඒ කියන්නේ මිස්ටර් වන්ග් පිරිමි කෙනෙක් නිසා සාමාන්‍ය විදිහට නිකන්ම නිකන් පාන් කපන පිහියකින් ඇනලා මරලා දාලා වුණත් ලුසිෆර් ගෑණු කෙනෙක් නිසා එයාව ස්වභාවිකව මැරෙන්න දීලා. මිනීමරුවා අනිවාරෙන්ම පිරිමි කෙනෙක්."

ඉහළ නිලධාරියා විශ්වාසෙන් කියද්දි ඔෆිසර් ඔලුව වැනුවා. එතන හිටපු ඉහළ නිලධාරියා රෝස්ගේ මරණෙ ගැන හොයන්න එවපු කෙනෙක් නිසා එයාට අනිවාරෙන් ඊළඟ සැකකාරයාව මිනීමරුවා ගෙන් බේරගන්න වෙනවා. ජොන් කෝපරේශන් එකට අයිති අපාර්ට්මන්ට් එකක එකදිගට මේ වෙන මිනීමැරුම් නිසා සෝල් නගරයෙන් තුන් කාලකට වැඩිය මිනිස්සු බය වෙලා හිටියේ.

"එක්කෝ මිනීමරුවා උත්සහ කරනවා එයා පලපුරුදු කාරයෙක් නෙවෙයි කියලා පෙන්නන්න. මොකද අපාර්ට්මන්ට් එකේ සීසීටීවී ගැන විතරක්ම නෙවෙයි හන්ගඟ අවට තියෙන සීසීටීවී ගැන පවා කිලර් හොදටම දන්නවා. සෝල් නගරෙ සම්පූර්ණ සීසීටීවී පද්ධතියක්ම තමන්ගේ අතට ගන්න නම් ඌ අනිවාරෙන්ම දක්ශයෙක් වෙන්න ඕනි. පෞද්ගලික අපාර්ට්මන්ට් එක ගැන අපි කතා නොකර ඉමු."

ඉහළ නිලදාරියා අනිත් කෙනාට පැහැදිලි කරා.

.

"යාහ් ටේහ්‍යොන්.. මේ දැන්ම ඔයා හැඩි කරපු කිචන් එක අස් කරලා දාන්න වෙයි."

ජින් අනතුරු ඇගෙව්වේ ජන්කුක් එක්ක හොඳ ෆිල්ම් එකක් තෝරන ටේහ්‍යොන්ට. එයාලා අද එකට ෆිල්ම් එකක් බලන්න ලෑස්ති වෙලා හිටියේ ජන්කුක්ගේ ගෙදරදි.

"කමක් නෑ හ්‍යොන්ගී ඕක තියන්න. හෙට අස් කරන කෙනා එයි."

ජන්කුක් දැන් ටිකකට කලින් කැරොකේ කියන්න පාවිච්චි කරපු මයික් එකට කට තියලා කියද්දි අනිත් අය කන් වහගත්තා.

"කවදා ඉදන්ද ජන්කුකී ඔයා ත්‍රිලර් , සීරියල් කිලර් වගේ කතා බලන්න පටන් ගත්තේ?"

ජන්කුක් බලලා තිබුණ ෆිල්ම් අතරේ ඒවගේ ඒවා දකිද්දි ටේහ්‍යොන් ඇහුවා. එයා හැම වෙලේම ජන්කුක්ව විහිළුවකට ගත්තා ජන්කුක් ඒ වගේ ෆිල්ම් නොබලපු නිසා. මේ ලඟදි ඉදන් ජන්කුක් ඒවා ගැන කැමැත්තක්  ඇති වෙලා. ඒ එයා කිලර්ට කැමති වෙන්න පටන් ගත්තු දවසෙ ඉදන් වෙන්නත් පුළුවන්

"අපරාදේ අපිට තිබුණා ජීමින්ටත් එන්න කියන්න. එයා හරිම විහිළුකාරයෙක් වගේ. එදා රෝස් ගැන දන්නෙ නැතුව කටත් ඇරන් අපි කියපු ඒවා අහන් ඉදලා අන්තිමට හැමෝමව හිනැස්සුවා."

හෝසොක් හිනා වෙවී කිව්වා.

"චහ්.. එයා මල වාතයක් හ්‍යොන්ග්."

ජන්කුක් කැරොකේ මයික් එක පැත්තකින් තියලා කට ඇදකරගත්තා. ජීමින් එයා දිහා බලන් ඉන්න එක ජන්කුක්ට ඇත්තටම අපහසුතාවයක්.

"වාතයක් ?? මෙයාගේ බොරුව හ්‍යොන්ග්. කොයි වෙලෙත් ජීමින් ජන්කුක් දිහා බලාගත්තු ගමන්මයි. මං හිතන්නේ එයා මෙයාට කැමතිද කොහෙද ?"

ටේහ්‍යොන් අනිත් අයට පැහැදිලි කරලා දුන්නා.

"ඕහ්.. වරදක් නෑ කොල්ලෝ. බිලියනපතියෙක්ගේ පුතෙක් අපේ ජන්කුකීගේ පස්සෙන් කැරකෙනවා කියන එක මරු."

යුන්ගි ටේහ්‍යොන්ගේ කතාවට උල්පන්දම් දුන්නා. ජන්කුක් හිටියෙ පොලව පලාගෙන යන්න තරම් ලැජ්ජාවකින්.

"අපි එයා බිසී නැත්තන් එන්න කියමුද?"

ජින් ජන්කුක්ගේ උත්තරේ දැන දැනම ආපහු සැරයක් ඇහුවා.

"අනී එයා කැමති වුණේ වීකෙන්ඩ් එකේ එන්න විතරයි."









___________________________
Blacklove..

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now