04

319 113 5
                                    

"ජන්කුකී නැගිටිනවා මගේ කකුල උඩින්."

"යාහ් හොබී ඔය පස්ස මගේ මූණෙන් අයින් කරගන්නවා."

ජන්කුක්ගේ නිවසේ තිබුණ රාත්‍රී සෝජු පාටියෙන් පස්සේ තැන තැන නින්දට වැටුණ කොල්ලො ටිකගෙන් උදේම ඇහැරුණ ජින් කෑ ගහන්න ගද්දි අත් දෙකෙන්ම ඔලුව බදාගෙන ජන්කුක් නැගිට්ටේ ජින්ගෙම කකුලකට බර දීලා. ඒ වෙලාවේ ජින්ගේ කටෙන් පිටවුණ ඒවා ඇහෙද්දි අනිත් අයත් ඉබේම ඇහැරුණා.

සෙනසුරාදා දවස එයාලා හැමෝම එකට එකතු වෙන්න යොදාගත්තු දිනයක් වෙද්දි ඉරිදා කියන්නේ ජන්කුක්ට නම් මුළු දවසම ඇඳ බදාගෙන නිදාගන්න එක. එයාලා මුලින්ම මුණ ගැහුණ කාලෙ ඉදලම අද වෙනකන් නොකඩවාම ඒ දේ වුණා. එකිනෙකාට වෙනස් රැකියාවල නියත වුණත් සමාන වයස් කාණ්ඩ වල පසුවන එකම නිවාස සංකීර්ණයක ජීවත් වෙන තරුණයෝ එහෙමයි එයාලගෙ සති අන්තය ගෙවලා දැම්මේ.

"ජන්කුකී හවස හත වෙද්දි එන්න. අපි හැමෝම ඇවිදින්න යන්න කතා කරගත්තා මතක ඇතිනේ ?"

ජන්කුක්ගේ ගෙදරින් යන්න කලින් අන්තිම මොහොතෙ දාසය වෙනි වතාවටත් ජින් ඒ ටික කිව්වේ එයා ඒ තරම් මතකයක් තියෙන කෙනෙක් නිසා. කොහොමත් ජන්කුක්ව ඔය වගේ දේකට කැමති කරගන්න පුළුවන් ජින්ට විතරමයිනේ.

ඒත් ඊට කලින් දීපු එකම එක උපදෙසක්වත් ජන්කුක් අහගෙන හිටියෙ නෑ වගේම ඇහුණා කියලා මහ ලොකු වැඩක් වෙන්නෙත් නෑ. එයාට මැදින් කැඩුණ එයාගේ නින්ද ආපහු හොයාගන්නයි වුවමනාව තිබ්බේ.

.
.

"හාරසිය හත් වෙනි ගෙදර.."

හරියටම හවස හත වෙද්දි එලියට බැහැපු ජීමින්ට එයාගේ දකුණු අත වගේ හිටපු වූයොන්ග් මතක් කරා. තේරුම් ගත්තා කියන්න වගේ ඔලුවෙන් සන් කරපු ජීමින් ඊට විනාඩි පහකට පස්සෙ හිටියේ හාරසිය හත කියලා අංක කරපු දොරක් ඉස්සරහා. හැබැයි ඊයේ ආපු ඇවිදින බ්‍රෑන්ඩ් එක වෙනුවට එතන හිටියෙ නිල් පාට කැප් එකක් දාගෙන නිල් පාටින්ම ජැකට් එකක් ඇදපු ඩිලිවරි සර්විස් එකක කොල්ලෙක්.

.
.

"කමක් නෑ ජන්කුකී පරක්කු වෙනවා නම් ඔයා අපි ඉන්න තැනට එන්න. මං ටෙක්ස්ට් කරන්නම් ඔයාට."

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now