13

250 93 19
                                    

පාන්දර එක පහු වෙලා විනාඩි විස්සක් කියලා සටහන් වෙලා තිබුණ ඔරලෝසුව දිහා බලාගෙන ටෝර්ච් එක අතට අරන් රාත්‍රී වැඩ මුරයේ හිටපු වොච්මන් අපාර්ට්මන්ට් එක දිහාවට ඇවිදගෙන ආවේ දැන් ටිකකට කලින් ඇහුණ සද්දෙ නිසා. එයා ග්‍රව්න්ඩ් එක මැද්දෙන් ඇවිත් දැන් අවුරුදු තුනකට කලින් වහලා දාපු ගබඩා කාමරය පැත්තටයි ඇවිදන් ගියේ.

පුදුමෙකට වගේ දම්වැල් වලින් ඔතලා ඉබ්බෙක් දාපු ගබඩා කාමරේ ලොකු යකඩ දොර බාගෙට ඇරලයි තිබ්බේ. ඒත් පුදුම හිතෙන කාරණාව කියන්නේ ඉබ්බා කඩන්නෙ නැතුව යතුරකින්ම දොර ඇරලා තිබුණ එක. වොච්මන් ඇතුළට ගියේ ඒ හොරෙක් වෙන්න බෑ කියලා සැක හැරලා දැනගෙන. ටෝච් එකේ එලිය අදුරු ගබඩා කාමරේ පුරාවට යැව්වත් සිවිලිම ලඟට වෙන්න බිත්තියේ තිබුණ පොඩි කවුළුවෙන් මූසල හඩක් එක්ක පැනපු පූසෙක් ඇර කිසි කෙනෙක් හිටියෙ නෑ.

හැබැයි එයාට ඇහුණා කැඩිච්ච බඩු වලට එහයින් බිම දිගේ මොකක් හරි යකඩයක් 'ක්‍රීස්' හඩින් ඇදගෙන එන සද්දෙ. ඒක හරියට ෆිල්ම් එකක කිලර් එතනට එන්ටර් වුණා වගේ. වොච්මන් එයාගේ ටෝච් එක ඒ දිහාවට යොමු කරත් ඊටත් වඩා එලියක් එයාගේ මූණට වැදෙද්දි අතේ තිබුණ ටෝච් එක පවා බිම වැටුණා.

එයා අඩි කීපයක් පිටිපස්සට ඇවිදින්න හැදුවත් එයාව ඇදගෙන බිම වැටුණා. තමන්ගේ ලඟට අඩියෙන් අඩිය ලං වෙන කිලර් නිසා වොච්මන් හොදින්ම බය වුණා. එයාට මතක් වුණා අපාර්ට්මන්ට් එකේ රැස්වීමේදි කිලර් අනිත් කෙනාවත් හොයාගනී කියලා කතා වුණා. වොච්මන් එතන හිටියා. ඒ කෙනාගේ තනි කළු ඇදුම් වොච්මන්ව බිය වැද්දුවා. බිම දිගේ ඇදෙන යකඩයේ සද්දෙ නෑසෙන්න වගේ අත් වලින් කන් දෙක වහගෙන එයා බිම දිගේම පිටිපස්සට ගියා. ඒත් ඉතින් ඇවිදන් එන ඒ මනුස්සයා වේගවත්.

කිලර් මේ වෙද්දි වොච්මන්ට අඩියක් ඉස්සරහින් හිටියේ.

"අ... අනී ම...මං වැ.. වැරදි නෑ. එයා ත...තමයි මට එහෙම ක්..කරන්න කිව්වේ. ම්.. මාව මර..න්න එ..එපා..."

වොච්මන් දැක්කෙ නෑ මාස්ක් එක ඇතුළෙන් කට කොණකින් කිලර් එයාට හිනා වෙන හැටි. සමහර විට මේ එයා හුස්ම ගන්න අන්තිම මොහොත වෙන්නත් පුළුවන්. එයාගේ සපත්තුවේ අඩිය වොච්මන්ගේ අත උඩින් තද කරපු ඒ කෙනා පහලට නැමුණේ අර ස්මර්ක් එකෙන්මයි.

මිනීමරුවා ලෑස්ති වුණේ කතා කරන්න වුණත් එකපාරටම එලියෙන් ඇහුණ සද්දෙට එයා අවධානේ දුන්නා. කවුරුම හරි කතා කරන හඩත් එක්ක වොච්මන්ගෙන් ඈත් වුණ කිලර් කලබලෙන් එතනින් නැඟිටලා ආයෙමත් ගබඩාවේ කැඩිච්ච බඩු වලට එහයින් නොපෙනි යන විදිහ වොච්මන් බලන් හිටියා.

.

"පාන්දර එකට විතර ගබඩාව පැත්තෙන් ඇහුණ සද්දයක් නිසයි මං ගියේ. එතන ඇත්තටම මිනීමරුවා හිටියා. ඒත් එයා මාව දැකලා බය වුණා."

වොච්මන් වුණ දේවල් එයාගේ වාසියට හරවන ගමන් එයාගෙන් කට උත්තරයක් ගන්න පොලිස් නිලධාරීන් දෙන්නට කිව්වා.

"ඔයාට විශ්වාසද ඌ ආවේ ඔයාට කරදරයක් කරන්න නෙවෙයි කියලා."

"ඔ.. ඔව්. මුලින්ම එයා ෆිල්ම් එකක වගේ යකඩ බටයක් බිම දිගේ ඇදන් ආවා. ලොකුම දේ තමයි එයා ගබඩාවේ ඉබ්බා කඩලා තිබ්බෙ නෑ."

වොච්මන් සමහර ඇත්ත කිව්වා. මොකද ඒ දේවල් පොලිසියට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්.

"එතකොට කාවද කිලර් ඒ පාන්දර එකට විතර හෙව්වේ? වෙන කිසි කෙනෙක් එතන හිටියෙ නෑ කියලා විශ්වාසද?"

පොලිස් නිලධාරියා වොච්මන්ගෙන් ඇහුවේ ටිකක් ගැඹුරු කටහඩකින්. ඒකට වොච්මන්ගේ උගුරෙ ඉදන් පහලට වේලිලා යන හැටි එයාට දැනුනා.

"ද්..දේ.."

.

"ඒත් සර් කොහොමද හරියටම කියන්නේ?"

රෝස්ගේ මරණය භාරව හිටපු පරීක්ෂකතුමාගෙන් අනිත් නිලධාරියා අහද්දි ඒ පරීක්ෂකවරයා හිනා වුණා.

"ඔයා තාම මේවට පොඩි වැඩි කොල්ලෝ. කිලර් ඊයේ රෑ හොයන් ආවේ ඌවම තමයි.

ඒ කියන්නේ වොච්මන් තමයි තුන්වෙනියා.

රෝස්ගේ මරණෙට වගකියන්න ඕනි."




















_____________________________
Love u guys 🌹
Blacklove...

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now