22

233 84 12
                                    

"ජන්කුකී.. රෝස්ගේ ඔම්මලා හෙට උදේම ඕස්ට්‍රේලියා යනවා. වොච්මන් හැමදේම වමාරලා. වන්ග් ගෙන් සල්ලි ගත්තු විදිහ, රෝස්ගේ මිනීමැරුම හන්ගපු හැටි සේරම. තව දුරටත් ඒකට සම්බන්ධ අය එළියෙ නෑ. දැන් පොලිසියෙන් සීඅයිඩී එකෙන් හොයනවා කිලර්ව."

ටේහ්‍යොන් ජන්කුක්ට කිව්වා එයා වටෙන්ම හොයාගෙන ආපු දේවල්. කිලර් කියන වචනෙටත් ජන්කුක්ගෙ ඇඟ සීතල වුණා. ඒකට හේතුවක් දන්නෙ එයාම තමයි. ඒ වගේම එයාට තිබුණ ලොකුම ප්‍රශ්නෙ කවුද වොච්මන් ගැන නිර්නාමිකව සාක්ශි දීපු කෙනා කියලා.

"මට දැන් කියන්න.. මොකක්ද වුණේ ඔයාලගෙ ඩේට් එකට?"

ටේහ්‍යොන් කුතුහලෙන් ජන්කුක්ගෙ පිටට තට්ටු දාන ගමන් ඇහුවා. ජන්කුක් හිටියේ ටේහ්‍යොන්ගේ කකුල් දෙක උඩ ඔලුව තියාගෙන.

"එයා හදිස්සියෙන් ගියා. මං දන්නෑ ඇයි කියන්න නම්. නිව්ස් බලපු ගමන් මටවත් නොකියා ගියා.
හ්‍යොන්ග්..!!"

"ම්ම්.."

"ඔයාට හිතෙන්නැද්ද ජීමින් අමුතුයි කියලා. මං කියන්නේ මේ සිද්ධිය ගැන. අපේ රෝස්ගේ මරණෙන් පස්සෙ එයා මෙහෙට ආවේ. වන්ග් මැරෙන්න කලින් දවසෙ එයා පෙන්ත්හවුස් එක ගත්තේ. එයාට ඒ ගැන වැඩක් නෑ. ඒත් මේ සිද්ධියේ එයා ඕනිවටත් වැඩිය හිටියා."

ජන්කුක් එයාගේ හිතේ තිබුණ දේවල් ටේහ්‍යොන්ට කිව්වේ පැය හතරක් තිස්සේ තනියම කල්පනා කරලා මහන්සි නිසා. ජන්කුක්ට දැන් කිලර් කවුද කියන එක වැදගත් නෑ. එයා හිතන්නේ ජීමින් කවුද කියන එක ගැන.

"මං දන්නෑ ජන්කුකී.. නම්බර් 802 ගෙදර ඉන්න මිස්ටර් හ්වංග් කිව්වා ජීමින්ව හම්බෙන්න සතියකට සැරයක් වත් කෙනෙක් ආපු බවක්. ජීමින් බිස්නස්මන් කෙනෙක්නේ. අනික මොකටද එයා මේවට පැටලෙන්නේ."

"ජීමින් බිස්නස් කරන්නේ එයාගේ අප්පගේ වුවමනාවට. ඉන්ග්ලන්ඩ් වලදි එයා බිස්නස් ඉගෙන ගෙනවත් නෑ."

ජන්කුක් ටේහ්‍යොන් ආයෙමත් ප්‍රශ්න පත්තරේක හිර වුණා. ඉස්සර නම් එයාලා දෙයක් ගැන හොයන එක කතා කරන එක විනෝදයක් කරගෙන හිටියා. ඒත් දැන් ඒක එහෙම නෑ.

"දැන් ඔයා ගිහින් නිදාගන්න ජන්කුකී. අපි හෙට මිස්ටර් ඇන්ඩ් මිසිස් ඉවෝන්ලා එක්ක රෝස්ගේ ග්‍රේව් එකට යමු."

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now