14

251 91 14
                                    

"ඇයි මට හිතෙන්නෙ එදා කිලර් වොච්මන්ව හොයාගෙන ආවා කියලා."

හෝසොක් සෝජු වීදුරුව බොන ගමන් ඇහුවා. හෙට නිවාඩු දවසක් නිසා කාලෙකින් එයාලා සෝජු පාටි එකකට ලෑස්ති වුණා. ඉතින් ජන්කුක්ගේ ඒ තරම් කැමැත්තක් නැති වුණත් ජීමින්ටත් එයාලා කතා කරා. ඒ වගේම එයාලා දැන ගත්තා මෙච්චර කාලෙකට තිබුණ සෝජු පාටියක ජීමින් තරම් බේබද්දෙක් ඉදලා නැති බව. ඒත් අනිත් අය තරම් ජීමින් මත් වෙලා හිටියෙත් නෑ.

"මටත් එහෙමම හිතෙනවා. වොච්මන් කියපු කතාව මටත් ශුවර් නෑ. මොකද අච්චර දෙන්නෙක්ව මරපු එයා ගන් එකක් වත් අතේ නැති වොච්මන්ට බය වෙයිද?"

නම්ජුන් හෝසොක්ට උත්තර දුන්නේ එයාගේ බුද්ධිමත් මොලෙන් හොඳට හිතලා බලලා.

"රෝස්ව මරපු වන්ග්ට වොච්මන් උදව් කරන්න ඇතිද? ඒත් ඇයි ඒ?"

ජින් ඇස් දෙකත් ලොකු කරගෙන එයාගේ ප්‍රශ්නෙ යොමුකරා.

"එයා සල්ලි ගත්තා වෙන්න පුළුවන් හ්‍යොන්ග්."

වයස මදි නිසා බොන්න ලැබුණෙ නැතත් පාටි එකට එන්න අවස්ථාව ලැබුණු පොඩි තුන් කට්ටුවගෙන් කායි කිව්වේ ෆ්‍රයිඩ් චිකන් පෙට්ටියකටම වැඩේ දෙන ගමන්. කායි, බොම්ග්‍යු, ටේයොන්ග් තුන් දෙනාම තාම හයිස්කූල් වුණත් මේ විදිහෙ පාටි එකකට එන්න අනිත් අයගෙන් බාධාවක් තිබුණෙ නෑ.

"ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වුණ මං නම් කියන්නේ එයා සමාජ සේවයක් කරන්නේ. වැරදි කරන අයට දඩුවම් දෙනවා. ඒ කියන්නේ මාෆියාවේ හොද පැත්තේ කෙනෙක්. වාව් ඊලඟ ෆිල්ම් එක ඒ විදිහට ලියන්න ඕනි."

යුන්ගි ටේහ්‍යොන්ගේ ඔලුවට එකක් ගැහුවේ ඒ කියපු මෝඩ කතාවට.

"හොඳ මාෆියා පැත්තක් මේ ලෝකේ නෑ. අනික තමුසෙගේ ෆිල්ම් එකක් ගහද්දි මේ කායි පවා හැරමිටියෙන් ඇවිදී."

යුන්ගි හිනා වෙවී කියද්දි ටේහ්‍යොන් යුන්ගි අතේ තිබුණ සෝජු වීදුරුව අරන් බිව්වෙ තරහා නැති කරගන්න වෙන්න ඕනි.

"කිලර් මරලා තියෙන්නේ රෝස්ව මරපු අයව විතරක් නම් මං එයාගේ පැත්ත ගන්නවා."

ජන්කුක් එහෙම කියද්දි අනිත් හැමෝම එයා දිහා බැලුවා. ජීමින් බලාපොරොත්තු වුණ දෙයක් මත් වෙලා ඉද්දි හරි ජන්කුක්ගේ කටින් පිට වුණේ. ජීමින් දැනන් හිටියා තද නීතිකාරයෙක් වුණ ජන්කුක් ඔය දේ කියන බවක්. ඒක මේ තරම් ඉක්මණින් වෙයි කියලා නම් එයා බලාපොරොත්තු වුණේම නෑ. ඒකත් එයාලගෙ පලවෙනි සෝජු පාටි එකේදි.

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now