21

245 83 10
                                    

ජීමින් හිටියේ ටීවී එකට වහ වැටිලා පීසා කන ජන්කුක් දිහා ඇසි පිය නොහෙලා බලාගෙන. ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් එක පෙන්නද්දිත් ඒ චැනල් එකේ නම තියෙන තැනට පහලින් පොඩියට ඇඩ් එකක් වැටුණා බිල්ඩින් දෙකක් මැද්දෙන් ඇවිදන් එන ජීමින්ගේ. ව්‍යාපාර ලෝකේ ගැන දශමෙකවත් දැනුමක් නැති ජීමින්ව මාකට් කරන මිනිස්සු දකිද්දි ජන්කුක් නහයෙන් පිම්බා. එයානේ ජීමින්ගේ ඇත්ත දන්නේ.

"පැය බාගෙකින් ඔයාගේ ඩේට් එක ඉවරයි."

ටීවී එකෙන් ඇහැ එලියට නොගෙනම ජන්කුක් කිව්වේ සෝෆා එක උඩට එයාගේ කකුල් දෙකම අරගෙන.

"ඕහ්.. මං හිතුවේ ඔයා අද මට මෙහෙ ඉන්න දෙයි කියලා. අඩුම තරමෙ ඔයා මං ගෙනාපු ගිෆ්‍ට් එකවත් බැලුවේ නෑ."

ජීමින් මිමිණුවේ ‍ස්ටූල් එක උඩ තිබුණ පීසා කෑල්ලක් ගන්න නැමෙන ගමන්. ජන්කුක් දැක්කා ටීවී ස්ටෑන්ඩ් එකට එහයින් ජීමින් ගෙනාපු ගිෆ්ට් එක තියෙනවා. ජීමින්ගෙන් අහගන්න තියෙන දේ මිසක් එයාගේ ගිෆ්ට් එකෙන් ජන්කුක්ට වැඩක් වුණේ නෑ.

"ඔයා වගේ රිච් ප්ලේ බෝයි කෙනෙක්ගෙන් තෑගි ගන්න මේ ලෝකේ ඕනි තරම් අය ඇති. ඒත් මට ඕනි වෙන දෙයක්."

ජන්කුක් ජීමින්ට හින්ට් එකක් ගැහුවේ කොමර්ෂල් බ්‍රේක් එකකට කාටුන් එක නතර වෙද්දි.

"ඌව්.. ඒක නම් සැර වැඩියි ඩාලින්. ම‍ං ඔයා හිතන ජාතියෙ කෙනෙක් නෙවෙයි. අනික මං මෙච්චර කාලෙකට කාගෙවත් ලඟට ගිහින් නෑ. ඔයා ඇරෙන්න අනිත් හැමෝම මගේ ලඟට ආවා. ඉතින් ඔයා ස්පෙශල් බේබි."

ජීමින් කියපු දේ ජන්කුක් අහගෙන හිටියෙ යටි තොලේ කෙලවරක් හපාගෙන. ජීමින් කියපු කතාව ඇත්තක් වගේ පෙනුණා මොකද ජන්කුක් දෙවෙනි වතාවට එයාට ආදරේ කරන්න පටන් අරන්. හැබැයි එයාට ප්‍රශ්න ගොඩක් තිබ්බා.

"මගේ අප්පා ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ."

"ඔව් මං කොහොමත් ඔයාගෙ අප්පගේ පස්සෙන් ගියෙ නෑ. ඉතින් එයා කැමති වුණේ නෑ කියලා මට දුකක් නෑ."

"මගේ ඔම්මා අප්පා තරම්ම බිසී. පොඩි කාලේ මං අජුම්මා එක්ක හැදුණේ. ලොකු වෙද්දි මං මේ ගෙදර තනි වුණා. හ්‍යොන්ග්ලා නැත්තන් මට පිස්සු හැදෙයි. අපාර්ට්මන්ට් එකේ මට ගොඩක් මතක තියෙනවා. ඒ නිසයි ඔම්මා එක්ක ඉන්නැතුව මං මෙහෙ ඉන්නේ. ඒකත් තව ටික කාලයයි."

•𝙼𝚊𝚏𝚒𝚊 𝙶𝚊𝚖𝚎• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang