01.

1.9K 131 32
                                    

ඔයිෂ් ඔලුවම විකාරයි. කොච්චර කරත් වැඩක් නෑ මහන්සිය විතරක් වුනාම... ගෙදරට වෙලා නිදාගන්න තිබ්බා මොනවා වුනත්. මේ ඔඩිශන් එකට ඇවිත් මමත් කරගත්ත බූරු වැඩක්...

මම මිශාන් සත්නිදු කරලියද්ද. ඉස්කෝලෙ කාලෙ මට ඕනේ වුනේ ෆුට් බෝල් player කෙනෙක් වෙන්න. එත් ටික ටික ලොකු වෙද්දී ජිවිතේ ගොඩක් තැන් වල මම තනිවුනා. මම නුවර කොල්ලෙක් නිසා එලේවල් වලට කොළඹට ආව දවසෙ ඉදන් මගෙ හීන ඔක්කොම ටික ටික වෙනස් වුනා. ෆුට්බෝල් ගහන්න කොළඹ ඉස්කෝලේ මට වඩා දක්ෂ අය ඉන්න නිසාම මට ඒ හීනෙ එන්න එන්න දරුණු වුනා කිව්වොත් මම හරි. ඔව් මට ඒ කාලෙ ගොඩාක් අමාරු වුනා. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ මම කොෆි ෂොප් එකක් දාන්න මගෙම කියලා අන්න මම ආස කරා. නිදහසෙ කාටවත් යටත් නොවි ඉන්න. දැන් ඔයාලා හිතනවා ඇති කොෆි හදන්න ඔඩිශන් එකකට එනවද කියලා... නෑ නෑ මගෙ නංගි සිහිනි මාව මේ music talent කියලා ඔඩිශන් එකකට එව්වා. ඔව් ඔව් මට සිංදු කියන්න පුලුවන්.

එත් කියන්න් බෑ හරියටම ගොඩාක් අය එළියට යනවලු. කොහොමත් මෙකෙන් වැඩිය බලාපොරොත්තු වෙන්න බෑ. අවුරුදු ගානක් කැපකරලා අන්තිමේට බැන්ඩ් එකකට සිලේක්ට් වුනා කියන්න එත් කෝ නිදහස...

"හේයි මෑන් ආ යූ මෑඩ්..." මගෙම ඇගෙ හැප්පිලා මොකෙක්ද එකෙක් මටම ඉංග්‍රීසි වලින් බනිනවා. රට ජාතිය අමතන්න හිතෙන්නෙ මෙන්න මේ වේලාවට.

"වට් ආ යූ ටෝකින් අබවුට්..." මම කේන්තියෙන්ම ඇහුවා. මූ හිතුවද දන්නෙ නෑ ගොඩයා වගෙ හිටියට මට ඉංග්‍රීසි බෑ කියලා...

"ඉඩියට්..."
"වට්... පිලිස් ටෙල් මී... whats wrong with you..." මම ආයෙත් හොදින් ඇහුවා.

"තමුසෙ හිතුවද මට ඉංග්‍රීසි බෑ කියලා..." ඒ යකා ඒ ගමන සුද්ද සිංහල කතා කරනවා. දන්න වචන දෙක තුන කියලා මෙතන පස්සෙ නිකන් පොශ් පොලොස් වුනාම කොළඹ මී හරක් ඔහොම තමා තප්පුලනවා.

"දන්නවා නම් කියන්න... මමත් දන්නවා තමුන්ට වඩා හොදට..." ඌ මට අත උස්සගෙන එනකොට වටේම මිනිස්සු 5ක් විතර ඌගෙ පැත්තෙ හිටියා. රාහු කාලෙ පැනලා නෙවේද මම වම් කකුල එළියට තිබ්බේ අද... මහරගම යූත් එක ඇතුලේ මූ දන්න ඌන් වැඩි කියලා මට හිතෙනකොට මම නිකන් කොන් වෙලා තනි වෙලා වගෙ සීන් එකක් ආවේ...

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now