12

521 84 31
                                    

මම ලොකු ප්‍රශ්නෙකටයි මැදිහත් වුනේ කියලා හිතෙනවා වේලාවකට. ඩේශිතගෙයි මගෙයි බැදීම එන්න එන්නම වැඩි වෙද්දි චේතිය මගෙන් ටික ටික ඈත් වෙනවා. මම කියලා නෙවේ එයා යන්න ගියා. ජපන් යන එකට බිසි වුනාද නැද්ද මම දන්නේ නෑ... එත් මගෙ හිතම ඇවිලිලා ගියා. එයා මාව මගාරිනවා දකින එක මගෙ හොදම යාලුවා මගෙන් දුර යනවා කියන සිතුවිල්ල මාව නොමරා මරනවා.

"ඩේ මොකො බං උඹේ මැණික අද නිහඩ කල්පනා ලොවක තනි වෙලා"
"එයාගෙ සුදූ යනවලුනෙ රට... දුකින් ඉන්නෙ."  කේශ්වගෙ ප්‍රශ්නේට ඩේශිත දුන්න උත්තරෙත් එක්ක මම එයාගෙ මූණ බැලුවා.

"මොකො බලන්නෙ ඇත්ත කිව්වේ."
"මොකක්ද ඇත්ත."
"ඔයා අවුලෙන් ඉන්නෙ චේතිය යන නිසා."
"ඔව් මම අවුලෙන් මොකද ඌ මගෙ එකා." මම කෑ ගහලා නැගිට්ටා... මම මේ රිඇක්ට් කරන්නෙ කොහොමද මටත් ප්‍රශ්නයක් එත් මේ දේවල් වෙනවා.

"මොකක්ද ඩේ ඒ වුනේ."
"එයාට තනියම ඉන්න දීපන්... හරියයි මේ ටිකෙම චේතිය කතා කරේ නෑ." ඩේ එහෙම කියනවා ඇහෙද්දී මම බැලුවා ඒ අහිංසක මූණ දිහා. ඇත්ත වටේම ඉන්න අය ගැන සැලකිලිමත් වෙන එක එයාගෙ පුරුද්ද. ඉතින් මම ගැන ස්පේශල් නැතුව ඇති. වෙනදා වගෙම පිට්ටනිය වටේ බෙන්ච් වලින් එකක ඉදගත්තා.

"දැන් කූල් වුනාද?" ඩේ මගෙ අත අල්ලගත්තා ඇවිත්
"මම රත් වෙලා හිටියෙ නෑ."
"නිදූ..."
"ම්ම්ම්ම්..."
"මාත් එක්ක රණ්ඩු වෙන්න එපා. අද යන්න චේතියගෙ දිහා. හරිද?"
"ඇයි එයාට මාව මතක නෑ.."
"නෑ එයා එයි 5ට හරියටම මෙතනට. හොද ලමයනෙ."
"ඔයා එයාට කතා කරාද?"
"එයා මට කතා කරා. ඔයාව සප්‍රායිස් කරන්න හදලා තිබ්බෙ. එත් සොරි මම කිව්වා.."
"ඩේ එයා මගෙන් ඈත් වෙද්දී මට රිදෙනවා."
"මම දන්නවා නිදු... ඔයාගෙයි එයාගෙයි බැදීම ගොඩාක් ලොකු ලස්සන දෙයක්. එක මෙහෙමයි කියලා ඉවර වෙන්නෙ නෑ... තේරුනද?"
"ම්ම්ම්..."
"මොකො දැන්."
"එතකොට ඔයා අද තනියම."
"කමක් නෑ... ඔයා සතුටින් නේ" ඩේශිත මගෙ අත තද කරලා අල්ලගද්දී මම එයාගෙ ඇස් දිහා බැලුවා. ඒ ඇස් වල ආදරේ උතුරන්න තිබ්බා. ඒ ඇස් කරුණාවෙන් බැබලුනා. හිතාගන්න බැරි තරම් සතුටක් මගෙ හිතට දෙද්දී මම හිනා වුනා. ඒ ඇස් දිහා බලාගෙනම. එත් එක දෙයක් මම දැක්කා නොකිව්ව දිග කතාවක් එයාගෙ ඇස් අස්සෙ තෙරපුනා.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now