02.

735 111 33
                                    

කොළඹ කොටුවෙන් බැස්ස මට මහරගමට 8ට යන්න නම් 7ටවත් මහරගම බස් එකෙ නගින්න ඕනේ. කොහෙද ඉතින් ජිවිතේම මුලාවක් 3 ඉදන් නැගිටලා කාලත් නෑ හරියට.  මහරගම බස් එකෙ නැගලා මම ඉදගත්තෙ කටකපන්න නිදාගන්නවා කියලා හිතාගන්න ගමන්.

"ඕයි ඕයි... ඩේ උඹ වැරැද්දක් කරනවා මචන්."
"මම මොකක්ද බල්ලෝ කටවහන් ඉදාම්..."
"තෝ යන යන තැන කෑලි ටෝක් කරනවා... ඔය අහිංසකීට ඉන්න දීපන්.." මට ලාවට ඩේ කියන නම ඇහුන නිසා ඇස් ඇරියෙ ගැස්සිලා වගෙ... මගෙ එහා පැත්තෙ හිටිය කොල්ලා හිටියෙ යූත් එකෙ ටී එකම ඇදගෙන. මට ඉස්සරහා හිටිය කෙල්ලගෙ කොණ්ඩේ අදින ගමන්..

"බලපන් උඹ මේ කොල්ලාවත් නැගිට්ටෙව්වා..." ඩේ කියනකොට වෙනදා වගෙම ඇස් පොඩි වෙච්ච හිනාවක් ඒ මූණේ තිබ්බේ. අද රැවුල සම්පූර්ණයෙන්ම කපලා නිකන් සුදු බෝලයක් වගෙ... මට කම්මුල් මිරිකන්න හිතුනා.. එත් මම හිතන්නෙ එයාට මාව මතක නෑ..

"කමක් නෑ.." මම එහෙම කියලා ෆෝන් එක බැලුවේ වේලාව බලාගන්න. අම්මාගෙන් මිස් කෝල් 3ක්ම තියෙනවා. උදේම ආව නිසා බලන්න ගන්න ඇති. මම ආයෙත් කෝල් බැක් කරේ කොහොමත් මෙතන මාව අදෘශ්‍යමාන කෙනෙක් වගෙ. ඩේ අර කෙල්ල එක්ක කෝලම් කරනවා ඉවරයක් නැතුව.

"හලෝ..."
"ලොකු දැන් කොහෙද අනේ ලමයෝ මම කී පාරක් කෝල් ගත්තද?" අම්මා බය වෙලා හොදටම මම හරි. එත් ඩේ කියන කොල්ලගෙ යාලුවොන්ගෙ සද්දෙට අම්මට මාව වත් මට අම්මාවත් ඇහෙන්නෙ නෑ...

"සද්දේ වහපන් යකෝ කෝල් එකක කියලා පෙන්නෙ නැද්ද?" කොල්ලො ටිකට ඩේ එහෙම කිව්වා විතරයි සද්දේ ටිකක් අඩු වුනා.

"ඇහුන් නෑ අම්මා මොකක්ද ඇහුවේ."
"කෑවද දරුවෝ. කොටුවෙන් බැහැලා කනවා කිව්වා නේද?"
"තාම නෑ. බඩගින්නක් ආවේ නෑ. අම්මා බය වෙන්න එපා මම කොළඹ නොදන්නවා වගෙ නෙවේනෙ."
"අදම ඔහෙ බෝඩිමේ වැඩ කරගන්න පුලුවන්ද?"
"අද බැරි වෙයි අම්මා"
"එහෙනම් කොහෙද ඉන්නෙ අද හොටෙල් රූම් එකක් ගන්න."
"එහෙම ඕනේ නෑ.. වේතිය ඉන්නෙත් මේ බොරලැස්ගමුවේ. එයා මාව ගන්න හොල්ට් එකට එයි... මම තියන්නද අම්මා එහෙනම්..."
"පරිස්සමින් දරුවෝ..."
"දළදා සමිදු පිහිටයි අම්මා..."

මම ෆෝන් එක කට් කරලා ඩේ දිහා බැලුවා. පස්සෙ එයාම කොල්ලො එක්ක කෑ ගහන්න ගත්තා

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now