15.

462 70 24
                                    

මොනවා නැතත් උදෙන්ම කේශ් අපේ ලේ පිරිසිදු කරා. පෞ මගෙ පොඩ්ඩා... මට තිබ්බා බයිට් නොකර ඉන්න. මම නොකා හිටිය නිසානෙ කොල්ලා පිට්සා හදන්න ගියෙ. හැබැයි මගෙ බඩ ගැන හිතලා වැඩ කරපු එකාට මගෙ ගේ ගැන ටිකක් හිතන්න තිබුනා. ඇයි යකෝ ගේ ගිනි ගත්තා නම් ඌත් සෙත්තපෝච්චි මමත් සෙත්තපෝච්චි.

"මේ අද හතර දෙනා යමු ඇවිදින්න." චේතියගෙ ඉල්ලිම එක.

"මම රෙඩි" පොඩි එකා වගෙ කේශ් එක්කම සුදූ කෑ ගහනවා. දැන් මොකද මම එපා කියන්නද ඔන්න ඔහෙ මමත් ඔලුව වැනුවා.

"එහෙනම් කොල්ලනෙ කාර් එකට නගින්න තියෙන්නෙ..." චේතිය කියද්දිම සුදූගෙ මූණ දෙක වුනා කියන්නකො.

"කවුද මේවා අස් කරන්නෙ එතකොට."කේශ්ව හැඩි කරපු කුස්සිය පෙන්නලා අහද්දි අන්න මටත් එක ප්‍රශ්නයක්

"ආ නැන්දා අස් කරයි මම කියන්නම්." මමත් ගොනා සේ කිව්වා.

"මගෙන් මැරුම් නොකා ඔය තුන් දෙනාම මේවා අස් කරලා එළියට බැස්සා නම් හරි"

මොනවා නැතත් ලෝකෙටම චණ්ඩියා සුදූ ඉස්සරහා නොණ්ඩියා වෙලා ගියා චේතිය මුල සුන අරගෙන ඔක්කොම වැඩ කරනකොට නිදු දිහා මම බලන් හිටියා.

එයාගෙ වටකුරු මූණට කූරු කොණ්ඩේ ගෙනාවේ අමුතු ලස්සනක්. ටිකක් හීනි ඇස් දෙකයි, සාමන්‍ය තොල් දෙකයි. එයාගෙ හිනාව හරිම ලස්සනයි.

"ඩේ... ඩේ... අනේ මට මහන්සි... තව අර ටික හෝදන්නත් කියනවා නිදු.." කේශ් මගෙ ලගටම ඇවිත් මූනත් බෙරි කරගෙන කියවන්නෙ අඩන්න ඔන්න මෙන්න වගෙ. මේ කේශ්ගෙ එක්ස්ට්‍රා ටැලන්ට් එකක්.. ඇක්ටින්ග්...

"ම්ම්ම් හරි කාමරේට ගිහින් ඉන්න. මම මේ ටික ඉක්මනින් කරන්නම්."
"මගෙ හොද අයියා."
"දැන් ගමන යන්න කලින් ඔයා අර එක්සෑම් එකෙ ඩාන්සින් එක කරන්න.." මම එහෙම කියලා මගෙ අතෙන් කොල්ලගෙ දාඩිය පිහදාලා උඩට යැව්වා.

"අරෙහා අරයා අර කොහෙද යන්නෙ. මේවා හොදන්නෙ කවුද?" නිදු ඇවිත් අහනකොට මම හිනා වුනා.

"අයියෝ මම මේ ටික කරන්නම්. කේශ්ට මහන්සි ඇති... පවුනෙ."
"ඉතින් මට මහන්සි නැද්ද?"
"එහෙනම් ඔයත් යන්න මට මේ ටික කරන්න පුලුවන්." මම කියනකොට ආයෙත් රවාගෙන ආයෙත් වැඩ කරන්න යනවා දාඩිය පෙරාගෙන.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now