17

430 67 11
                                    

අපි නුවර එනකොටත් හොදටම හවස් වෙලා. 6ට විතර තව ටිකකින් රෑ... චේතියත් පිස්සුනෙ කෙලින්නෙ මෙහෙ ඇවිත් ටයිම් නාස්ති වුනාද මන්දා. මම හිත හිතම චේතිය මට ඉතුරු කර ගත්ත බර්ත්ඩේ ප්‍රේසන්ට් ටික ඇතුලට ගත්තා.

"සුදූ ඇවිත් අම්මා... සුදු ඇවිත්." මහ සෝනා දැක්කා වගෙ මාව දැකලා බයෙන් නංගි ඇතුලට ගියා... මූන් ඇට පිටින් මල් ගිලලද? යකෝ චේතියගෙ පුරුදු මූන්ටත් ගිහින්ද?

"කෝ එන්න... ඩේ, කේශ්"
"ඒයි මට එන්න කියන්නෙ නැද්ද" චේතිය මූණ නොරොක් කරගෙන අහනකොට මම ගැස්සුවා.

"මම කියන්න ඕනේ නැති වෙයි. අම්මේ මෙන්න ඔයාගෙ පූස් හුරතලා ඇවිත්."

අම්මා කලබලෙන් එළියට ආවේ අඩාගෙන වගෙ.

"අනේ සුදූ අපි ඉක්මනින්ම එයාව ගිහින් දාන්නම් මේ නංගිට..." මොකක්ද මන්දා කියව කියව අම්මා කොණ්ඩේ ගුලියත් ගහගෙන එළියට එනවා... පොඩ්ඩක් ඉන්න කෝ මගෙ නුවර මැණිකේට තිබ්බ දිග කොණ්ඩේ...

"අම්මේ....." පිට අය ඉන්නවද කියලත් මට අමතක වෙලා කෑ ගැහුවේ... ඒ මදිවට අපේ පොඩි යක්සනි එනවා පූසෙක් අතේ තියාගෙන...

"අම්මේ..........." මම පුලුවන් උපරිමේ බෙරිහන් දෙනකොට ඩේශිත මන් ගාවට ආවා. අර කියන්නෙ මොකක් හරි අවුලක් වුනත් ඔයා කැමති මිනිහා ඔයාව අල්ලද්දී ඔයා රතු වෙනවා කියලා.

"අම්මා අයියා රතු වෙනවා..."

"සුදූ ඔයාගෙ කන් රතු වෙලා.."

"ඔය මගුල් ජරාව දැන්ම අයින් කරනවා මගෙ ඇස් වලින්. අනික අම්මෙ ඔයා කොණ්ඩේට මොකක්ද කරේ."

"මේ නංගිව කොණ්ඩේ කපන්න එක්ක ගියා. ඉතින් මාත් ලස්සන එකක් කපා ගත්තා."
"ඔය කවුරුත් ඔය කවුරුත් මාත් එක්ක කතා කරන්න එපා... ස්පේශලි යක්සනි තෞසෙ..." මම කෑ ගහලා ගේ වටේ බැලුවා. අහ ලොකු දෝණි නැන්දා කොරියන් ඩ්‍රාමා මගුලක් දාන් බලනවා එත් ගේ වත් අස් කරන්න බෑ..

"ඩේ, කේශ් ඔයාලා එන්න මගෙ කාමරේට."
"අයියෙ ඔයා වැරැද්දක් කරනවා.." නංගිගෙ කීම අහන්නෙ නැතුව ඒ දෙන්නට පාරත් පෙන්නගෙනම මම ඇතුලට ගියා. ඉන්න මේක මගෙ නෙවේ නේද? පොඩ්ඩක් ඔහොම ඉන්න ඇයි මේ කාමරේම අනික් පැත්ත ගහලා තියෙන්නෙ.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now