06

521 95 34
                                    

මම චේතිය එක්ක ආවේ බෙහෙත් දාන්න නෙවේ මට ඕනේ වුනේ ඩේශිතව මග අරින්න විතරයි. නිතරම වගෙ මගෙ ඔලුව අවුල් කරනවා. මේ හැගීම මට දරාගන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. චේතිය එක්ක මම kfc එකට ආවේ බඩගින්නක් තිබ්බ නිසා නෙවේ උදේ ඉදන්ම කෙදිරි ගානවා යමු යමු කියලා ඒ නිසා.

"සුදූ ඇයි උඹ අවුලෙන්..."
"මම නෑ පිස්සුද?"
"මට හංගන්න පුලුවන් දෙයක් උඹට උඹේ ජිවිතේ ඇතුලේ දැන් තියෙනවා කියලා දැනෙද්දී මගෙ හිත රිදෙනවා සස්..."

චේතිය මට එහෙම කියනකොටත් මට බයයි.

"ඇත්තටම ඊයෙ අර කිස් එක දුන්නෙ ඇයි?" මට එක නෙවේ දැන් හිතන්න තිබ්බ ප්‍රශ්නෙ එත් මම ඇහුවා.

"මොන මට මතක නෑ මොකක්ද? කොහෙද? කවුද? කාටද?"
"ආහ් හරි හරි මම හිතුවා අසිහියෙන් කරපු දෙයක් තමයි කියලා ඒත්."

මම එහෙම කියද්දී චේතියගෙ ශරිර ලක්ෂණ තිබ්බේ මොකක් හරි හංගනවා වගෙ. මම එයා එක්ක ඉන්නෙ පොඩිම කාලෙ ඉදන්. අපි එකටම නුවර හැදුනෙ වැඩුනේ එත් 5 දී එයාව කොළඹ එක්කන් ආවට පස්සෙ අපි දෙන්නා ඈත් වුනා පොඩ්ඩක්. ඒත් හැමදාම මාත් එක්ක ෆෝන් එකෙන් කතා කරන්න, මැසෙජ් කරන්න වුන හැමදේම රිපෝර්ට් කරන එක තමයි එයාගෙ රාජකාරිය. අපේ බැදීම ආවේ මොන්ඩිසෝරියෙදී මම ගිය මුල්ම දවසෙ චේතිය ඇඩුවා අම්මා යනකොට. ඉතින් මම ගිහින් එයා එක්ක හිනා වෙලා එයා ලගට අරන් ඉන්නකොට එයාගෙ කෑම එක බෑග් එකෙ හැලිලා බිම පෙරලුන නිසා. අපි දෙන්නම එදා ඉදන් අපේ දෙවල් ශේයා කරගත්තා. එක තාම වලංගුයි. ඒ ආදරණීය යාලුවා මන් වෙනුවෙන් ඕනෙම දෙයක් කරනවා කියලා  මම දන්නවා.

"සුදූ... මොනවද ඔච්චර කල්පනා කරන්නෙ"
"අපි කාලා බෙල්ලන්විල පාර්ක් ගිහින් බයිසිකල් පදිමුද? මම ආසයි..."
"අයියෝ ඕක මොකක්ද යමන්... මමත් ෆිඩ්නස් ගැන මීට වඩා හිතන්න ඕනේ"
"ලබ්බෙ ෆිඩ්නස් තියෙනවා."
"අඩේහ් ඔයාට බලන්න ඕනේද? යමු වොශ් රූම් එකට මෙතන කරදරයිනෙ..."
"ඉන්නවා නම් කැ* කතා නොකිය ඉදපන්. මූඩ් එකත් කනවා මගෙ."
"හරි හරි... යමු..."

අපි කාලා බිලා එලියට ගිහින් බෙල්ලන්විල පාර්ක් එකට ගියෙ මගෙ වුවමනාවට. මොකද නැත්තම් මූ ගල්කිස්සෙ ගිහින් මල් ගහනවා. මූට ප්‍රොමිස් එකවත් මතක නැතුව ඇති.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now