30

774 58 48
                                    

ඩේ එක්ක රෑ ගෙවිලා ගියෙ ඇසිල්ලක වේගෙන්. මාව ආයෙ රිසෝට් එකට දාලා එයා ඉන්න කිව්වත් නොඉද ආයෙත් කොළඹ ගියා. මම චේතියව හොයන් යනකොට චේතිය ඒ වෙනකනුත් ඇහැරිලා හිටියෙ. එයා වුන දේ දන්නවා වගෙම මගෙ දිහා බලන් හිටියා.

"ඉතින් දැන් කේශ්ව එක්ක මොකද කරන්නෙ." මම චේතියගෙන් ඇහුවා.
"මම ආදරේ ලබන්න වාසනාවන්තයෙක් නෙවේ සුදූ... එයාට එයාගෙම කියලා ජිවිතයක් තියෙනවා. ඔයාට වගෙම මම එයාටත් යන්න දුන්නා.

"මෙච්චර දුකකින් ඉන්නවා කියලා මම දැනන් හිටියෙ නෑ චේතිය."
"මට ආදරේ කියන දේ විහිලුවක් සුදූ... පළවෙනි පාරට ඔයාව ඉක්මවලා ආදරේ කරන්න කෙනෙක් හම්බුනා එත් මට ඒක පරිස්සම් කරගන්න බෑ. කොහොමත් අපේ හැගීම් මිනිස්සුන්ට ජෝක් එකක් විතරයි."

කේශ්ව ගැන චේතියගෙ තිබ්බ හැගීම සුලුපටු වුනේ නෑ මම දන්නවා. මට පස්සෙ එයා කෙනෙක් ගැන ඔය හිතුවාමයි. එත් කේශ්වට කියලා කරන්න දෙයක් නෑ. මට මොනවද මෙයා වෙනුවෙන් කරන්න තියෙන්නෙ මම දන්නෙ නෑ. මට පුලුවන් එකම දේ එයාට ලං වෙලා හිත හදන්න. එත් වැඩියෙන් මම ලං වෙන්න ඒ අහිංසක හිත තවත් කැඩෙන එක විතරයි වෙන්නෙ.

"දැක්කද අරකි මගෙ ජිවිතේ එක්ක කරපු සෙල්ලම."
"මම කිව්වා චේ වැඩිය ඔකුන්ව කරට ගන්න එපා කියලා."
"කේශ් මට බැන්නා ඕකට හොදටම. අපි දෙන්නා රිලේශන්ෂිප් එකකට යන්න හදද්දිම එකිත් මට එහෙම කරා සුදූ.."

චේතියගෙ කතාව හරිම අවුල්. කලින් රන් කරපු කෙල්ලෙක් සෝශල් මීඩියා වලට ඌ එක්ක හිටපු ෆොටෝ ලීක් කරලා. රූමස් යන්න ගත්තා හැමතැනම. මිනිස්සු ෆේමස් වෙන්න වෙන්න ජිවිත වලට තියෙන්නෙ දුකක් විතරමයි. මට පුලුවන් එකම දේ මේ මිනිහව සනසන එක විතරයි.

🍒🍒🍒🍒🍒🍒🍒🍒🍒

අපේ දවස් හෙමින් හෙමින් ගෙවුනා. දැන් පොඩ්ඩ පොඩ්ඩ චේ කලින් වගෙම ඉන්නවා. හැංගෙන්න වගෙ මගෙ තැනම නැවතිලා හිටියෙ. එත් ඔන්න අපිට කොළඹ යන්න දවස් ආවා.

"සුදූ පුතා... ඩේ ට වැඩ ටික කරගන්න ලේසිද දන්නෙ නෑ.." අපේ අම්මා හිටියෙ සතුටින්. මට තමයි ඉතින් ඇප කැප වෙන්න වෙන්නෙ.
"සුදූ... රින්ග්ස් ටික රෙඩි කරන්න..." වෙඩින් එකට ලහි ලහියෙ අපෙ අම්මා වැඩ කරනවා. ඩෙකරේශන් ටික වගෙම හැමදේම චේතිය, සෙනිය මට ගොඩාක් උදව් වුනා. ඩේශිත ක්‍රිස්තියන් නිසාම අවුට් ඩූර් ඉවෙන්ට් එකක් තමයි මමත් කැමති වුනේ.

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now