08

515 81 43
                                    

කොච්චර වේලාවක්ද දන්නෙ නෑ මම පිට්ටනිය ලග බෙන්ච් එකෙ වාඩි වෙලා හිටියා. මට දැනුනේ අසරණකමක්... ඩේශිතට මාව පෙන්නෙ යාලුවෙක් වගෙ, ඉතින් මට චේතියව පෙන්නෙ යාලුවෙක් වගෙ. දකින දකින කොල්ලට හිතයන්නෙ නෑ මට. මේ පළවෙනි පාර ඩේශිතට කැමැත්තක් ඇති වුනේ.. අනික් දේ චෙරිට දුකක් දෙන්නෙ කොහොමද?

"මැණික... මොකද ඔයා මෙතන..."
"මුකුත් නෑ නිකන්.."
"සෙනිය මොනවද කිව්වේ..."
"ඩේ"
"ම්ම්ම්"
"ඔයා කෙනෙක්ට ආදරේයි. එත් එයා තව කෙනෙක්ට ආදරේයි. ඒ වගෙම ඔයාට ඔයාගෙම කියලා ඉන්න කෙනෙක් ආදරේයි ඔයා කාවද තෝර ගන්නෙ..."
"ඒ මම නම් මම ගොඩාක් අසරණ වෙයි."
"ඉතින් ඔයා මොකක්ද කරන්නෙ..."
"මම ට්‍රයි කරන්නම් මට ආදරේ කරන කෙනා ලග ඉන්න..."
"ම්ම්ම්.... හිතනවද පුලුවන් වෙයි කියලා."
"එක තීරණේ වෙන්නෙ ඔයාගෙ හිතේ තියෙන ආදරේ අනුව නිදු... ඔයා දන්නවද දන්නෙ නෑ නිරාෂා කියන්නෙ ඔයා දකින කෙනා නෙවේ. එයා මාත් එක්ක පුංචි කාලෙ ඉදන් තනියට හිටිය මගෙ යාලුවා. එයා මාව අත්තැරියෙ නෑ මට ලොකු ලොකු කරදර ආවත් මගෙ අම්මා නැති තැන එයා මට අම්මෙක් වුනා. මගෙ සහෝදරි වුනා. අන්තිමට එයා මට ආදරේයි කිව්වා... මේ තරම් කාලයක් මම එයාට ආදරේ කරා. එත් එක මෙහෙම ආදරයක්. ඒක ඇත්තටම මොන වගෙ ආදරයක්ද කියන්න මම දන්නෙ නෑ... එත් මම තාම මගෙ හැමදේම නිරාෂා එක්ක බෙදා ගන්නවා. ඒ නිසාම මට ඔයාවයි චෙරිවයි දකිද්දී බය හිතෙනවා. දවසක මගෙ හැමදේම හැමෝම උදුරගත්තා වගෙ ඔයාවත් මගෙන් චෙරි අයින් කරන් යයි කියන දුක මට ආවා. ඊයෙ මම බීලා අද උදේ ඉදන් ඌ එක්ක වලි. නිකන් සෙල්ලම් බඩුවක් බෙදාගන්න බැරි පොඩි එවුන් වගෙ... ඉතින් එකයි ඔයා ආදරේ කරන්නෙ කාටද කියලා ඔයාවත් නොදැන ඉන්න පුලුවන්. මම කියන්නම් ඔයාට ආදරේ කරන කෙනාගෙ වෙන්න පොඩ්ඩක් ට්‍රයි කරන්න..."
"මම ඔයාගෙ යාලුවා ඩේ හැමදාම ඔයාට මොනවා වුනත් මම ඔයා එක්ක... දැන් යමු... ඔයාටත් නිරාෂාටයි විශ් කරන්න මට කලින් බැරි වුනා... එත් දැන් මම කියනවා එයා ඔයාට ලැබුන හොදම දේ..."

මම කිව්වා මගෙ විශ් එක හදවතින්ම මම කරා... ඉතින් මේ ආදරේ මෙතනින් නවතිනවා. මම චෙරිට ආදරේ නොකරත් මම තීරණේ කරා එයාට හොදම යාලුවෙක් වෙන්න වගෙම ඩේට එයාගෙ පාරෙ යන්න දෙන්න... මෙන්න මෙතන මගෙ ආදරේ අද නොකියාම අයින් කරලා දානවා... මගෙ ආදරේ මරලා දානවා... උපන් ගෙයින්ම...

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now