07

525 90 42
                                    

උදේ පාන්දරම මොන යකා කෝල් කරනවද මන් දන්නෙ නෑ... රෙද්ද මටත් නිදිමතයි මැරෙන්න.

"හලෝ..." නම වත් බලන්නෙ නැතුව නින්දෙන්ම ෆෝන් එක අන්සවර් කරා...

"හලෝ.. බබා... මේ ඩේශිත නේද?"
හුටා මේක මගෙ ෆෝන් එක නෙවේ... කෙලවෙනවා කියන්නෙ අප්පගෙ කෙලවීමක් මේක. මම එකසැරේම කෝල් එක කට් කරා... නැගිටලා බලද්දී ගුලි වෙලා මගෙ ලග ඩේ නිදි ඊයෙ ඇදුම් පිටින්ම.

"ඩේ... ඩේ.... ඩේ....." කොච්චර කරත් ඔච්චරයි. මම ඔලුව කොට්ටේ උඩින් තියලා නැගිට්ටා...

"ආව්ව් අත..." අතටත් ගගහා මම නැගිටලා නාලා වෙනදා වගෙම සුරේ අයියගෙ කඩේන් උණු තෝසෙ ගෙන්න ගියා. ඇවිත් බලනකොටත් ඩේ නිදි. මමත් ඔහෙ හිටියා ඕනේ වේලාවක නැගිටපන් කියන්න වගෙ... එයාගෙ ෆෝන් එක ආයෙත් රින්ග් වෙනවා. මේ පාර නම් එයා නැගිටලා අන්සවර් කරා...

"හලෝ..."

"ම්ම්ම් යාලුවෙක්ගෙ ගෙදර..."
"ම්ම්ම් හරි හරි බබා... ඔයා එන්න යාලුවො එක්ක. මම එන්න පරක්කු වෙයි අද.."

මම තේ එකකුත් හදලා මේසෙ උඩින් තිබ්බා.. එයා ෆෝන් එක තියලා මගෙ දිහා ටිකක් වෙලා බලන් ඉදලා.

"ගූට් මෝර්නින් සුදූ..." එයා අත් දෙකත් මිටි මොලවගෙන කලවා උඩින් තියාගෙන බෙල්ල ඇල කරලා මට කිව්වාම අම්මොහ් මට මොකක්ද වෙලා ගියා.

"ගුට් මෝර්නින් ඩේ... ඔයා සුදූ කියන්න ඕනේ නෑ අනේ නිදු කියන්න..." මම කිව්වාම එයා ඇදෙන් නැගිටලා තිබ්බ චූටි මේසෙන් ඉදගත්තා.

"ඇයි සුදූ කියන්න පුලුවන් චේතියට විතරද?"
"නෑ අපේ ගෙදරත් චේති ගෙ ගෙදරිනුත් කියන්නෙ එහෙම..."
"එහෙනම් මාත් කියන්නම්... මොකද එයා ඔයාගෙ බෝයිෆ්‍රේන්ඩ් නෙවේනෙ.."
"එයා බෝයිෆ්‍රේන්ඩ් තමයි..." ඩේශිත මේසෙ උඩ තිබ්බ මගෙ අත අල්ල ගත්තා මිරිකුවා එක මට ගොඩාක් රිදුනා.

"ඇත්තනෙ... කොලු යාලුවා වෙන මුකුත් නෑ... නාලා කමු... මම දෙන්නාටම එක්ක කෑම ගෙනාවේ..." මම කෑම එක පෙන්නලා කිව්වා...

"මම කට හෝදන් කන්නම් මේවා උණුයිනෙ..."
"ඩේ එහෙම බෑ යන්න නාලා එන්න. ඔයා ඊයෙ රෑ නැවෙත් නෑ.."
"සුදූ... බඩගිනි... මේ ලෑල්ල වගෙ වෙලා මගෙ බඩ... ම්ම් ම්ම් ම්ම්ම්" ඩේශිත වතුර වීදුරුවක් අරන් කට හෝදගෙන ඉදගත්තා...

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now