25

292 40 4
                                    

සුදු

මම ඇත්තටම බයම දේ මේකයි. ඩේට පිටුපාන්න වෙන එක. එයාගෙ ඇල්බම් එක අවුල් යයි කියන හැගීම මට කොච්චර වේදනාවක් දෙනවද කියලා මට තේරෙනවා. මම ඩේගෙ ගෙදරින් එළියට ඇවිත් චේතියගෙ ගෙදර නැවතුනා. ඩේ ගාවට චේ නිතරම ගියෙ මම කියලා නෙවේ. එයා එච්චරටම ඩේ ට බැදිලා හිටියා. අපි දෙන්නම වටේට තුන්කොන් ප්‍රේමයක් තියෙනවා. දෙන්නම වටේට. මට චේතිය වගෙම එයාට නිරාෂා. අපි දෙන්නා එක්ක කොච්චර දුරක් ගියත් අපි තැනක නවතිනවා.

එදා අපි දෙන්නා අපේ හැගීම් බේදාගන්නකොට එයාගෙ හුස්ම මගෙ ඇගේ ගෑවෙනකොට මගෙ ජිවිතේ මම මුල්ම පාරට මිනිහෙක්ගෙ ස්පර්ශයක් දැනෙන්න ගත්තා. ඇග පුරාම දිවෙන එයාගෙ ඇගිලි අමුතු ආදරයක් මට පෙන්නන්නකොට මම හිටියෙ වෙනමම ලෝකෙක. එයාගෙ තොල් වල මත් ගතිය දැන් මට මතක් වෙද්දී මමත් එකෙන් මත් වුනාද කියලා හිතෙන්න තරම් මම අන්ධ වුනා. ඉතින් එදා ඒ රෑ ගෙවුනා අපි දෙන්නව මෙන්න මෙහෙම දෙපැත්තකට කරලා.

"සුදූ.... කවමදාවත් මට පිටුපාන්න එපා..." එදා රෑ ඩේ ගෙ වචන මගෙ කන් වල දෝංකාර දෙනකොට ඉබේම මගෙ කන් වහගත්තා. ඇයි දෙයියනේ අපිට මෙහෙම වුනේ. මම තවත් එයා ගාව හිටියා නම් ඒකෙන් එයාට එයාවම නැති වෙනවා.

"සුදූ ඔයා ඇත්තටම වුන දේ කිව්වේ නැත්තම් මට ඩේ ට උදව් කරන්න විදියක් නෑ..." හැමදාම වගෙ අදත් චේතිය ආව ගමන් කෑ ගහනවා. දැන් ඉස්සර වගෙ මෙයත් මගෙ පැත්තේ නෑ කියලා මට දැනෙනවා. එයා හිටියෙම ඩේශිතගෙ පැත්තෙ.

"මුකුත් වුනේ නෑ චේතිය"
"මට කොලේ වහන්න එපා බං. ඌ පිස්සෙක් වගෙ සිංදු මාරු කරන්න යනවා. උඹ දන්නවා තව සති දෙකයි තියෙන්නෙ ඔක්කොටම."
"මම මොනවා කරන්නද? මමත් අසරණයි."
"උඹ අසරණ නෑ අපිව අසරණ කරනවා. දැන් අඩුම තරමේ අරු ගාව කේශ්ව වත් නෑ. දන්නවා ඌත් රට ගියා කියලා."
"චේතිය මගෙ හැගීම් වටින්නෙ නැද්ද දැන් ඔයාට."

"සුදූ මේ නාඩගම නවත්තන්න."
"බෑ.... චේතිය දැන් මම ඩේ ගාව හිටියා කියන්නෙ එයාගෙ ජිවිතේම අඩමානයි..."
"මොන කෙහෙල් මලක් ගැනද බල්ලො කියවන්නෙ."

"නිරාෂා ප්‍රෙග්නට්." මම කිව්ව ගමන් චේතිය උඩ ගියා. ඇත්තටම මමත් ඕක ඇහුවාම පුදුම වුනා. අපි දෙන්නා අතරේ වුන දේ නිරාෂා දැක්කා. එදා එයා මට නොවදිනා වැදුම් වැදලා අඩ අඩම කිව්වේ ඩේව එයාට දෙන්න කියලා."

🌻 Be My Sunshine 🌞 Complete 🍒Where stories live. Discover now