🐰තේහ්‍යුන්,තේහ්‍යුන් නැගිටල ලැහැස්ති වෙන්න ඔයාට ඔෆිස් යන්න පරක්කු වෙනවා කිව්ව නේද..
ජන්කුක් ඔය උදේ පාන්දරම තේහ්‍යුන්ට ඇහැරවන්නෙ තේහ්‍යුන්ට ඔෆිස් යන්න පරක්කු වෙන නිසා..
🐯ආශ්..යනවකෝ යන්න..මල වදේ..උදේ පාන්දර ඔය මූණ මට පෙන්නන්නෙ නැතුව..
ඒත් අදත් ඒ වගේමයි..ජන්කුක් තේහ්‍යුන්ව ඇහැරවනකොට අදත් තේහ්‍යුන් ජන්කුක්ගෙ ඇගට කඩාගෙන පැන්නා..
🐰සමාවෙන්න..
කියපු ජන්කුක් එයාගෙ ඇස් වලින් එළිය එන්න දගලන කදුළු එළියට එන්න දෙන්නෙ නැතුව අමාරැවෙන් ඒව වලක්වගෙන තේහ්‍යුන්ගෙ කාමරෙන් එළියට ගියා..
තේහ්‍යුන් ජන්කුක් මැරි කරපු දවසෙ ඉදලම නිදා ගත්තෙ කාමර දෙකක.ඒ වගේම පුංචි ආරව එයාලට ලැබුනෙ තේහ්‍යුන් පාටි එකකට ගිහිල්ලා කෙලින් හිටගන්න බැරැව බීල ගෙදර ඇවිත් ජන්කුක්ගෙ හැහදේම අරගත්ත දවසෙ..
ජන්කුක් තේහ්‍යුන්ගෙ කාමරෙන් එලියට ඇවිත් ඉට පස්සෙ ගියෙ පුංචි ආරව නැගිට්ටවන්න..
🐰 ආරා..නැගිටින්න බබා..ඔයාට ඉස්කෝලෙ යන්න පරග්කුයි..
💕තව සුට්ටයි අම්මා..
🐰 අනේ මැණික..ඉක්මනින් නැගිටින්නකෝ..
ජන්කුක් ආරගෙ ඇදේ ඉදගෙන ඔළුව අතගාන ගමන් කතා කලා..
💕 කිව්වනෙ තව ටිකක් නිදාගන්න දෙන්නකෝ..
🐰අනේ..පරක්කු වෙනවනේ මැණික..
ජන්කුක් ආරගෙ ඔළුව අතගාන ගමන් ආයෙමත් කිව්වා..ඒත් ආර කලේ ජන්කුක්ගෙ අත ගසලා දාල තරහෙන් නාන කාමරේට ගියපු එකයි..
🐰මම මෙයාල දෙන්නට කොච්චර ආදරේ කලත්.එයාලගෙන් මට ලැබෙන්නෙ කෑගැහිලි රැවිලි ගෙරවිලි විතරයි..මම දන්නැ මොනවා කරන්නද කියලා..
ජන්කුක් තමන්ට මුමුන ගෙන ආරගෙ කාමරේ අස් කරලා පහලට ගියේ බ්‍රෙක්ෆස්ට් එක හදන්න හිතාගෙන..
🐰මොනාද හදන්නෙ..ම්ම් පෑන්කේක් හදලා ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් හදනවා..එයාල දෙන්නම ආසයිනෙ..
ජන්කුක් පෑන්කේක් හදල්න පටන් ගත්තා..
පැය බාගෙකින් ජන්කුක් පෑන්කේක් ටික හදලා මේසෙ උඩින් තියලා කිචන් එකට ගියෙ මිල්ක්ශේක් හදන්න..
ජන්කුක් මිල්ක්ශේක් දෙකක් හදාගෙන මේසෙ උඩින් තියන්න යනකොටයි දැක්කෙ තාත්තයි දුවයි කෑම කනවා කියලා..
ජන්කුක් මිල්ක්ශේක් දෙකත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා දැකපු තේහ්‍යුන්,
🐯 ඔය දෙක ගෙනාවෙ අතේ තියාගෙන ඉන්නද..
🐰අම් නෑ..ඔයා කියලා තියෙනවනේ ඔයාල කන වෙලාවට ඔතනට එන්න එපා කියලා ඒකයි හිටියෙ..
🐯ඕක තියලා යනවා..
තේහ්‍යුන් ටිකක් සැරෙන් කිව්වහම අඩියට දෙකට මේසෙ ලගට ගිහින් මිල්ක්ශේක් දෙක තියලා ආපහු කිචන් එකට ගියා..
විනාඩි ගානකින් තාත්තයි දුවයි කාල ඉවර වෙලා ගෙදරින් පිටත් උනේ ජන්කුක්ට කියන්නෙවත් නැතුවයි...
🐰 අදත් ගියා..මම පිට කෙනෙක්ද..අඩුම ගානෙ අපි යනවවත් නොකියන්න තරම්...
ජන්කුක් දොර දිහා බලන් කල්පනා කරලා ආපහු එයා කෑම මේසෙ දිහා බැළුවා..
🐰හ්ම්..අදත් උදේ කෑම ඉතුරැ නෑ..
ජන්කුක් එහෙම කිව්වෙ හැමදාම උදේට හදන කෑම සේරම ටේබල් එකෙන් තියලා එයාගෙ හස්බන්ඩ් වගේම එයාගෙ දුව කාල ඉතුරැ වෙන කෑම කන්න බලාගෙන ඉන්න නිනා..ඒත් හැමදාම තේහ්‍යුන් කරන්නෙ සේරම කාලා ඉවර කරනවා නැත්තන් ඉතුරැ කෑම වලට වතුර ජේගුව හලලා යන නිසා..
ජන්කුක් එයාට බනනා මිල්ක්ශේක් එකක් හදාගෙන ගෙදර සේරම අස්කරන්න පටන් ගත්තා..
තේහ්‍යුන්ගෙ ගෙදර කාමර 27ක් තට්ටු තටුටු හතරක කිචන් එක ගානෙ වගේම ඒ මුළු ගෙදරම මකුළු දැල් කඩලා අතුගාල මොප් කරන්න පැය පහකට වඩා යනවා..
තේහ්‍යුන්ගෙ ගෙදර මේඩ්ලා හිටියත් ජන්කුක්ව මැරි කරපු දවසෙම මේඩ්ල සේරම තේහ්‍යුන් අයින් කලා..ඒ වගේම මුළු ගෙදරම අස්පස් කරන්න උයන්න පිහන්න රෙදි සෝදන්න වැඩ කරන්න උනේ ජන්කුක්ට..
🐰හහ්..පැය හතරක් ගියා මුළු ගේම අස්කරන්න..
ජන්කුක් නලල දෙපැත්තෙන් ගලාගෙන ගිය දාඩිය පිහදාන ගමන් කිව්වා..
🐰දැන් තියෙන්නෙ ගාර්ඩ්න් එක සුක්ද කරලා ඒවට වතුර දාල මිදුල අතුගාන්න..
ජන්කුක් කොස්ස කිචන් එකෙන් තියලා සෙරප්පු දෙක දාගෙන ගාර්ඩ්න් එකට ගියා...
