තේහ්‍යුන් ආරි එක්කා කා එකේ ගෙදර යන ගමනුයි හිටියෙ..එකපාරටම ආරි.
💕 තාත්ති තාත්ති නවත්තන්න..
ආරි කෑ ගහපු පාරට බය උන තේහ්‍යුන් කා එක පාරෙ අයිනකින් නතර කලා..
🐯ඇයි මොකෝ උනේ..
💕අපි ශොපින් ගිහින් යමු..
🐯 මේ දැන්ද.
💕ඔව්.තවම හවස 5 නෙ..ගිහින් යමුද..
🐯 හ්ම්.යමු..
💕යේ!!!!
ආරිට තියෙන ආදරේ නිසාම තේහ්‍යුන් ආරිව එතන තිබුන ලොකු ශොපින් මෝල් එකට එක්ක ගෙන ආවා..
ආරි එයාටයි එයාගෙ තාත්තිටයි ගොඩක් බඩු ගත්තා..ඒත් දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ගෙදර එයාලගෙ ගෙදර හැම වැඩේම කරන එයාලගෙ හැමදේම හොයන අහිංසක ජන්කුක්ව දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් මතක් උනේ නැ..
💕හරි.ඉවරයි.තැන්කූ තාත්ති..
🐯 මගෙ ආරිගෙ සතුටුනම් මටත් එහෙම තමා.ඒ නිසා තැන්කූ එපා..
💕බිල් කරමුද..
🐯බබා.ඔයා බිල දාන්න දෙන්නකො.තාත්ත ඉක්මනට එන්නම්..
💕කොහෙද යන්නෙ..
🐯 ඔයා යන්නකො තාත්ත එන්නම්.
💕හරි..
තේහ්‍යුන් ආරිව එයාගෙ බඩු බිල් කරන්න යවලා තේහ්‍යුන් ගියෙ චොකොලට් තියෙන පැත්තට..එතනට ගිහින් චොක්ලට් හතරක් අරගෙන ආපහු ආවෙ අයිස්ක්‍රීම් තියෙන තැනට.එතනින් ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් වගේම වැනිලා අයිස්ක්‍රීම් පෙට්ටි හතරක් පහක් ගත්ත තේහ්‍යුන් ඒවත් අරගෙන ගියෙ බිල දාන්න..
අයිස්ක්‍රීම් වලයි චොක්ලට් වලයි බිල දාපු තේහ්‍යුන් ඒවත් අරගෙන ආරි ඉන්න තැනට ගියා..ඒ වෙනකොටත් ආරි ගත්ත ඇඳුම් සපත්තු කොන්ඩකටු වගේ ගොඩක් දේවල් අරගෙන..ස්ටාෆ් එකේ බෝයි කෙනෙක් ඒ බඩු තේහ්‍යුන්ගෙ කා එකට දාල තිබුන නිසා තේහ්‍යුන් කෙලින්ම කා එකට නැගලා ගෙදර එන්න පිටත් උනා..
💕 මොනා ගන්නද මෙච්චර වෙලා ගියෙ තාත්තා..
🐯 ගෙදර තව කෙනෙක් ඉන්නවනෙ..
