19 💚💜

836 158 10
                                    

ජංකුක් හිටියේ ටේ ගෙදර එනකම්. ටේ එද්දි රෑ වුනා. අද office එකේ වුන දෙයින් ටේ ජංකුක්ට තනියම ගෙදර යන්න කිව්වා. ටේ ඇවිත් කෙලින්ම කාමරේට ගිහින් නාගත්තා. ටේ නාගෙන කෙලින්ම ගාඩන් එකට ගියා. ටේ ජංකුක්ව බලපු නැති නිසා , ටේ දැක්කේ නැ කුකිගේ මුන මැලවිලා තියෙනවා.

රෑ 12 ට විතර ටේ කුස්සියට ගියේ වතුර එකක් බොන්න.ටේ කන්න මොනා හරි හොයන්න ගත්තා.ෆ්‍රිජ් එක ඇරියාත් එයාගේ හිතට හරියන කෑම එකේ ඇතුලේ තිබ්බේ නැ. එතකොට ටේ දැක්කා ජංකුක් රෑට හදලා මෙසේ උඩ තිබ්බ කැම.

මෙසේ ලඟට දුවගෙන ගිය ටේ ඉදගෙන කැම කන්න ගත්තා. රෑ වෙච්ච නිසා කෑම සිතල වෙලා තිබ්බා. ඒත් ටේ බඩගින්නටත් එකක්ම කැවා.හත් අවුරුද්දකින් කාපු නැති ඉතියෝපියන් ඔටුවෙක් වගේ කෑම ටික කන්න ගත්තේ කට වටේත් මේසේ හැම තැනමත් හලාගෙන.

එයාගේ කෑම ඇත්තටම රසයි.........

ටේ කාලා ඉවර වෙලා ආවේ කාමරේට. සම්පුර්ණ කාමරේම ඝන අඳුරේ තියෙද්දි ටේ ගිහින් කාමරේ ලයිට් ඔන් කරා.
ඔන් කරලා ටේ හැරෙනවත් එක්කම ඇඳ උඩ වකුටු ගැහිලා හොඳටම නින්ද ගිහින් ඉන්න එක්කෙනාව දැක්ක ටේගේ හිත මොනාම හරි දෙයකට රිදෙන්න ගත්තේ එයාවත් දන්නේ නැති හේතුවකට.

හිමින් අඩි තිය තිය කාමරේ ඇඳ ලඟට ගිය ටේ එතනම කොනක ඉද ගත්තේ ජන්කුක්ගේ නින්දට බදා නොවෙන්නයි.ජන්කුක් ඔලුව තියන් ඉන්න කොට්ටේ හරිය හොඳටම තෙත් වෙලා.ඒ හරිය අල්ලලා බැලුව ටේහියුන්ග්ට ඒ වේලාවෙත් අතට තෙත ගතියක් දැනුනා.

AC එක කැඩිලාවත් ද ..........

ටේහියුන්ග් එතනම උඩ තිබ්බ AC එක දිහා බලන් එහෙම මුමුනලා ආයේම බැලුවේ ජන්කුක් දිහා. ටේට ඇහුනේ ජංකුක් කෙදිරි ගානවා. ටේ හිමිහිට ජංකුක්ගේ නලල අල්ලලා බලද්දි එයාට දැනුනා, කුකිගේ ඇග රස්නෙයි කියලා.

ටේ ඉක්මනින් ගිහින් බෙහෙත් පෙට්ටියෙන් පැනඩෝල් දෙකකුයි. Priton එකකුයි අරන් ඇවිත්, නින්දෙන් ඉන්න ජංකුක්ට පෙව්වා. ජංකුක්ට පොවලා ජංකුක්ව ඇදේ හාන්සි කරෙව්වා.

විනාඩි කිහිපයකට පස්සේ තමන්ගේ වැඩේ ඉවර කරපු ටේ සීතලට ඇඳෙ ගුලි වෙලා අතුත් එකට එකතු කරන් ඉන්න ජන්කුක්ගේ මුලු ඇඟම වැහෙන්න ඩුවට් එක පෙරවලා ජන්කුක්ගේ මුහුන දිහා ටික වේලාවක් බලන් හිටියා.

The Contract HusbandWhere stories live. Discover now