27💚💜

904 176 12
                                    

After 8 months

ජංකුක් ටේව දාලා ඇවිත් මාස අටක් වෙලා. ඒ වගේම දැන් එයාගේ බංඩියටත් මාස නවයයි. ගෙදර හැමෝම කුකි ගැන අවදානෙන් ඉන්නේ. මේ මාස අටටම ටේ කොච්චර කුකී ලගට ඇවිත් සමාව ගත්තත්, කුකී සමාව දුන් නෑ. එදත් ටේ ආවේ කුකීගෙන් සමාව අරන් කුකිව එක්කන් යන්නයි.

🛎.........Ding...... 🛎

දොරේ බෙල් වැදෙද්දි ජිමින් ගිහින් අරින්න හැදුවත්, කුකී එයාව නැවත්තුවා.

එපා චිමී..........ඇවිත් ඉන්න කෙනා කව්ද කියලා දන්නවනේ...........එයාට කොච්චර කිව්වත් අහන් නෑ...............

ඒත් කුකී...........

මම කිව්වනේ සැරයක්......මම එයාට කතා කරන්නම්.......
ජංකුක් එහෙම කියලා , නැගිටිලා ගියා.

ජංකුක් ගිහින් දොර අරිද්දි, එයා හිතුවා වගේ ඇවිත් හිටියේ ටේ, ටේගේ මුනේ හිනාවක් ඇදුනේ, බනී පිංතුරයක් තියෙන pregnant frock එකක් ඇදගෙන බණ්ඩියත් අල්ලන් ඉන්න කුකීව දැකලා.

කුකී මාස පහකින් පස්සේ pregnant frock ඇන්දා. එයාට ඒවා සැහැල්ලු නිසා. ඒ වගේම කුකී මහත් වෙලා හැබැයි ගොඩාක් ලස්සන වෙලා. තරමක් කොන්ඩෙත් හැදිලා, ටේ එහෙම කුකීව දැක්කම එයාට ඇත්තටම සතුටු හිතුනා.

ටේ කුකීගේ බඩ අල්ලන්න යද්දි, ටේ කරන්න යන දේ දැන ගත්ත කුකී පස්සට ගියා. කුකී එහෙම කරපු ගමන් , හිනාව නැති කර ගත්ත ටේ බිම බලාගෙන එයාගේ ඇගිලි ගුලි කරන් අත පහලට දැම්මා.

ඇයි ආවේ...................
හැමදාම කුකී අහන ප්‍රශ්නේ, මේ මාස අටම ටේ ආව ගමන් කුකී ටේගෙන් අහන ප්‍රශ්නේ.

ඔයාවයි අපේ පැටියවයි බලන්න.....ඔයාලා හොදින් ඉන්නවද...........
ටේ අහද්දි කුකී අහක බලාගෙන

ඔයා නැවිත් හිටියෝත් අපි හොදින් ඉන්නවා..........මොකට ඔය මුන මට හැමදාම උදේට පෙන්නනවද මන්දා...........

කුකී කටට ආව වචන පිට කරත්, ටේට ඒක රිදුනා. ටේ ආයෙත් බිම බලාගෙන හිනාවුනේ ,එයාට මේවා දැන් හුරුයි. මාස අටටම කුකී නොයෙකුත් කතා ටේට කිව්වා.

මැනික කෑවද.................කන්න ආස දෙයක් තියෙනවනම් කියන්න මම ගෙනත් දෙන්නම්...............

මට ඕන නෑ........අනික මං ගැන හොයලා බලන්න හියුන් ,ඔම්මා අප්පා යුංගි ජුන් හියුන්ලා ඉන්නවා.................

එතකොට මැනිකට මං නැද්ද...........
ටේ ඇහුවේ කැඩිච්ච කටහඩකින්

තමුන් මොකටද මට.........මටයි මගේ දරුව-

අපේ දරුවා......මැනික මේ අපේ දරුවා.......එයා බඩේ ඉද්දි එහෙම කියන්න එපා.....එයාගේ අප්පාව වෙන් කරන්න එපා........

බෑ.........මේ මගේ දරුවා.....තමුන්ගේ seeds වලින්  ආවත් ඒක තමුන් කැමත්තෙන් කරපු දෙයක් නෙමෙයි ටේ.......මම විදපු දුකට දෙවියන් මට දුන්න තෑග්ග මේ දරුවා........එයාව මම තමුන්ට දෙන් නෑ................

ජංකුක් ටිකක් සද්දෙන් කෑගැහුවා. ඒ වෙනකොට ගෙදර හැමෝම මේක අහගෙන හිටියේ, යුංගි හැර, මීට මාස කිහිපයකට කලින් යුංගි Jeon cooperation එක බාර ගත්තා.

ටේ එද්දි යුංගි වැඩට ගිහින්. ටේ ටිකක් හරි හිතට හයිය අරන් ඉන්නේ යුංගි නිසා. යුංගි හැමදාම හවස ටේව හම්බවෙන්න යනවා. යුංගිගේ යචන නිසා ටේ , ටිකක් හිත හදාගෙන ඉන්නවා.

ජංකුක්ගේ සද්දෙට ටේ කට වහගත්තේ, ජංකුක් ඉන්න තත්වේ අනුව එයාව මහන්සි කරන්න ඕන නැති නිසා. ඒත් ගෙදර අයත් පාඩුවේ හිටියේ මේක ඒ අයට පුරුදුයි. ටේ හැමදාම බැනුම් අහලා යන එක.

ආහ්..........ම්ම්.........
කුකී බඩත් අල්ලන් කැගැහුවේ ගොඩාක් වෙලා හිටගෙන හිටිය නිසයි. ඒ එක්කම ටේ කුකිව අල්ල ගන්න ගියා.

මැනික...........

එපා............
ජංකුක් එයාගේ අතින් සන් කරේ ටේට එයාව අල්ලන්න එපා කියලා. සද්දෙට චිමි දුවගෙන ආවා.

කුකී......ඇයි මොකද වුනේ...............
ජිමින් ටේව බලලා , කුකී ලගට දුවගෙන ගියා.

කකුල් දෙක රිදෙනවා චිමි................

අපි ඇතුලට යමු කුකී...........
චිමි එහෙම කියලා කුකීව ඇතුලට එක්කන් ගියේ, ටේට හැමදේම හොදින් වෙයි දුක් වෙන්න එපා කියලා සන් කරලා. කුකී ඇතුලට යනකම් බලාගෙන හිටිය ටේ එහෙමම ආවේ කාර් එකට නැගලා office ගියා.

කුකීව එක්කන් ඇවිත් වාඩි කරවපු චිමි , කුකිට බොන්න කිරි එකක් හදලා දිලා , කුකීව කාමරේට එක්කන් ගිහින් ඇදේ හාන්සි කරෙව්වා. ටික වේලාවකින් කුකා නිදාගත්තට පස්සේ චිමි එයාගේ කාමරේට ආවා.

හැමදේම කල්පනා කරපු චිමි , මේකට විසදුමක් දෙන්න හිතාගෙන plan එකක් හදන්න ගත්තා. චිමි කල්පනා කරේ කොහොම හරි ටේවයි කුකීවයි එකතු කරනවා කියලා.






අපේ චිමී මොනවා කරයිද දන් නැනේ...............


ලමයි කතාව ඉවර වෙන්න යන්නේ, ඊට පස්සේ MONSTER KING daily updates දෙන්නම්. ඒ කතාවට ඔයාලා කැමතිද .

The Contract HusbandWhere stories live. Discover now