09

2K 247 36
                                    

මම පසුදා උදෑසන අවදිවන විට අයියා මගේ පපුව වටා අතක් යවා නින්දට වැටී සිටියේය. අපි දෙදෙනාම තවමත් නග්නව එකිනෙකාට තුරුළුව සිටියෙමු. මම දිගු සුසුමක් ගෙන නැවත වතාවක් දෑස් පියාගත්තෙමි. මට දැඩි අලසබවක් දැනෙන්නට වූ අතර තවත් පැයක් දෙකක් නිදාගන්නට ඇති නම් යන සිතිවිල්ල හිස තුළ රජ කරද්දී මම අයියාගේ අත මගේ පපුව මතින් ඉවත් කොට ඇඳෙන් බැස ගත්තෙමි. පුස්තකාලයේ තිබූ පොත් දෙස මොහොතක් බැලූ මම ඉන්පසුව මේසය මත තිබූ අයිස්ක්‍රීම් බඳුන දෙස බලා සිටියෙමි. සැබැවින්ම මම කරන්නේ මොනවාද යන්න පිළිබඳ මට පැහැදිළි අදහසක් නොතිබුණු මුත් ජීවිතය ඔහේ ගලා යන්නට ඉඩ දීම මගේ ‌නොපිළිගත් යුතුකමක් බව මම සිතාගත්තෙමි. 

'නැගිට්ටද?' අයියා වියැලුණු හඬකින් ප්‍රශ්න කරද්දී මම පසුපස හැරී බැලුවෙමි. 

මම කිසිවක් නොකියා බිම තිබූ මගේ ඇඳුම් අහුලා ගන්නට වූයෙමි. මම මගේ කලිසම දෙපයින් දමා ගැනීමට තැත් කරද්දී අයියා මගේ ඉණ වටා දෑත් යවා මගේ සිරුර ඔහු දෙසට ඇද ගත්තේය. මම තිගැස්සී දිගු සුසුමක් ගෙන ඔහුගෙන් ගැලවෙන්නට තැත් කරද්දී ඔහු ඔහුගේ ග්‍රහණය තව තවත් වැඩි කළේය. 

'දැන් ඇති නැද්ද රෑ කරපු ඒවා?' මම විමසුවෙමි.

'ආහ්..' ඔහු මගේ ඉණ පසුපසත් තට්ටම් දෙකත් සිප ගනිද්දී මම මගේ සිතටම බලකරගත්තේ මගේ සාමාජිකයාට උත්තේජනය නොවී ඉන්නට යැයි බල කරනා අතරේමදීය. 

'දැන් මම යන්න ඕන.' මම අවසානයේ ඔහුගෙන් ගැලවුණෙමි. 'මට කරන්න.. අර්.. වැඩ ගොඩක් තියෙනවා.' 

'මම කල්පනා කළේ අද අපි දෙන්නා එක්ක ෂොපින් ගියා නම් මොකද කියලා. පොඩ්ඩක් එහෙ මෙහෙ ඇවිදලා ඇවිත් ඊට පස්සේ ආයත් සැරයක් මේ ඇඳේ-' 

'නෑ!' මම කෑ ගැසුවෙමි. 'ආයත් මේ ඇඳට එන්නේ නෑ!' 

'මම කිව්වේ මේ ඇඳේ වාඩි වෙලා පොතක් කියවමු කියලා.' ඔහු අහිංසක ලෙස පවසා සිටියේය. 'ඇයි ඔයා වැරදියට හිතන්නේ?' 

'මම වැරදියට හිතුවා කියලා ඔහා කොහොමද දන්නේ?' මම ආපස්සට විමසමින් කලිසම ඇඳ ගත්තෙමි. 'අනේ මේ අනුජ. මම ගොනෙක් කියලා හිතන්න එපා.' 

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now