11

1.4K 192 21
                                    

අයියාගේ අතක් මගේ කලවය මතින් ඇදී ගොස් මගේ දෙපා මැද නතර වෙද්දී මම ඔහු දෙස බැලුවෙමි. අපගේ මෝටර් රථයේ වීදුරු ජනේල වල කළු පාට වැස්ම ඉහළට ඇදෙන සේ බොත්තම තද කළ අයියා අඩවන් වූ දෑසින් මා දෙස බලා මගේ කොපුලක් මතින් ඔහුගේ අතක් තබා මා දෙසට නැඹුරු වූවේය. 

අයියාගේ සීතල ‌දෙතොල මගේ තොල් මතින් තද වද්දී ඔහුගේ අතක් මගේ දෙපා මැද සම්බාහනය කරන්නට විය. මම වෙව්ලා යමින් ඔහුට කැමැත්තක් කරන්නට ඉඩ හැරියෙමි. සීමාවක් නොමැතිව මම කරමින් සිටි දෙයෙහි ආදීනව සිතීමට තරම් සිහියක් මා සතුව නොතිබිණි.

ඔහුගේ අතක් මගේ කලිසමේ ශිපරය පහතට ඇදීමට තැත් කරද්දී මම ඔහුගේ අත මගේ පාදයෙන් ඉවත් කළෙමි. 

'ඇති දැන්..' 

තවමත් අඩවන් වූ දෑසින් මා දෙස බැලූ අයියා මා දෙස මද වෙලාවක් බලා සිට මගේ කමිසය උරයෙන් පහළට මදක් ඇද දමා ඔහුගේ තෙත තොල් වලින් මගේ ගෙල සිප ගන්නට විය. මට එයට විරුද්ධ වීමට අවැසි න‌ොවූ නිසාවෙන් මම ඔහුට කැමැත්තක් කිරීමට ඉඩ හැර මගේ ගෙල පසෙකට ඇද කර ඔහුට සිප ගන්නට අවකාශය සලසා දුන්නෙමි. 

මගේ උරයත් පපුවත් අතරින් ඔහුගේ ‌තොල් නතර කළ අයියා එතැන උරන්නට වූ අතර මගේ මුවින් පිටවූ උච්ච කෙඳිරීම මොහොතකට ඔහුවද බියට පත් කළේය. 

'මම..' අයියා දිගු සුසුමක් හෙළුවේය. 'බයත් වුණා.' 

මට හැඬීමට අවැසි තරම් සිතිවිලි හිරවීමක් දැනුණු අතර මම අයියාගෙන් ඉවත්ව වාහනයේ අනෙක් පසට හිස තබා ගත්තෙමි. 'මට ගෙදර යන්න ඕන.' 

'අද අපි එළියේ ඉන්නනේ හිටියේ..' අයියා පසුතැවිල්ලට පත් හඬකින් පවසද්දී මම ඔහු දෙස නොබලා සිටීමට උත්සාහා දරන්නට වූයෙමි.

'ඔයාට.. තේරෙන්නේ නැද්ද සසේන්.. අපි දෙන්නා අයියයි මල්ලියි..' මම ඉක්කාවක් සමගින් පවසද්දී අයියා මොහොතක් මා දෙස බලා සිටියේය.

'ලේ නෑකමක් නෑ?' 

'ඒත් තාමත් අපි දෙන්නා සහෝදරයෝ.' මම නාසය මතින් ගලා ගිය කඳුළු බිඳුවක් දිවෙන් මුව තුළට ගත්තෙමි. 

අයියා ඔහුගේ ආසනයට හේත්තු වි සුක්කානම මතින් අත තබාගත්තේය. ඔහු එක්වරම දිගු සුසුමක් පිට කළේය.

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now