14

1.5K 200 87
                                    

සසේන් :


මා ඕස්ට්‍රේලියාවට පැමිණ පැය තුනකට පමණ පසුව මට දුරකථන ඇමතුමක් ලැබුණි. මල්ලි සියදිවි නසාගත් බව තාත්තා කීවේ ඔහුට කියාගත නොහැකි වූ හැඟීම් සමුදායක ගිලී බව මට සිතාගත හැකි වූයේ තාත්තාගේ හඬ ‌වෙව්ලමින් තිබුණු බැවිනි.

මට කිරීමට කිසිවක් සිතා ගත නොහැකි වූ තැන මම නැවතත් ඊළඟට ලංකාවට තිබූ ගුවන් යානයේ නැගී නැවතත් ලංකාව කරා ගියේ මගේ බඩු බාහිරාදිය සියල්ලම ගුවන් තොටුපළේ අතහැර දමායි. මල්ලි සියදිවි නසාගත් බව මට විශ්වාස කළ නොහැකි විය. මම ඊට කිසිඳු හේතුවක් හෝ නොදැන සිටියෙමි. 

ඕස්ට්‍රේලියාවට පැමිණ නැවතත් පැය දොළහක් ගත වද්දී මම සිටියේ කටුනායක ගුවන් තොටුපොළෙහිය. ටැක්සි රථයකින් නැවතත් නිවසට ගමන් ගන්නා අතරේ මම දුරකථනය ගෙන ලංකාවේ පුවත් නාලිකාවක් නරඹන්නට වූයෙමි.

මට මගේ මනස මා හැර දමා යන්නාක් මෙන් දැනුණේ ඔවුන් පුවත් වීඩියෝවෙහි භාවිතා කර තිබූ මාතෘකාව දැකීමෙනුයි.

"ප්‍රථිපල පැමිණීමට පැය තුනකට පෙර සියදිවි නසාගත් උසස් පෙළ ගණිත අංශ දිවයිනේ ප්‍රථමයා." 

මගේ මුවේ කෙළ සිඳී ගොස් තිබූ අතර පසුම්බියෙහි සතයක් හෝ ඉතිරි වී තිබුණේද නැත. මම නිවසට යද්දී මල්ලිගේ සිරුර නිවසට ගෙනවිත් තැන්පත් කර තිබිණි. මරණයට හේතුව වී තිබුණේ ඔහු මැණික් කටුව අසලින් කරගත් කැපුම් තුවාලයකින් නොකඩවා සිදු වූ රුධිර වහනයයි. මල්ලි හට හිමෝෆීලියා රෝගය තිබූ බව මම දැන සිටියෙමි. 


(A/N : noun: hemophilia

a medical condition in which the ability of the blood to is severely reduced, causing them to bleed severely from even a slight injury. The condition is typically caused by a hereditary lack of a factor, most often factor VIII.)


ඔහුගේ මළ සිරුර අසල වැළපෙමින් සිටි අම්මා දුටුවද මට කිරීමට කිසිවක් සිතාගත නොහැකි විය. 

මට මගේ සිතිවිලි පිළිබඳ හෝ සිතාගත නොහැකි විය. මම මිනුක කෙරේ තිබූ හැඟීම කුමක්ද යන්න මම දැන නොසිටියෙමි. මට ඔහුව අහිමි කර ගැනීමට උවමනාවක් නොතිබිණි. මිනාරා හා මා අතර ඇති වූ එක් දින සම්බන්ධය පිළිබඳව ඔහු දැනගත්තාද නැද්ද යන්න හෝ මම දැන නොසිටියෙමි. සියල්ල ‌හොඳින් සිදුවන්නට ඉඩ තිබිණි. මම නැවතත් ඕස්ට්‍රේලියාවට ගියේ විවාහ ගිවිස ගැනීමට නොව මල්ලිගෙන් ඈත් වී ඔහුට ඔහුගේ ජීවිතය නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් ලබා දීම උදෙසායි.

නමුත් දැන් ඔහු මා හැර දමා ගොස් ඇත. මම නැවතත් ලංකාවට පැමිණියාක් මෙන් මට නැවතත් ඔහු වෙතට යා යුතුව ඇත.

මිනුකගේත් මගේත් රහස් අප සමගින්ම වැළලී යා යුතුව ඇත. 

අපගේ කුඩා රහසිගත පුස්තකාලයට ඇවිද ගිය මම එහි තිබූ අඩක් දැවුණු ඉටිපන්දම් සහ පොත් දෙස අවසාන වතාවටත් බැලුවෙමි. 

මගේ අතක රැඳී තිබුණේ අප වෙනත් රාජකාරියක් උදෙසා රැගෙන ආ රතු පැහැ ලණු කැරැල්ලයි.



- නිමි -

____________

නැවතත් ඔබ වෙත.

2023. 07. 31


A/N : 

මාසෙත් ඉවරයි කතාවත් ඉවරයි.

හම්මෝ නේත?

වැඩිය ලිව්වේ නෑ. මටත් දැන් ජීවිතේ එපා වෙලා. 

මිනුකට කලින් මම මැරුනොත් මිනුක මැරෙන්න නැති නිසා මිනුකව මරලා මම මැරෙන්න තීරණය කළා.

හෙහෙ..

යන්නම් ඒනම්!

_සස්_


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now