පළමුව අපි ගියේ බැරිස්ටා අවන්හල වෙතටයි. උණුසුම් කැපුචිනෝ කෝප්පයට රස බලමින් දිනය ආරම්භ කිරීමේ අවශ්‍යතාව මට කලක සිට අවැසි වී තිබුණත් එය කිරීමට තරම් ශාරීරික උනන්දුවක් කිසිවිටක මා සතු නොවිණි. නමුත් දැන් අයියා සමගින් මම එළිමහනට විත් කාලය ගත කරමින් සිටියෙමි.
'අපි යමු අද දියත උයනට?' අයියා විමසූ විට මම ඔහු දෙස බැලුවෙමි.
මම ඔහුට රැවූයෙමි. 'එහෙ ගිහින් මොනවා කරන්නද?'
අයියා දෙවුර ඇකිළුවේය. 'ගෙදර ඇඳට වෙලා නිදාගන්නවට වඩා ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ෆොටෝස් ගන්න පුළුවන්. අත් අල්ලන් ඇවිදින්න පුළුවන්. තණකොළ ගොඩේ වාඩිවෙලා උඩ බලාගෙන ඉන්න පුළුවන්. එතකොට තව අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි,'
'කන එක.' මම වාක්‍ය සම්පූර්ණ කළෙමි.
'හරියට හරි.. කන එක!' අයියා ඇගයීමට ලක් කරන බැල්මකින් කියා මගේ සිත සැනසුවේය.
'එච්චරයි අඩුවට තිබ්බේ දැන්. ඒත් කමක් නෑ. කන්න දෙනවා නම් මොනවා කරන්න බැරිද කිව්වලුනේ.' මම හිස වැනුවෙමි.
බැරිස්ටා අවන්හලේ ගත කළ පැයට පසුව මම අයියාත් සමගින් දියත උයන බලා ගියෙමි. මුළු කාලය පුරාවටම අපි දෙදෙනා අතර වචන විස්සකට වඩා හුවමාරු නොවූ අතර මම මගේ දුරකථනයේ ගීත වලට සවන් දෙමින් කල් මරන්නට වූයෙමි.
අවසානයේ දියත උයන කරා ළඟා වූ විට අයියා මගේ අතකින් අල්ලා මට වාහනයෙන් බසින්නට සන් කළේය. අඩ නින්දේ සිටි මම දෑස් කසමින් වාහනයෙන් බැස ගත්තෙමි. හිරු පායා තිබූ උදෑසන කෙතරම් සුන්දර වූවත් මට කනවාට වඩා දෙයක් මෙතැනින් අවැසි නොවූ නිසා මම හිරු අගය කිරීමට මොහොතක් හෝ ගත නොකළෙමි.
'මොකද?' අයියා මගේ අතක් මිරිකුවේය.
මම දෙවුර ඇකිළුවේ මමවත් නොදන්නා බව හැඟවීමටයි. 'අනේ මන්දා. අයිස්ක්‍රීම් එකක් කන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා. අර බංකු තියෙන තැන අයිස්ක්‍රීම් කඩේ චොකලට් අයිස්ක්‍රීම් තියෙනවා.'
'ආහ්..' අයියා ප්‍රතිචාර දැක්වූවේය. 'මම හිතුවේ අයිස්ක්‍රීම් අරගෙන ඊට පස්සේ යන්න පොඩ්ඩක් ඇවිදින්න යන්න.'
YOU ARE READING
නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]
Romanceමිනුක තිසේන් පෙරේරා කියලා නොකිව්වම කවුද මං ගැන නොදැන හිටියේ? ඒ ලෙවල් මැත්ස් සෙක්ෂන් එකේ හැමදාම පළවෙනියා. ඕ ලෙවල් වලින් ලංකාවේ ඉලක්කම් දෙකක රෑන්ක් එකක් දාපු කොල්ලෙක්. ඉස්කෝලේ බාස්කට්බෝල් ටීම් එකේ කැප්ටන්. කොටින්ම කිව්වොත් ගැම්මට පපුව කෙලින් තියාගෙන...