12

1.1K 205 42
                                    

අයියා සමග ගත කළ ඒ රාත්‍රියෙන් පසුව මට දින දෙකක් පුරාවට හරි හැටි ඇවිද ගැනීමට නොහැකි තත්වයක් උදා වී තිබිණි. මගේ දෙපා හිරි වැටී තිබුණු අතර කොන්ද පෙදෙස දැඩි වේදනාවකට පත්ව තිබුණේ මට යමෙකු පොල්ලකින් පහර දුන් ලෙසකිනි. 

අම්මා පල්ලියේ පූජාවක් සඳහා බඩු මිලදී ගැනීමට පිටතට ගොස් සිටි ඒ උදෑසන අයියා හා තාත්තා එක්ව ටෝස්ට් කළ පාන් උදෑසන ආහාරය උදෙසා සකසා තිබිණි. රාත්‍රිය පුරා නග්න දැඟලීමෙන් පසුවත් අයියාට නැගිට යමක් කිරීමේ හැකියාවක් තිබීම මට සෑහෙන පුදුමය දනවන කාරණාවක් විය. 

තාත්තා කිරි කෝපි සාදන විටදී අයියා පාන් කැබැල්ලක්ද අතින් ගෙන මගේ කාමරයට පැමිණ ‌මගේ කොපුලක් මෘදු ලෙස සිපගෙන මා අවදි කළේය. 

'නැගිටින්න..' ඔහු මගේ නිකට යටින් තෙත හාදුවක් තබමින් කීවේය. 

මම අඩක් ඇස ඇර අයියා දෙස බලා අනෙක් පසට හැරීමට තැත් කරද්දී මගේ මුවින් හීන් කෙඳිරියක් පිට වූයේ දෙපාවලින් දැනුණු ඇදුම් කෑමේ වේදනාව නිසයි. මගේ යටිබඩ පෙදෙස කූඹි කෑවක් මෙන් ඇදුම් කමින් තිබිණි. 

'ඔයා එන්න පහළට. මෙන්න මගෙන් පාන් කෑල්ලක්.'  අයියා මගේ ඇඳ පසෙකින් පාන් කැබැල්ල තබා එතැනින් නැගිට ගියේය. 

මම මදක් වේලා ඇඳ මත අඩ නින්දේ වැතිර සිට ඉන්පසුව මුහුණ කට සෝදාගෙන පහළ මාලය කරා ගියෙමි. දත්බෙහෙත් රසය මුවින් යන තෙක් මුළුතැන්ගෙයි කැරකුණු මම ඉන්පසුව තාත්තා සෑදු කිරි කෝපි පෝච්චියෙන් කෝපි ‌කෝප්පයක් වත් කරගත්තෙමි. 

බටර් තවරා ටෝස්ට් කර ඒ මතින් විපින් ක්‍රීම් දමා ස්ට්‍රෝබෙරි, දොඩම් හා වෙනත් පලතුරු කැබලි තැබූ පාන් පෙති මේසය මත දුටු මට කටට කෙළ උනනා ආකාරය දැනිණි. 

'අද අවුසි ස්ටයිල් එකට කෑම ඉව්වේ.' අයියා කිව්වේ තවත් ටෝස්ට් කළ පාන් පෙත්තක් මගින් ඇපල් පෙති කිහිපයක් සහ ‌චොකලට් බෝල කිහිපයක්ද තබමිනි. 

මම ටෝස්ට් පෙත්තක් ගෙන එය කොණකින් සපා කෑවෙමි. 'ඇත්තටම කිව්වොත් ටෝස්ට් මුලින්ම හොයා ගත්තේ ක්‍රිස්තු පූර්ව හයවෙනි සියවසයේ ග්‍රීසියෙදි. දෙවිවරුන්ට පූජා කරන්න ඕන නිසා. ඒත් ඉතින් වචනේ නම් හැදිලා තියෙන්නේ ලැටින් වලින්. ඇත්තම වචනේ ටෝස්ටම්..' 

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now