13

1.1K 200 53
                                    

අපගේ පැසිපන්දු පුහුණුකරු නිතර අපගේ නිවැසියන්ට දුරකථන ඇමතුම් දීමට ආරම්භ කළ බැවින් මට නැවතත් පාසලේ පුහුණුවීම් කරා යෑමට සිදුවිය. මම මුලදී එයට පසුබෑවද පාසල් ගොස් උදෑසන හා සවස දෙකෙහිම පුහුණුවීම්වල යෙදීමෙන් මගේ මනස සීමා වී තිබූ කොටුවෙන් එහාට පැනගන්නට සමත් විය. අයියා සහ මා අතර තිබූ නමක් නොතිබූ සම්බන්ධය තවමත් නොනැවතීම තිබූ අතර මම මිනාරා සමගද පෙම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියෙමි.

සම්බන්ධතා දෙකක් පවත්වාගෙන යෑම පිළිබඳව මගේ ‌සිත මටම වදදුන් මුත් මම කිරීමට කිසිවක් නොදැන සිටියෙමි. අයියා සහ මා අතර තිබූ සම්බන්ධය මිනාරා සහ මා අතර තිබූ සම්බන්ධය මෙන් එකක් නොවීය. එය සම්පූර්ණයෙන්ම ආකාර දෙකක් වූ අතර මට දෙකෙන් එකක්වත් තෝරා ගැනීමට හෝ අතහැරීමට උවමනා නොවිණි.

දිනක් මම පාසලේ උදෑසන පුහුණුවීම් අවසාන වී නිවසට නොයා පාසලේම රැඳී සිට මගේ කණිෂ්ඨ ශ්‍රේණිවල ගුරුවරුන් සමග කතා බස් කරමින් පැයකක් දෙකක් පාසලේ කාලය නාස්ති කළෙමි. අපට වඩා වයසින් අඩු මා හඳුනන සිසුන් මට වරින් වර මුණ ගැසුණු අතර ඔවුන් සියලු දෙනා 'විභාගේ නම් ගොඩ නේද අයියේ' වැනි වදන් වලින් මා නහවමින් මට අතට අත දෙමින් මා සමග ප්‍රීතියෙන් කතා බස් කළහ.

කෙසේ මුත් එදිනෙන් පසුව මට එය පුරුද්දක් ලෙස දැනිණි. පුහුණුවීම් අවසාන වී මම පැයක් දෙකක් පාසලේ රැඳී ක්‍රීඩා බඩු අස් කොට, ශිෂ්‍ය නායකයන් හා ඔවුන්ගේ කටයුතුවලටද සහය වී, හමුවෙන සෑම ගුරුවරයෙකු සමගම කතාබස් කරමින් කාලය ගත කළෙමි.

විටෙක එය වදයක් ලෙස දැනුණද නිවසට වී අලස ලෙස කාලය ගත කරනවාට වඩා මට එයින් අමුතු ආකාරයේ මානසික තෘප්තියක් ලැබිණි. 

අයියා අපේ නිවසට පැමිණ වසරක් පමණ ගතවූ දිනෙක රාත්‍රියකදී අප සියලු දෙනා නිවාඩු පාඩුවේ කෑම මේසයේ ආහාර ගනිමින් සිටියෙමු. 

"මම ෆ්ලයිට් එකක් බුක් කළා අනිද්දට?" අයියා එක්වරම කියා සිටියේය.

මම අනමින් සිටි බත් කට මගක නතර විය. "මොකක්?" 

"මම වීසා හදාගත්තා අනිද්දට ආයෙත් ඕස්ට්‍රේලියා යනවා." අයියා සරලව කියා සිටියේ ඔහුට මගේ බිඳී ගිය හඬ නොදැනුණ ලෙසකිනි.

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now