මහව කෝච්චිය

1.1K 125 27
                                    

මම විශ්මික අබේවික්‍රම. කොල්ලොම තුන් දෙනෙක් ඉන්න පවුලේ හතරවෙනි විශ්මය වෙච්ච පිරිමි දරුවා මමයි.

ඇත්තටම අනිත් උන් තුන්දෙනා මට පන ඇරලා ආදරය කරත් මට උන්ව දැනුනේ නෑ කිව්වොත් හරි. ඒ සමහර විට හැමොම ගොඩක් මට ආදරේ නිසා වෙන්න ඇති. ඒක හින්දම මම ගොඩක් නපුරුයි කියලා අම්මා හැමදාම බනිනවා. ඇත්තටම මම නපුරුයි තමයි. පොඩ් කාලේ මම කකා ඉන්න කොට පිගානේ ඉතුරුවෙලා තියන බිත්තර කෑල්ලක් කෑව කියලා තුන්වෙනි අයියාට කකා හිටපු පිගානෙන් දමලා ගහලා ඔලුවත් පැලුවා. පව් තාමත් පොරගේ නලලේ ඒ කැලල ඉතුරු වෙලා තියනවා. දෙවැනි අයියා මම මිදුලේ සෙල්ලම් කර කර ඉද්දි හදලා තිබුන වැලි මාලිගාව පාගගන ගියා කියලා ගලකින් ගහලා ඔලුව පැලුවා. ඉස්කොලේ කාලේත් ගහ මරා ගැනිලි ඉවරයක් නෑ. මිනිස්සු ගෙදරටම ඇවිත් බැලනලා ගිය අවස්ථා නොසෑහෙන්න තිබුනා. ඒ කාලේ මම නිසා අම්මටයි අප්පච්චිටයි ප්‍රශ්න කෝටියයි.

දැන්නම් ඒ දඩබ්බර කාලේ මතක් වෙනකොට ගොඩක් දුක හිතෙනවා මගේ වැඩ ගැන. ඒත් මම මොන වගේ නපුරෙක් වුනත් හැමෝම මට ආදරය කලා. ඒ ආදරය හරිම පුදුමාකාරයි. මම ඒ අයට මොන විදිහට සැලකුවත් ඒ ආදරයේ අංශු මාත්‍රයක් වෙනස් වෙන්නේ නෑ කියලා මම හොදින්ම දැනගෙන ඉන්න නිසාද කොහෙදෝ මම එයාලගේ ආදරයට වැඩි වටිනා කමක් දුන්නේ නෑ කියලා මට හිතෙනවා.

ඉතින් දලඹුවා සමනලයෙක් වෙනවා වගේ අපේ ජිවිතත් ඉස්සරහට ඇදිලා ගියා. කොල්ලෝ හතරක් හිටිය පවුලේ අන්තිමට මමයි තුන්වෙනි අයියායි ගෙදර ඉතුරු වෙලා දෙනෙක් වුනා. අනිත් දෙන්නා බැදලා රට ගියා.

ඉතින් මේ මගේ ජිවිතය වෙනස් කල සංධිස්ථානයි.

*****************

හිතේ තියන සතුට හිතේ හිර කරගෙන මම පුලුවන් තරම් ඉක්මනින් නාගෙන කාමරයට දිව්වා. කුස්සිය ලගින් යනකොට දැනෙන අම්මා හදන කිරි බතේ සුවද මගේ කාමරයටත් දැනුනා. කොල්ලන්ගේ උගුරු දන්ඩ කැඩිලා රැවුල් කොට එක දෙක මතුවෙලා උරහිස් පලල් වෙලා එකී මේකී නොකී හැමදේම වෙලා ඉලන්දාරි වෙන කොට... සොරි සොරි වැරදුනා ඉලන්දාරි කියන්නේ ඉල්ලන් දැරියන් එහෙම නැත්නම් අන් සතු දැරියන් ඉල්ලන තත්වයට පත් වූ කියන එකනේ. සොරි ඒක වෙනස් වෙන්න ඕනේ අන්සතු පුතුන් ඉල්ලන වයස කියලා. ඉතින් ඒ මොනා හරි ඒ කාලේ වෙනකොට ගොඩක් කොල්ලන්ට ගොඩක් හීන තියනවා. ඒත් මගේ හීනය ඒ හැමෝටම වඩා වෙනස් උනා. ඇත්තටම ඒලෙවල් කරාට පස්සේ මගේ යාළුවෝ ගොඩක් අය එක එක කොසස් කරන්න දුවන කොට මගේ හිත ඇදිලා ගියේ ලස්සනට ඇදල කරලා යන අයියාලා දිහාට. වරදවා හිතන්න එපා අයියලටත් ආසා හිතුනා තමයි. ඒත් මම ආසාකරා ඒ විදිහට ඇදලා කරලා ජොබ් එකකට යන්න. ඉතින් ඒ හීනෙ හැබෑවක් කරගන්න අමාරු වුනේ නැ. රිසාල්ට් එන්නත් කලින් ජොබ් කරනවාට අම්මා කැමති උනේ නැති උනත් අප්පච්චි කිව්වා කමක් නෑ අඩු ගානේ එයාගේ පොකට් මනි වලට හරි එයා දෙයක් හම්බ කරගනීයී නෙහ් කියලා.

Gay Short-Story CollectionWhere stories live. Discover now