ඔෆිස් ඇරිලා එන ගමන් මගදි අහුවෙච්ච වැස්සෙන් හෙල්මට් එකයි ජැකට් එකෙනුයි ආවරණය වුන කොටස් ඇර අනිත් කොටස් හොදට තෙමිලයි තිබුනේ.... ඇදුම් ගලවලා දාලා සැහැල්ලු ෂෝටක් දාගේන ඇදට පැන්නේ දැනෙන තෙහෙට්ටුවට වගේම මේ වැහින වැස්සත් එක්ක මොහොතක් හරි ඇස් දෙක පියාගන්නම් කියලා හිතාගෙන......
"සුදු....ආපු ගමන් ඇදට පනිනේ නැතිව වැස්ස වැඩිවෙන් ඉස්සර වෙලා නාගෙන හිටහන් දරුවෝ......"
"අනේ බෑ අම්මා සීතලයි... තව ටිකක් ඉදලම නාගන්නවා...."
"ආ... අන්න මදුක පුතා ඇවිත් කියලා ගියා හවසට ඒ පැත්තේ එන්න කියලා... මොනවදෝ වැඩ වගයක් කරගන්න තියනවා කියලා කිව්වේ......"
මදුකගේ නම කියන කොට මාව නිකන් ගැස්සිලා ගියා... අම්මාට වැඩි වෙනසක් පෙන්නන්නේ නැතුව හිමිහිට මේසේ උඩ තිබුන බෑග් එක අරගෙන ඇතුලේ තිබුන ෆොන් එක එලියට ගත්තා... මිස් කොල් පහනක් විතර... විනාසයි අද බැනුම් අහල නෙවේ ගුටිත් කාලා නවතින්න වෙන්නේ...මම කෝකටත් මදුකට මැසේජ් එකක් දැම්මා...
"මගේ පන උඹ මොකද කරන්නේ......."
දාලා විනාඩියක් යන්න ලැබුනේ නෑ අනිත් අතට මැසේජ් එකක් ආවා....
"දැන්ද පකයෝ තොට මතක් උනේ...මොකද කරන්නේ අහන්නේ... මුකුත් කරන්නේ නෑ උඹව මතක් කර කර උඩ බලාගන අත් දෙක මාරු කර කර අතේ ගහනවා....පකයා...."
ඌට දන්න කියන කුණුහරප ඔක්කොම කියලා බනින්න දීලා මම අහගන හිටියා... මට හිනාව නතර කරගන්න බෑ.... පොඩ්ඩක් පත්තු කරලා දුන්නාම ඇති ඌ ගානට අවුල ගන්න දන්නවා... පිස්සා... ඒ ආදරයත් එක්ක මතුවෙලා එන කේන්තියට මම පට්ට ආදරෙයි...මට දැනෙන මටත් වඩා මාව ඌට අයිතියි කියලා ඒ දැනෙන හැගීමට මම ගොඩක් ආසයි....
ඉස්සර පාරෙදි හරි කොහෙදි හරි ලස්සන කොල්ලෙක් දැක්කොත් දෙපාරක්වත් හැරිලා බලනවා.... ඒත් දැන් එහෙම හිතෙන්නේ නෑ..... මොකද මට එකෙක් මම වෙනුවෙන් ජීවත් වෙනවා කියලා මගේ පපුවට දැනෙන නිසා... ඒ අහිංසකයා මට උගේ ජිවිතෙන් දෙන්න ඕන හැම දේම දීලා තියනකොට මට උගෙන් තොර ලෝකයක් ගැන හිතන්න බෑ.... උගේ ආදරය මාව ජිවත් කරවනවා.....