තවත් එක (අ)වර්ණ කතාවක්

1.9K 73 7
                                    

මම වැටෙන පොද වැස්ස අතරින් පන්තියට දුවගන ඇවිත් හති අරින ගමන් බැලුවේ ඇගට හරි ඇදුමට හරි මඩ විසි වෙලාද කියලා....

අලුත් පාසල් වාරයක අලුත් පංතියක අලුත් අවුරුද්දක අලුත්ම අලුත් බලාපොරොත්තු එක්ක පටන් ගහන්න ලස්සන දවසක්... ඒකත් මල් වැස්සකුත් එක්ක....

"බය වෙන්න එපා කුමාරයාගේ ඇදුමට මඩ විසිවෙලා නෑ.... බය නැතිව සැපත් වෙන්න...."

අචිනි පුරුදු විදිහට මාව බයිට් එක අරගෙන.. මට කියන්න දෙවල් හිතට ආවාත් මැඩම් ක්ලාස් එකට ආපු නිසා ඉක්මනට වාඩි උනා....මේ තරමයි මේ පාසල් ජීවිතේ තීරණාතරමක අවුරුද්ද.. ජිවිතේ අනාගතය තීරණය කරන තීරණාත්මක අවුරුද්ද... මොකද එකොලහ වසර කියන්නේ විශාල කඩයිමකට මූන දෙන කාලයක් වගේම ජිවිතේ බේරන්නම බැරි වයස් සීමාවේ හම්බ වෙන තීරණාත්මක කාලයක්.....

මැඩම් පාඩම පටන් අරගන යන කොටම ඔෆිස් එකේ වැඩකරන මිස් තව කවුරු හරි එක්ක ඇවිත් කතා කලා... ඒක ලොකු විශේෂයක් නැති නිසා මම පොත දිහා බලාගෙන හිටියා....

"ළමයි... මේ තමයි.... ඔයාලගේ පංතියට අලුතේන් එකතුවෙන් යාළුවා... මොකක්ද පුතේ නම...."

"ශෂින්....."

ඒ හඩ ඇහෙන කොටම නිකමට වගේ ඔලුව උස්සලා බැලුවා... අමුතුම ලස්සන කොල්ලෙක්... සියුම් ඊරිසියාවක් දැනුනා... මේ වෙනකම් මමයි මේ පන්තියේ හැන්ඩියා වගේම උසම කොල්ලා.. මූ ඒ රෙකෝඩ් දෙකම කඩලා... ඇත්තටම මූට වෙන ඉස්කොලයක් තිබුනෙම නැද්ද මන්දා යන්න...

"හරි ශෂින් ඔයා ගිහින් පංතියෙන් වාඩිවෙන්න.... ආ... අමෝෂ... පුතේ...."

පුදන කොටම කාපි යකා කියලා මැඩම් මාවමනේ මේ බිලි දෙන්න හදන්නේ...

"මැඩම්...."

"ශෂින්ව ඔතන එහා පැත්තෙන් ඉන්දවගන්න.... ශෂින්.... යන්න පුතේ ඔයා එතනින් ඉදගන්න..."

මම හිතින් බැන බැන මූනේන් හිනා වෙලා පුටුව ඉස්සරහට අරගෙන ඉඩ හදලා දුන්නා... මූ වාඩි වුනාට පස්සේ මට හැරිලා උගේ දිහා බලන්නවත් හිතුනේ නෑ... ඒත් හිතට අමුතු හැගිමක් දැනුනා.... කල්පනා ලෝකේ තනි වෙලා ශෂින්ට බැන බැන හිටපු මට එක පාරම කවුරු හරි අතට තට්ටු කරනවා දැනිලා ගැස්සිලා බැලුවා...

Gay Short-Story CollectionWo Geschichten leben. Entdecke jetzt