යාල් දේවීයෙන් ආ අමුත්තා

858 97 25
                                    

උතුර දකුන යා කරන යාල් දේවිය හැමදාමත් සුපුරුදු ගමන ආරම්භ කලා. ඒත් මට දැනුනේ ඒ ගමන යාල් දේවියට විශේෂයක් නොනුනට මට විශේෂ බවක් තිබුණා කියලයි. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය විදිහට යාල් දේවිය හදුන්වන්න පුලුවන්. තල් අරනත් දකුණු රටත් යාකල යාල් දේවිය ගොඩක් ප්‍රේම කතා වල දූත මෙහෙවර ඉටුකලා කියලා කිව්වොත් මම වැරදි නෑ. ඉතින් ඒ යාල් දේවියම මටත් මගේ ජිවිතේ වටිනාම දේ ගෙනල්ලා දෙයි කියලා මම හීනෙකින්වත්හිතුවේ නෑ. ඒ නිසාම අපේ ආදරණිය මතකයන් අතර හැමදාමත් යාල් දේවිය විශේෂයි. මේ අපේ ඒ ආදරණිය කතාවයි.

**********************

ආදරය කියන්නේ මල් සුවදක් වගේ කියලා හිතෙනවා. ඒ ආත්ම ගත හැගීම මේ ස්වභාදහම එක්ක බද්ධ වෙලා තියෙන්නේ. ජීවිතේ නිරායාසයෙන් හමාගෙන හුළගත් එක්ක මුසු වෙලා පාවෙලා යනවා වගේ දැනේනේ. ඒ වගේම සමහර දේවල් ජිවිතේට ඕන වෙලාවට විතරමයි සිද්ද වෙන්නේ. අනිත් අතට ඒ දුන්න දේ අරගෙන යන්නෙත් එයාට ඕන විදිහට, ඕනේ වෙලාවට , හරිම හිතුවක්කාර විදිහටයි. ඒක නිකම් හරියට අර හොදට මුල් ඇදලා තියන ගහක් හිතක් පපුවක් නැතිව උදුරලා ගලවගෙන යනවා වගේ දෙයක්.

ඉතින් මගේ ජීවිතේ කවදාත් ඒවගේ සුන්දර ආත්ම ගත බැදීම් තිබුනේ නෑ. ඇත්තටම තිබුනේ ශාරීරික බැදිම් විතරයි. එක අතකින් ඒක හරි සැහැල්ලුයි. මොකද ඉතින් මාළු පාන් කන්න ආසයි කියලා බේකරියන් ගන්න ඕනේ නෑනේ. ඔය හදලා තියන තැනකින් අරගෙන කෑවා. එච්චරයි. ඒ වගේ ගති ස්භාවය නිසාම මගේ ජිවිතේට විවිධාකාර අය ආවත් මට ඒ අය ගැන ලොකු හැගීමක් දැනුනේ නෑ. ඒ ආපු හැමෝටම පැය කීපයක තාවකාලික සතුටක් විතරයි ඕන වුනේ. අනික ඒ කිසිම කෙනෙක්ට මගේ ආත්මය විනිවිද බලන්න පුලුවන් ශක්තියක් තිබුනේ නෑ.

ඉතින්... හරි අහම්බෙන් අපි අදුරගත්තේ. ඇත්තම කිව්වොත් ෆේක් ලෝකේ කියන්නේ තනිකරම ෆේක්ම තමයි කියලා මම අද්දැකීමෙන් දන්නවා. මල්ලි කතා කරපු මුල්ම දවසේ ඉදලා කිව්වේ එයා ගෙදරට කොටු වෙච්ච කොල්ලෙක් කියලා. ඒ නිසාම එයාට ලොකු අසාවක් තිබුනා වැවකින් නාලා අනුරාධපුරේ හැම තැනම ඇවිදින්න. මුලින්ම එයා කිව්වේ ඒක වැරදියට හිතන්න එපා, අනම් මනම් මුකුත් බෑ කියලා.

Gay Short-Story Collectionजहाँ कहानियाँ रहती हैं। अभी खोजें