ප්‍රංශ පෙම්වතා - 01 කොටස

2.5K 160 31
                                    

යාන්තමට දැනෙන සීතලට මුසු වෙච්ච ලා ඉර එලිය බැලූ බැල්මට ඇහැට පෙනෙන නොපෙනෙන මායිම තෙක් ඇති කොළ පැහැයෙන් පිරිච්ච පරිසරයම වසාගෙන තිබුනා. පසෙකින් තිබුනු හොදින් සරුවට හැදුනු මිදි වගාවට සීතල පිනි වැටිලා ඉර එලියත් එක්ක ලස්සනට දිලිසුනා. ගන්න හුස්මක පවා පිරිසිදු, සිතල සහ නැවුම් ගතියක් තිබ්බා. යන්තම් ඉර එලිය වැටුනත් රස්නයක් දැනෙන්නේ නැති තරමට අවට පරිසරය සීතලෙන් වෙලිලා තිබ්බා.

මම හැමදාම වගේ අදත් උණුසුම් කොපි කොප්පයත් උස්සගෙන පුරුදු තැන වාඩි උනේ මේ සොදුරු සිත නිවන දසුන බලන්නමයි. තනි වෙන හැම මොහොතකම වගේ අදත් මගේ හිත ඇතුලේ හැංගිච්ච අතීතයේ මතක සෙවනලි වලින් මගේ හිත වැහිලා ගියා.

"ආ..... මේඩ් ඉන් ශ්‍රීලංකා.......මම හිතුවා මෙතන ඇති කියලා.."

හිත ඒ අතීතයට යන්න හදනකොටම ටෙරන් මගේ උරහිසට ගහන ගමන් ලගින් වාඩි උනා. ටෙරන් ක්ලාක් කියන්නේ මගේ හොදම යාළුවා වගේම මගේ රූම් මේට්. දුක සැප බෙදාගන්න මට ඉන්න එකම යාළුවා.

"රෙහාන් මොකෝ? ආයෙමත් ගත මෙතන තියලා හිතින් පියාඹලා ලංකාවට ගියාද? ඇත්තටම මම බොරුවට නෙවේ නෙහ් කියන්නේ උඹලා මහා ඕවර් ඉමෝෂනල් ජාතියක් කියලා. ඇයි බන් අපි වගේ පවතින ස්භාවය අනුව වෙනස් වෙන්න බැරි?"

"අනේ මේහ්.! සැන්ඩි වෙච්ච උඹ කොහොමද මට එහෙම කියන්නේ?"

"මොකක්? කවුද යකෝ සැන්ඩි වුනේ?"

"ඇයි උබේ අම්මා ඉන්ඩියන්. තාත්තා කැනේඩියන්. ඉපදෙනකොටම උඹ සැන්ඩි වෙලා තමයි ඉපදිලා තියෙන්නේ."

"නොදකින් බුරුවා.! ඇත්තටම මම මේවා අහල මදි. ලංකාවෙන් එන කොට හොටු පෙරාගෙන ආවේ. මම තමයි නාවලා කරලා මගේ රූම් එකේම නවත්ත ගෙන මොඩිෆයි කරලා ගත්තේ. අඩුම ගානේ මෙහේ භාෂාවත් කතාකරන්න පුලුවන්ද කියහන්කෝ එනකොට?"

"අම්මෝ.... මේන් වැන්දා මගේ ප්‍රංශ කුමාරයාට. පොඩ්ඩක් අවුස්සන්න කිව්වේ බන්."

"ඇත්තද.! මට ඇවිස්සෙන්න ගියහම ඔහොම නෙවේ. උඹ දන්නවනේ.! එත් උඹ මගේ ටෙස්එක නෙවේ."

"අම්මෝ ලොකු දෙයක්.!"

"හරි හරි... මේ පොඩි වැඩක් තියනවා. ඕක බීලා ඇතුලට වරෙන් ඉක්මනට "

Gay Short-Story CollectionWhere stories live. Discover now