ඇගට දැනෙන වේදනාව අඩුවෙන්න බෙහෙත් පෙති දෙකක් ගිලලා ඇදට වැටුනත් වේදනාව නම් අඩුවක් උනේ නෑ....
කොයි පැත්තට හිටියත් බඩ කොරවෙලා වගේ දැනෙන වේදනාව උහුල ගන්න බෑ... ඇග ඇතුලේ මස් තැලිච්ච වේදනාවට මුලු ඇගම කැක්කුම් දෙනවා..... ඉවසන්න අමාරු නිසා නිකම්ම මට කෙදිරි ගෑවෙනවා..... එක පාරටම වීදුරුවක් බිදෙන සද්දේත් එක්ක ඇගේ වේදනාවටත් එක්ක මට හොදටම යකා නැග්ගා..... ඇයි යකෝ මේ ගෙදර කනක් ඇහිලා පොඩ්ඩක් නිදහසේ නිදාගන්න බෑනේ.... නැගිටලා යන කොට වේදනාව ඩබල් උනත් තරහ ඊට වඩා වැඩියෙන් හිතට දැනුනා.... ඒ මගේ ගැනම ඇති වෙච්ච තරහද නැත්නම් නින්ද කැඩුව නිසාද කියලා තොරගන්න බෑ.....
"මොකද... හුත්තෝ කරන්නේ... පොඩ්ඩක් නිදහසේ නිදාගන්න දෙනවකෝ පකයෝ..."
"අනේ අනේ සොරි ඉරොන් අයියා.... මේ.... පිගන් හොදන කොට විම් නිසා පිගාන අතෙන් ලිස්සලා ගියා....."
සකුන් ගැස්සිලා වගේ කිව්වත් උගේ බැල්ම සාමාන්‍ය උනා... මොකද ඇගේ ඇදුමක් වත් නැතිව උපන් ඇදුමෙන් ඇවිත් මම කෑගහන එක මූට දැන් සාමාන්‍ය වෙලා......
තරහ ගිහින් මම කෑගහන කොට ඒවා අහගෙන ඉන්නත් මගේ දුක සැප බෙදාගන්නත් ඉන්න මගේ ගමේ අති ජාත මිත්‍රයා තමයි සකුන්... කොළඹ ජොබක් සෙට් වෙලා බෝඩින් වල දුක් විදින කොට මේ පාලු මාලිගාවේ පාලුව මකා ගන්න, අඩුම තරමේ කට හඩවත් ඇහෙන්න මනුස්සයෙක් ඉන්න ඕන නිසා මම කොල්ලව මෙහේ නතර කරත්තා... ඒ වගේම ඌ තමයි දැන් මගේ වේදනාවල් වගේම වැඩි හරියක් රැවුම් ගෙරවුම් වලට මූන දෙන්නේ.... ඌට ගානක් නෑ ඌ දන්වා මට මල පැන්න වෙලාවෙට ඔහේ කියලා දැම්මට මගේ පපුවේ මුකුත් නෑ කියලා....
"නිදාගන්න දියන් බන්.... පාන්දර හතරයි ගෙදර එන කොට...."
"හරි හරි පොඩ්ඩක් කට හෝදගෙන කිරි එක බීලා ආයේ නිදාගන්න... මම විනාඩි පහෙන් මේ ටික අස්කරලා වැඩට යන්න ඕනේ....."
"හරි හරි... කෝ දියන් ඕක...."
මම කට සොදලා සකුන් දුන්න කිරි එක අරන් එන්න හැරුනා.....
"ගොඩක් ආමාරුද බන්..... "
මම යන්න හැරෙන කොට සකුන් අහපු දෙයින් අඩන්න බැරි කරමට මම හිනා උනා......