මගේ හද ගැස්ම නුඹයි

617 75 7
                                    

හිත අස්සේ හිරගෙන ඉන්න හැගිම් වල පීඩනය දාරාගන්න බැරි තරම්...

ඒ නිසාම... දකින එකෙක්ට ඕන මගුලක් කියලා මම ඇස් කෙවෙනි වලට එකතු වෙන කදුළු පිට වෙලා යන්න ඉඩ ඇරියා.... හිතට දැනෙන වේදනාව කියාගන්න බැරි තරම්... ගෙවිච්ච ජිවිතේ ගෙවුනේ හරිම නීරස විදහට.... ඒත් ඉදලා හිටලා මගේ පිස්සු යාළුවෝ එක්ක රවුමක් ගැහැව්වොත් ඇරෙන්න වෙන කිසිම හැගීමක් දැන් දැනෙන්නේ නෑ...

මගේ ජිවිතේට අයියා ආවේ මම මගේ පලවෙනි ආදරෙන් විතරක් නෙවේ ජිවිතෙනුත් පරා වෙලා ඉන්න වෙලාවක...මාව පරසක්වල ගැහැව්වත් ආයෙනම් මේ පපුව ගැහෙනකම් කාටවත් ආදරය කරන්නේ නෑ කියල මටම දිවුරලා පොරොන්දු වෙලා හිටපු වෙලාවක....

එක මොහොතක එක අහිංසක බැල්මකට මගේ හද ගැස්ම වෙනස් කරන්න තරම් එයාගේ ආදරය ගොඩක් ශක්තිමත් උනා....ඒත් සසරේ කරපුවා විදන්නම වෙනවා... හැබෑ ආදරය ජිවිතේට එන කොට මගේ ජිවිතේ අයුෂ අඩුවෙලා...

ඒ අහිංසකයා මගේ ජිවිතේ උඩුයටිකුරු කලා.... කොන්දේසි විරහිතව මේ වදකාරයාගේ භාරකාරයා, ආදරවන්තයා විතරක් නෙවේ මාව අම්මා අප්පච්චි ව‍ගේ බලාගත්තා.... ඒත් දෛවය හිතපු නැති තැනකට මාව ආයිමත් ගෙනල්ලා දාලා..... මේ වේදනාව ඒ පපුව බදාගෙන අඩලා ඉවරයක් කරන්න හිතුන වාර අනන්තයි... ඒත් මම කොහොමද ඒ හිතට දුකක් දෙන්නේ... මොකද මට වඩා එයා මට ආදරය කරනවා කියලා දැන දැන මම කොහොමද මේ දුක එයාට දෙන්නේ.... එහෙම උනොත් මටත් වඩා එයා කඩා වැටෙනවා.... ඒක මට දරා ගන්න බෑ..... මට පොඩි උණක් හැදුනත් මහා ලොකු ලෙඩක් වගේ පොඩි වැඩක්වත් මට කරන්න දෙන්නේ නැතිව ලගම ඉදන් මාව බලාගන්න ඒ අහිංසකයට මේක කොහොම දැනේවිද....

අනික මගේ පලවෙනි ආදරය වෙනුවෙන් වස බිලා ජිවිතේ නැති කරගන්න ගිහින් ඒවයේ පලවිපක නිසා උබේ ආදරය මැරෙන්න යනවා අයියේ කියලා කියන්නද....

"සඳරැස් සඳකැළුම් බංඩාර"

එක පාර නර්ස්ගේ හඩින් මාව ගැස්සිලා බැලුනා... ඇස් දෙක පිරිලා තියන කදුළු පිහදගෙන ලගට යන කොට ඒ මිස් මගෙන් කිසිම දෙයක් ඇහැව්වේ නෑ....

"මිස්...."

"ඇතුලට ඇවිත් වාඩි වෙලා ඉන්න....."

සීතලින් පිරිලා තියන රූම් එක ඇතුලේ මට දාඩිය දානවා වගේ.... යාන්තමින් ෆෝන් එක රින්ස් යනවා වගේ දැනුන නිසා බැලුවා... අයියගෙන් මිස් කෝල් පහලවක් විතර... මැසේජුත් ඒවගේම....ඩොක්ටර් තවම ඇවිත් නැති නිසා මම හිමිට ඇවිත් තිබ්බ මැසේජස් ටික බැලුවා......

Gay Short-Story CollectionWhere stories live. Discover now