ප්‍රංශ පෙම්වතා - 02 කොටස

67 11 1
                                    

කාලයත් එක්ක දවසින් දවස මම මේ සුන්දර ප්‍රංශයට පුරුදුකාරයෙක් වගේ හැඩගැසුනා. වයින් ගබඩාව ඇතුලේ ආතල් එක වැඩි වෙලා ඒක ඉවසගන්න බැරිව කෑගහන උන් දැක්කත් නොදැක්ක ගානට උන්ට ඩිස්ටර්බ් වෙන්නේ නැති වෙන්න වැඩ කරගෙන ගියා.

ඇත්තටම උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරහන්. එහෙමත් නැත්නම් මට පිස්සු කියපම්. මොකක් කිව්වත් කමක් නෑ. ඒ ආදරණිය සිප ගැනිම මගේ හිතේ අච්චර දවසක් ලොකු පෙරලියක් කරපු ඒ කායික අවශ්‍යතාවය නැතිකරලා දැම්මා. ඒ වෙනුවට තිබුනේ එයා මවා හොයාගෙන එයි කියන පුංචිම පුංචි බලාපොරොත්තුවක් විතරයි.

ඇත්තටම මට පිස්සු නේද?

හැමදාමත් වගේ වැඩ ඇරිලා එන ගමන් අපි හම්බවු තැනට යන්නේ පුරුද්ට වගේ. ඒ යන හැම වතාවෙම අරන් යන ගිය රොසමල් එදා අපි දෙන්නා තනිවුන අදුරු මුල්ලේ තියලා ටිකක් වෙලා ඉදලා මෝඩයෙක් වගේ අඩලා ආපහු කාමරයට එන එක මට දැන් පුරුද්දක් වෙලා. ඇත්තටම මම එයාට ආදරෙයි. මම එයාගේ නමක් දන්නේ නෑ. අඩුම ගානේ ඒ මනුස්සයාගේ හිතේ මම ගැන මොනවා තියවද කියලවත් මම දන්නේ නෑ. එත් එක දෙයක්මම දන්නවා. මම එයාට පිස්සුවෙන් වගේ ආදරය කරන්න අරගෙන.

************************

වෙනදා වගේම අදත් මම ටෙරා කැමතිම ජාතියේ පීසා එකකුත් අරගන කාමරේට එන කොට ටෙරා නාලා කරලා තුවාය පටලවගෙන හෝ ගලා කාමරේ සුද්ද කරනවා.

"ආ.... අදත් හොද මගුලක් නටලා වගේ.!"

වෙලාවකට හිනාත් යනවා මුගේ වැඩ වලට. ඩස්බින් එකේ පාවිච්චි කරපු කොන්ඩොම පහ හයක්.

"ඇයි මොකෝ ඩස්බින් එක දිහා බලන්නේ? මැජික්ද?"

"නෑ උඹ ගිනස් වාර්තාවක් පිහිටුවන්න හදනවද කියලා බැලුවේ. අනික අර වගේ අගල් දහයක් විතර දිග දඩ සයිස් මේඩ් ඉන් ඇමරිකා භාණ්ඩයකට මෙහෙම පස් හය වතාවක් එක දිගට අල්ලගෙන ඉන්න සාමාන්‍ය මිනිහෙකුට බැ. උඹනම් දෙවියෙක් බන්.!"

"අනේ මේහ්... මම උඹට කිව්වයි කියලා හිතාගනනින්. ජිවිතේ විදින්න තියන තරුණ කාලේ මුකුත්ම නොකර වේලි වේලි... මොනාද බන් උඹට වෙලා තියෙන්නෙ.... ජිවිතේ තියෙන්නේ විදවන්න නෙවේ විදින්න... ආපු මුල් දවස්වල හූල්ල හූල්ල අඩ අඩ අර ලංකාවේ එකෙක් ගැන වැලපුනා... යන්තම් ට්‍රැක් එකට වැටීගන එන කොටම කොහෙදෝ යන කුඩු කාරයෙක් එක්ක....."

Gay Short-Story Collectionजहाँ कहानियाँ रहती हैं। अभी खोजें